PART 08

255 62 15
                                    

ඊලග දවසෙ උදෙන්ම නැගිටලා ජංකුක් හරි සතුටෙන් එයාගෙ ස්ටුඩියෝ එකට ගියේ...එයාගෙ ජිමිනිට එයාගෙ අතින්ම  ලියවුන එයාම මියුසික් කරපු,එයාම සින්ග් කරපු සින්දුව රෙකෝඩ් කරන්න...

👤ආව් ආව් කොල්ලා කවදාවත් නැතුව උදෙන්ම ඇවිල්ලනේ...

"එහෙම තමයි යකෝ කැපවීමක් තියෙන මිනිස්සු.."

අනේ උබේ කැපවීම...උබ ඔය ජිමින් නිසානේ මෙච්චර ආසාවෙන් මේකට ආවෙ"

"හරි හරි යකෝ ඉතින්...මන් එයා වෙනුවෙන් නොකර වෙන කවුරු වෙනුවෙන් කරන්නද?මේ ලෝකෙ මට ඔම්මා අප්පට පස්සෙ වටින කෙනෙක්ට ඉන්නවා නම් ඒ ඉන්නෙ ජිමින් විතරමයි"

හෙට තමයි එයා එයාගෙ රෝස බෝලෙ ගැන,එයාගෙ ආදරෙ ගැන මුලු ලෝකෙටම කියන්නෙ..ඉතින් ජංකුක් පන දාගෙන එයාගෙ සින්දුව රෙකෝඩ් කරනවා...මේක තමා එයාගෙ ජීවිතේ තියෙන ලොකුම හීනේ...

ඒත් රෙකෝඩින් එක අතරෙ ජංකුක්ගෙ ප්‍රයිවට් පෝන් එකට කෝල්ස් ගොඩක් එක දිගට එනවා එනවා ඉවරයක් නෑ...හැබැයි මේ එක කෝල් එකක්වත් ජංකුක් දැක්කෙ නෑ...ඒ එක කෝල් එකක් හරි ජංකුක් දැක්ක නම්.............

ටික වෙලාවකට පස්සෙ එක පාරටම ස්ටුඩියෝ එකට දුවන් ආව ටේ ජංකුක්ට නිව්ස් දාලා පෙන්නුවෙ ජංකුක්ගෙ ජීවිතේ එයා අහපු නරකම ආරංචිය.

"මීට සුලු මොහොතකට පෙර බුසාන් නගරයට ඇති වූ සුලු භූමිකම්පා තත්වයක් හේතුවෙන් city house නිවාස සංකීර්ණය ඇතුලු ගොඩ නැගිලි කිහිපයක්ම කඩා වැටී තිබේ...

මින් සිදු වූ ජීවිත හානි ප්‍රමාණය තවම ගනන්‍යකර නොමැති අතර අතුරු දහන් වූවන් සොයා තව දුරටත් මෙහෙයුම් සිදු කරමින් පවතී"

ඒ නිව්ස් එක ඇහෙනවත් එක්කම ජංකුක් ටේගෙ ඇගට බර උනේ සිද්ද වෙන්නෙ මොකද්ද කියල හිතා ගන්න බැරුව...දෙයියනේ එයාලා කියන්නෙ ජිමින්ගෙ අපාට්මන්ට් එක අයිති ගොඩ නැගිල්ල කඩන් වැටිලා කියලද?එතකොට ජිමිනී?

"ට්....ටේ ඒක බොරුවක් නේද?ටේ මගේ චිමී හොදින් නේද?එයා උබට කතා කරානේ..මාව බය කරන් නැතුව කතා කරපන් මිනිහෝ"

"නැ ජංකුක් අපි ජිමින්ව කන්ටෑක් කර ගන්න හැදුවා ඒත් බැරි උනා බන්...ජිමින්.ගැන තවම ආරංචියක් නෑ"

neendo se break up(completed )Where stories live. Discover now