chapter 18

1K 252 70
                                    

"මොනා ටේ ඔයා කියවන්නේ? ඔයාට අමතක උනාද ඔය කොල්ලා අපේ යූන්ව මරන්න උත්සාහ කලා කියලා... ඔයා කොහොමද තාමත් හොස්පිට්ල් එකේ ඉදන් දුක් විදින ජිමින්ව අමතක කරලා කොහෙවත් යන මිනීමරුවෙක්ව ආරක්ෂා කරන්නේ? එයාව හිරේම තියන්න"

ජින්ගේ තරහව සාධාරණයි නේද? මොකද ජින් කියන්නෙත් මනුස්සයෙක්, එයා ඇස් වලින් සිදුවීමක් දැක්කා... වෛද්‍යවරයෙක් උනත් ඒ සිදුවීම එයාව කම්පා කරා...

"ජින් කියන කතාව ඇත්ත ටේ... ඔයාට බැහැ මිනීමරුවෙක්ව නිදහස් කරලා තවත් එයා ලව්වා වැරදි වෙනවා බලාගෙන ඉන්න, ඔයා පොලිස් නිලදාරියෙක්ව හිටියා කියන එක අමතකද? අපි දියුරුම් දුන්නා සාධාරණය, නීතිය රකිනවා කියලා" නම්ජූන් කිව්වාම ටේ ඇඩුවා...

එයා ජින්, නම්ජූන් හම්බවෙන්න තීරණය කලේ එයාලා විතරයි ටේහ්යුංට උදව්වට ඉන්න අය නිසා... ඒත් එයාලත් බෑ කියද්දී-

ටේහ්යුංට එයාගේ බනීව තවත් ඒ ජරා අපායේ තියන්න බැහැ... එයාට සැලැස්මක් නෑ කරන්න ඕන දෙයක් ගැන... ඒකයි එයා උදව් හෙව්වේ...

"අනික- අනික අපි දන්නවා ඔයා මිස්ටර් හෝසොක් කියන මිනීමරුවව ආරක්ෂා කරපු එකාව හම්බවෙන්න යනවා කියලත්- තමුසෙටත් ලෙඩක් හැදිලද? මට හිතෙන්නේ මානසික රෝග බෝ වෙනවද කොහෙද?" ජින් ආපහු කෑ ගැහුවා...

"හියුන්- මට සමාවෙන්න ඒත් ජන්කුක්ව එලියට ගන්න උදව් කරන්නකෝ" ටේහ්යුං අයැදුවා...

ටේහ්යුං ඇයි ජන්කුක්ව එලියට ගන්න උත්සාහ කරන්නේ කියන එක ඒ දෙන්නට පුදුමයක් වගේම, තරහක් ගෙනාව කාරණාවක් උනා...

මොකද එයාලා තවමත් ජන්කුක්ට හිරේ ඇතුලේ වෙන දේවල් දන්නේ නෑ...

මොකද ටේහ්යුං දුවගෙන ඇවිත් බදාගෙන අඩ අඩ ඉල්ලුවේ ජන්කුක්ව බේරගන්න උදව් දෙන්නයි කියලා විතරයි...

"ඔයාගේ කන් චෙක් කරන්න වෙයි ටේ... අපේ සහෝදරයෙක් වගේ නිසයි මං තමුසෙව දැන්මම මේ ගෙදරින් එලියට ඇදලා නොදාන්නේ... මගේ තරහ අවුස්සන්නේ නැතුව මනසින් වැඩ කරනවා"

ජින් නැවත වතාවක් කෑ ගැහුවා...

ටේහ්යුං එයාට හැමදාමත් හරි දේ කියන්න කරන්න අමතක වෙනවා... එයා කලබලයි හැමවෙලේකම-

🔪KILLER BUNNY🔪 |TK|✔Where stories live. Discover now