01. කවායි!

Start from the beginning
                                    

ආආආආහ්හ්හ්හ්හ්.

කවදහරි මේ මනුස්සයා නොකියම මෙහෙම කරද්දි මම හාට් එක ගහල ගිහිල්ලා මැරෙනවා. මාව රතු වෙන්න ඇති මට හොදටම ශුවර්. ටෙටේ මගෙ දිහා බලන් හිටියෙ කන්න වගේ.

"ගුම්මෝනිම්. මං ඊයෙ කිව්ව එක ගැන එච්චර හිතන්න එපා තේ .. හරිද?"

"මං මොනව හිතන්නද? යං.. " තේ මගෙ කරෙන් අත දාගත්තම අපි දෙන්නම කෝට් එකෙන් ඈතට යන්න හැදුවත් මම දැක්කා ටේහ්‍යුන්ගෙ ඇස් දෙක අරයවම හොයනවා.

"ඔයා එයාට එච්චර කැමතිද ටේහ්‍යුන් ?!"

මම එහෙම හිතුව විතරක් වුනත් ඒක මට කියවිලා.

එයා ආයෙත් මගෙ දිහාම දිලිසෙන ඇස්වලින් බලන් ඉදලා "කවායි.." කියල මගෙ කම්මුලක් මිරිකුවා.

අම්මෝ ඒක කියද්දි එයාගෙ කටහඩ!! ඒක මාරම ගැඹුරුයි. මගෙ ඇගේ හිරිගඩුත් පිපුනා ඒ කියපු තාලෙට.

මට තේරෙන්නෙ නෑ එයා මට ආදරෙත් නැත්තම් නම් ඇයි හැමවෙලේම මගෙ අසරණ කම්මුල් මිරික මිරික කිස් කර කර එව්වට වද දෙන්නෙ??!!

මං කලේ එතනින් දුවලා යන එක.

මම කෙලින්ම නැවතුනෙ සයන්ස් ලැබ් එකේ. එවෙලේ කවුරුත් එතන හිටපු නැති නිසා මම ඒක අස්සට රිංගගත්තා.

මම ඇඩුවෙ නෑ. මට ඇඩුනා.

ටේහ්‍යුන් වෙලාවකට කරන දේවල් නිසා මට මාවම පාලනය කරගන්න බෑ. මගෙ හිත තවත් එයාට ආදරේ වෙනවා.

ඒත් එයා ආදරේ කරන්නෙ අර වොලිබෝල් ගහන හැන්ඩ්සම් හ්‍යුන්ටනෙ. හ්‍යුන් දන්නෙත් නෑ ටේ ගැන. එක අතකට බැලුවොත් ටේත් එයාගෙ ආදරේ නිසා විදවනවා.

මම දෙයක් එවෙලේ හිතාගත්තා. ටේට එයාගෙ ආදරේ හිතේ තියන් මම වගේ දුක් විදින්න ඉඩදෙන්නෙ නෑ. මොකද ඒක ගොඩක් රිදෙන හැගීමක්.

මම ඒ හ්‍යුන්ට කියනවා ටේ එයාට ආදරේ කරනවයි කියල.

.

.

.

.

.

.

ජිමින්.. මොකෝ මූණ එල්ලන් ළමයෝ.." මිසිස් ජියෝන්-අපේ සාහිත්‍ය ගුරුතුමිය මගෙන් ඇහුවා.

මම කවුරුවත් එවෙලේ බලාපොරොත්තු වුනේ නැති නිසා එයාගෙ කටහඩට මාව ගැස්සෙනවා මැඩම් දකින්න ඇති.

මම කදුලු අල්ලෙන් පිහදගෙන එතුමියට හිස නවලා අචාර කලා.

"ගුඩ් මෝනින් මැඩම්.."

"වෙරි ගුඩ්මෝනින් ජිමින්.."

මැඩම් මගෙ දිහාම ටික වෙලාවක් බලන් ඉදලා දෙයක් මතක් වුනා වගේ ලොකු හුස්මක් ගත්තා.

"මගෙ පුතා හැම වෙලේම ඔයා ගැන කියනවා ජිමින්.."

මිසිස් ජියෝන් එතන මේසයක් උඩ තිබ්බ පේපර් මිටියක් අරගන්න ගමන් කියද්දි මම කල්පනා කලේ කව්ද මැඩම්ගෙ පුතා කියලා.

මොකාආආආආආආ?!!!!!??!!

අර- අර කොල්ලා...

එයා ඇයි මම ගැන කියවන්නෙ?

"මොනාද මැඩම්.."

"ඔයා ගොඩක් කියුට් කියල හැමවෙලේම කියනවා. අර කිව්වත් වගේ ඔයා හරිම  හුරුබුහුටි කොල්ලෙක්නෙ ජිමින් .. "

මැඩම් එහෙම කියල මගෙ දිහාවට තවත් පේපර් මිටියක් දික්කලා.

" මට මේ ටික ගෙනියන්න පොඩි උදව්වක් දෙනවද?"

" මට මේ ටික ගෙනියන්න පොඩි උදව්වක් දෙනවද?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

2022.05.09

#tt

kawaiiWhere stories live. Discover now