chapter 05

1.2K 270 104
                                    

"බනී බබා අපි හියුන්ගේ ගෙදරට ආවා..." ටේහ්යුං ෂීට් බෙල්ට් එක ගලවලා ජන්කුක්ගෙත් ෂීට් බෙල්ට් එක ගැලෙව්වා... එයාගේ පැත්තේ දොර ඇරගෙන එලියට ගිහින් වටෙන් කැරකිලා ජන්කුක් උන්න පැත්තට ආවා... ජන්කුක් උන්න පැත්තේ දොර ඇරලා කලින් වගේම ආපහු ජන්කුක්ව වඩලා ගත්තා... බඩු ටිකත් අරගෙන ටේහ්යුං ගේ ඇතුලට ඇවිද ගෙන ගියා...

"ගායිස් ඔයාලා කොහෙද? ඉක්මනට පොඩ්ඩක් මෙහෙ එන්නකෝ" ටේහ්යුං මේසේ උඩින් බඩු ටික තියලා ටිකක් පහලට ගිහින් උන්න ජන්කුක්ගේ කලව වලින් අල්ලලා උඩට ඉස්සුවා...

"මං හිතුවෙ තමුන් සුපර් මාකට් එකේ කෙල්ල එක්ක හනිමූන් ගිහින් කියලා..." ජින් ඔරවගෙන වගේ නමුත් දකින කෙනෙක්ට තේරෙනවා ඒක බොරු එරවීමක් කියලා, ඔරෝගෙනම ටේහ්යුං ලගට එද්දී තමයි දැක්කේ ටේහ්යුං වඩන් ඉන්න ජන්කුක්ව...

"ටේයා උබ ඇත්තටම හනිමූන් ගියාද?" දුවගෙන ඇවිත් ටේහ්යුං අතේ උන්න ජන්කුක්ව ජින් වඩලා ගත්තා...

ජන්කුක් ටේහ්යුංගේ තුරුලට වගේම ජින් තුරුලටත් ගුලි උනා... ජන්කුක්ව වඩාගෙනම ගිහින් ජින් සෝෆා එකේ ඉද ගත්තාමයි අනිත් අය කාමර වලින් ආවේ...

"ටේ හියුන් කවුද මේ?" ටේහ්යුංගේ කරට පැන්න ජිමින් ඇහුවේ ජින්ගේ උකුලේ ඉන්න කොල්ල දිහා බලාගෙන...

"ආ අලයා බහිනවා මගේ පිටෙන් බිමට... ගිහින් නැග ගනින්කෝ උබේ මිනිහගෙ පිටේ අහිංසක මගේ කොන්ද කඩන්නේ" ටේහ්යුං ජිමින්ට බොරුවට කෑ ගැහුවත් ජන්කුක්ගේ ඇස් වලට ඒක බොරුවක් නම් උනේ නෑ...

"කවුද බං මේ?" යුන්ගි ඇහුවේ ටේහ්යුංගේ පිටේ එල්ලිලා ඉන්න එයාගේ පුංචි හස්බන්ඩ්ව ඇදලා අරගෙන වඩා ගද්දී... ජන්කුක් නම් ජින්ගේ තුරුලේ හොදට ගුලි වෙලා උන්නා...

"අදත් මිනී මැරුමක්-
ටේහ්යුං බැරෑරුම් විදිහට කිව්වාම හැමෝම නිශ්ශබ්ද උනා... පුංචි ජන්කුක් නම් ඒ ගැන අහන අහන වාරයක් පාසා හිනා උනා ඒත් එතන උන්න කිසිම කෙනෙක්ට ඒ ගැන බලන්න වෙලාවක් නෑ...

"සුපර් මාකට් එක ලග විනාඩි දෙක තුනක් කලින් ගියා නම් ඌව අල්ලගන්න තිබ්බා... මං යද්දිත් මරල දාල ඌ පැනගෙන"

🔪KILLER BUNNY🔪 |TK|✔Where stories live. Discover now