chapter 06

999 261 57
                                    

"බනී... බනී බබා... කෝ නැගිටින්න පැටියෝ දැන් 10 ත් පහු වෙලා..." ටේහ්යුං මේ පන දාගෙන ජන්කුක්ව ඇහැරවන්න ට්‍රයි කරනවා... ඒත් ජන්කුක් නම් ඇහැරෙයිද? කොහෙත්ම නෑ එයා පස්ස උඩ දාගෙන හොදටම බුදී...

"ඔන්න ඉතින් නෝටියා වෙන්නෙ නැතුව නැගිටින්නකෝ... නැගිට්ටෙ නැත්නම් හියුන් ඔයාව කනව හොදේ... මං නරක ලමයි ගොඩක් එක කටකට ගිලල තියෙනවා හරිද?" ටේහ්යුං ජන්කුක්ගේ කනට මිමිණුවා... ඒක ඇහුන ජන්කුක් ටිකෙන් ටික ඇස් ඇරලා ටේහ්යුං දිහා බැලුවා...

"ඔමෝ ඔමෝ මගේ බනී බය උනාද? හියුන් ඔයාව කන්නෙ නෑ පැටියෝ... කෝ එන්නකෝ අපි යමු දැන් පහලට... අන්න ජින් හියුන් අපි දෙන්නටම කොටන්න බලාගෙන ඉන්නවා පහල පිහියකුත් අතේ තියාගෙන" ඒ වචන ටික ඇහුන ජන්කුක් ඉද්ද ගැහුවා වගේ කෙලින් වෙලා ටේහ්යුංවත් පෙරලගෙන පහලට දුවගෙන ගියා...

උන දේ තේරුනේ නැති ටේහ්යුං ඇද දිහයි, ජන්කුක් දිව්ව පැත්ත දිහයි මාරුවෙන් මාරුවට බලලා ඔලුවටත් එකක් ගහගෙන ආපහු ඉක්මනට දුවල ගියේ ජන්කුක් දුවපු වේගෙට කොහේ හරි වැටිලද දන්නෙත් නෑ කියලා හිතලා...

ඒත් ජන්කුක් වැටිල නම් උන්නේ නෑ එයා කිචන් එකේ කෑම හදන ජින්ව බදාගෙන උන්නා... ජින් ජන්කුක්ව එහෙම්මම තියාගෙන මොනවදෝ කිය කිය කෑම හදනවා... ටේහ්යුං ඒ ලගට ගිහින් හිට ගත්තාම ජන්කුක්, ජින් දෙන්නම ටේහ්යුං දිහා බැලුවා...

"මාවත් පෙරලගෙන දිව්වේ ජින් හියුන්ව බදාගන්නද? මට තමා බදාගන්න කෙනෙක් නැත්තේ... කමක් නෑ කමක් නෑ" වහලෙ දිහා බල බල ටේහ්යුං කියද්දී එකපාරට දුවගෙන ආව ජිමින් ඊයෙ වගේම ටේහ්යුංගේ කොන්දට පැන්නා...

"ඇයි මේ මං ඉන්නෙ හියුන් ඔයාට" උස ටේහ්යුංගේ ඇද දිගේ බඩ ගගා නගින්න හදන ජිමින් කෑ ගහලා කිව්වම ජන්කුක් ජින්ව අත ඇරියා...

"යා අලයා මං තමුසෙට කියල තියෙනවා මගේ කොන්ද කැඩෙයි කියලා... පිටි ගෝනිය බහිනවා මගේ කරෙන් බිමට" ටේහ්යුං විහිලුවට කෑ ගැහුවත් දෙන්නෙක් ඒක ඇත්තයි කියලා විශ්වාස කලා...

ජන්කුක්ට ටේහ්යුං ඇත්තටම අමාරුවෙන් ඉන්නේ කියලා තේරෙද්දී ජිමින්ට ටේහ්යුං එයාට ඇත්තටම බැන්නා කියලා හිතලා දුක හිතුනා...

🔪KILLER BUNNY🔪 |TK|✔Where stories live. Discover now