"කවුද කියලා මතකද ඔයාට?"

ටිකකින් පොලිස් ඔෆිසර්ලා ගියාම ජන්කුක්ට ජින් නින්ද යන බෙහෙත් දුන්නේ තවමත් එයාට ටිකක් රෙස්ට් කරන්න දෙන්න ඕන නිසයි...

ඇත්තම කිව්වොත් පොලිස් ඔෆිසර්ලා අහපු හැම දෙයකටම ජන්කුක් කටින් නොවුනත් උත්තර දුන්නා...

ඒ වගේම එයා එයාට කරදර කරපු අයගේ පොටෝස් පවා අදුරගෙන එයාලට සහයෝගය දැක්වූවා...

ඒත් වාසනාවට ජන්කුක් පෙන්නපු කිසිම කෙනෙක් ජීවතුන් අතර උන්නේ නම් නෑ...

සතියක කාලයක් ගත උනේ ජන්කුක් හොස්පිට්ල් එකේම ඉදන් ප්‍රතිකාර ගද්දීමයි... ප්‍රතිකාර අවසන් උනාම පුංචි ජන්කුක්ට නැවතත් අර අපායට නම් යන්න උනේ නැහැ...

මොකද එයාට උන අපරාදය ගැන ඒ වෙද්දිත් නම්ජූන් අවශ්‍ය දේවල් හදලා තිබුන නිසා... ඉතින් ජන්කුක්ව මානසික රෝගී දරුවෙක් විදිහට ආපහු වතාවක් මානසික රෝහලට දැම්මා...

හැම උදේකම, හවසකම ටේහ්යුං ඇවිත් ජන්කුක්ව බලලා යනවා... ජන්කුක්ගේ එකම සතුට ඒක උනා...







"ටේ අපිට එයාව හම්බුනා" දුවගෙන ආව ජින් ටේහ්යුංට කිව්වා...

"මොකක්? ඒ කොහොමද?" ටේහ්යුං ඇහුවේ පුදුමයෙන්...

"කැනඩා වල සම්මන්ත්‍රණයකදී තමයි හම්බුනේ... මං එයාට තත්වය විස්තර කරා... මුලදී අකමැත්තක් පෙන්නුවත් ජන්කුක් ගැන කිව්වම කැමති උනා" ජින් ලෝක වාර්තාවක් තිබ්බ කෙනෙක් වගේ සතුටෙන් කිව්වා...

"එයා එන්නෙ කවද්ද?" ටේහ්යුං ඇහුවා...

"එන්නෙ නෙවෙයි එයා ඇවිත්
ඉන්නේ" ජින් කෙලින්ම දොර ලගට ඇවිදගෙන ගියා...

දොරෙන් එලියට ඔලුව දාපු ජින් කෙනෙක්ට කතා කරලා ඒ කෙනාට ඇතුලට එන්න දොර අල්ලගෙන උන්නා...

අවුරුදු 50 ක් පමණ වයසැති පිරිමි පුද්ගලයෙක් ඇතුලට ආවම ටේහ්යුං එයාගේ පුටුවෙන් නැගිටලා මානසික වෛද්‍යවේදී කිම් ජේහෙයුන්ට ආචාර කලා...

ටේහ්යුං මීට ටික කාලෙකට කලින් news paper එකක article එකක් දකිනවා මානසික රෝගීන්ගේ දෙවියා කියලා කෙනෙක් ගැන තියෙන...

🔪KILLER BUNNY🔪 |TK|✔Where stories live. Discover now