chapter 04

1K 269 42
                                    

I'm so sick of this fake love, fake love, fake love
I'm so sorry but it's fake love, fake love, fake love....

~BTS~
FAKE LOVE

වාහනේ දෙදරලා යන තරමට සිංදුවකුත් දාගෙන ඒ සද්ධෙටම කෑ ගගහා ටේහ්යුං මේ යන්නේ සුපර් මාකට් එකට...

එද්දී ගේන්න කිව්ව කිරි එකයි, එලවලුයි දාල ආව නිසා මහන්සිය ගැන නොතකා ටේහ්යුංගේ හොදම යාලුවෙක් උන ජින් ටේහ්යුංව එලියට දාලා දොර වැහුවා... තරහට දොරට කකුලෙන් ගහන්න ගිහිල්ලා ඇගිල්ලකුත් උලුක් කරගෙන දැන් ටේහ්යුං ඕන කරන දේවල් ගේන්න ආපහු වතාවක් සුපර් මාකට් යනවා...

"සර් ගාන වොන් 970 යි" කැශියර් එකේ උන්න ගර්ල්ට සල්ලිත් දීලා ටේහ්යුං සුපර් මාකට් එකෙන් එලියට බැස්සා... හොද හුස්මක් පපුව පිරෙන්න උඩට ඇද්ද ටේහ්යුං ඊලගට හුස්ම පහතට දාන්න උනේ නෑ කවුද මංදා කෑ ගහනවා ඇහුනා...

මේ දවස් වල ටේහ්යුංගේ හිතේ තිබ්බේ අමානුෂික ඝාතකයා ගැන නිසා බඩු මල්ලත් එතනම අතෑරිය ටේහ්යුං දුවගෙන ගියේ කෑ ගැහිල්ල ඇහුනු පැත්තටයි... ටේ යද්දිත් පරක්කු වැඩී කෙල්ලෙක් කපල දාල තියෙන බොඩි එකක් බදාගෙන හොදටම අඩනවා...

"අනේ මට සමාවෙන්න... ඔයා වැරදි නෑ අනේ... ආපහු එන්නකෝ මහත්තයා...මං ආපහු බනින්නේ නෑ ගෙදරින් යන්නෙත් නෑ ඔයාගේ දේවල් ගැන හොයන්නෙත් නෑ ප්ලීස් ආපහු කතා කරන්නකෝ... ඔයාට මාව ඇහෙනවද? ප්ලීස් මං දිහා ඇස් ඇරලා බලන්න මා දිහා බලන්න මහත්තයා..."

බොඩිය බදාගෙන අඩන ගෑනු කෙනා pregnant කියලා තේරුම් ගන්න ටේහ්යුංට වැඩි වෙලාවක් ගියේ නෑ... උදරය ඉස්සරහට නෙරා ඇවිත් තියෙන විදිහට මාස 7 ක 8 ක දරු ගැබක් වෙන්න ඕනා කියලා ටේ දැනටමත් නිගමනය කරලා ඉවරයි...

ටේහ්යුං ඉක්මනටම පොලීසියේ අයටයි, ambulance එකකටයි කෝල් කරලා ටිකක් වටේ ඇවිදලා බැලුවා... ම'ඩ' වෙලා තිබ්බ වීදියත්, සුපර් මාකට් එකත් අතර තිබ්බ තවත් වීදියක පොඩි ලමයෙක්ව වට කරගෙන ඉන්න මැරයෝ තුන් දෙනෙක්ව ටේහ්යුංට දැකගන්න ලැබුනා...

"ඒය ඒයි තමුන්ලා මොකද ඔය කරන්නේ?" ටේහ්යුං පාර අයිනේ ඉදන්ම කෑ ගහලා ඇහුවාම බය උනු මැරයෝ පොඩි ලමයව අත ඇරලා දුවලා යන්න ගියා... ටේහ්යුං දුවගෙන ඇවිත් වැටුන ලමයව නැගිට්ටෙව්වා...

🔪KILLER BUNNY🔪 |TK|✔Where stories live. Discover now