හතළිස්වන පරිච්ඡේදය

Bắt đầu từ đầu
                                    

එසේ වුවද ඔහුගේ සිත දිනෙන් දිනම ඔහුටද අකීකරුව යමින් සිටියේ ඔහු තව දුරටත් අසරණ කරවමිනි.සිය අසලම ගැවසෙන ඔහු සිය තුරුලට තද කොට ගැනීමට,හෝරා ගණනක් වුවද ඔහුගේ දෑස දෙස බලා සිටීමට,ඔහු මත සිය දෙතොල් මෘදුව තද කිරීමට,ඒ වත සිය ළයමඩලේ උණුසුම සොයමින් තමා තුරුළට වැදෙනවා දැනීමට ඔහු නොඉවසිල්ලෙන් සිටියේය.හැඩි දැඩි සෙන්පතියෙකු වුවද ඔහු මේ වන විටත් එම ගුප්ත කොලුවා ඇසුරේ දියව යමින් සිටියේය.

එය හුදෙක් ප්‍රේමයක්ම නොවීය.එය තුළ කිසිදාක නොනිමෙන ආරක්ෂාවක් ගැබ්ව තිබිණ.කිසිවෙකුත් කිසිවෙකුගෙන් මෙතෙක් නොලද සෙනෙහසක් ගැබ්ව තිබිණ.ඔහුගේ රුව දුටින වාරයක් පාසා ඉහළ නැංවෙන නුරාගික මෙන්ම රාගික ආශාවක් ගැබ්ව තිබිණ.කිසිවෙකුත් ඉදිරියේ නොසැලුනු ඔහුගේ සිත රුද්‍රාර ඉදිරියේ බොළඳ වෙමින් පැවැත්නේය.

වෘකයෙකු සිය ජීවිත කාලයටම එකම සහකරුවෙකුට ප්‍රේම කරන්නාක් මෙන් සිය සහකරුවාගේ සතුට ඔහුගේත් සතුටම වනවාක් මෙන්,ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් සිය දිවි පිදීමට හෝ සූදානම්ව සිටින්නාක් මෙන් රුද්‍රාර මේ වන විට ධ්වජේශ්වර ගේ පරිභ්‍රමණ ලක්ෂය බවට පත්ව සිටියේය.ධ්වජේශ්වර හට රුද්‍රාර සෑම විටෙකම හදට සැනසුමක් මෙන්ම නෙතට රසඳුනක්ම වීය.

_______________________________________

දිනක් තිස්සේ තමාට දැනෙන නොසන්සුන්කාරී බව කුමක්දැයි රුද්‍රාර කල්පනාවට නැගුවේ සන්ධ්‍යා දේශනයට පිය නගනාතරතුරය.උදෑසන දේශනය අවසානයේ පැමිණ ධ්වජේජේශ්වරගේ ඇප උපස්ථාන වලට කැපවීමෙන් පසු ඔහු සන්ධ්‍යා දේශනයට යමින් හුන්නේය.වෙනදා මෙන් නොව ධ්වජේශ්වර ඇසුරේ සිටි දින කිහිපය තුළ රුද්‍රාර හට එකඳු දේශනයක්වද මගහැරීමට ධ්වජේශ්වර ඉඩ තැබුවේ නැත.දේශනය සහභාගී වී නැවත පැමිණීමෙන් අනතුරුවද ඔහු දේශනයේදී අධ්‍යාපනය ලද දෑ පිළිබඳ සොයා බැලූ ධ්වජේශ්වර නිසායෙන් ඔවුන් අතර දින කිහිපයකදීම වදන් හුවමාරු වීම් මෙන්ම ගැටුම් ඇති වූවද පසුබැස්සේ නම් ධ්වජේශ්වර නොවේ.අවසානයේ ධ්වජේශ්වරගේ ආධිපත්‍යමය හැසිරීම් හා පළිගන්නා සුලු දඬුවම් හමුවේ මුව වසා ඔහු පවසන්නකට එකඟ වීමට රුද්‍රාර හට සිදු වී තිබිණ.මේ සියලුම ඉවසීම් සිය රාජකාරිය සිදු කොට මෙයින් පිටත්ව යන තෙක් පමණක් යැයි සිතා සිය සිත සනසාගත් රුද්‍රාර මේ වන විට බුම්මා ගත් වතින් වුවද ධ්වජේශ්වරගේ වදනට තරමක් දුරට කීකරු වී සිටියේය.

_🔥භවාන්තර🔥_ [Historical BL]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ