' මගේ මැණික අම්මට සමාව දෙනවා නේද....' බොහොම ආදරෙන් සාරා ඒ විදිහට කියනකොට එයාට පුලුවන් උනේ කදුලු ගලන බෝල ඇස් වලින් බිම බලාගෙන ඒක අහගෙන ඉන්න විතරයි...ඔව් එයාට දුක හිතුනා....ඒත් එයාට කරන්න පුලුවන් කිසිම දෙයක් තිබුනේ නෑ..ටිකකින් එයාට තේරුනා එයාගෙ කොන්ඩේට මොනාහරි වැටෙනවා වගේ කියලා.....හිමීට ඔලුව උස්සලා බලපු එයා දැක්කෙ සාරා අඩනවා....සාරා ඔහේ පැත්තක් බලාගෙන අඩනවා...ඔහුට දැනුනා පපුව කීතු කරනවා වගේ හැගීමක්..
එයාට කෑ ගහලා අඩන්න ඕනි උනා..ඒත් බෑ..එයාට දැනුනා එයාගෙ උගුරෙ මොකක් හරි හිර වෙලා තියෙනවා කියලා.....
'අම්..මේ..හ්'
හ්ම්ම්...ඔව් අම්මා....මවක් නොවී කෙනෙක්ට මවක් වෙන්න බැරිද...නැහැ පුලුවන්..ඔහුගේ විතරක් නෙවෙයි අනාත නිවාසේ ඉන්න හැම ලමයෙක්ගෙම අම්මා ''සාරා''............
'' අම්මා අඩන්න එපා..මම හොදින්.ම්ම්ම්..අම්මාම නේද මට කිව්වෙ ජීවිතේ අපිට සිද්ද වෙන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අපේම හොදට කියලා..ම්ම්..ඉතින් අම්මා මේකත් ඒම වෙන්න ඇති...මම හොදින් අම්මා..මම එන්නම්කෝ ආපහු අම්මව බලලා යන්න...අම්මා තරහා නෑනේ මාත් එක්ක...''
යන්තම් අවුරුදු 18ක් වෙච්ච තමන්ගෙ පුන්චි හුරතලා මේ කියන දේවල් දිහා සාරා බලාගෙන හිටියේ ලොකු වේදනාවකින්..කොහොම දරා ගන්නද...අම්මෙක්ට තමන්ගෙ හැම ලමයම එක වගේ...කොහොමද තමන්ගේ ලමයෙක් රාක්ශයෙක් ලගට යනකන් ඒ අම්මා බලාගෙන ඉන්නේ..ඒත් සාරට බලන් ඉන්න උනා....ලමයි සීයකගේ ජීවිත බේරගන්න සාරට ලමයි දහදෙනෙක්ව විකුනන්න උනා....💔
''හ්ම්ම්ම්..මගේ පැන්චා ලොකු වෙලා..මෙච්ච්ර දේවල් වෙලා තියෙද්දිත් මම හොදින් කියන්න තරම් ඔයා ලොකු වෙලාද මගෙ රත්තරන්..කොහොමද ඔය පුන්චි හිත ඔච්චරටම හොද උනේ..මාව බලා යන්න එන්නම් කියන්නෙ මගේ හිත හදන්න නේද මගේ පැටියෝ..එපා...කොහොමද මම ඒක කරන්නෙ..මට බැහෑ..අනේ මම අසරණයි රත්තරන්....''
කදුලු ගලන ඇස් වලින් සාරා ඒ බෝල ඇස් දිහා බලාගෙන හිතුවා....සාරගෙ පපුව ඇතුලින් ලෝදිය ගලනවා වගේ පිච්චීමක් ඇති උනේ ඔහුගේ ඒ වචන කීපයට...ඔහුට ඇය ගොඩාක් ආදරය කලා...තමන්ගෙම පුතෙක්ට වගේ ආදරය කලා.
ΔΙΑΒΑΖΕΙΣ
𝗛𝗶𝘀 𝘀𝗺𝗶𝗹𝗲 ||𝘁𝗮𝗲𝗸𝗼𝗼𝗸||
Fanfiction'උඹ දන්නවද මන් ආසම උඹේ හිනාවට කියලා...' 'මන් කියන්නෙ නෑ මන් නිසා උඹට හැමදාම හිනා වෙන්න පුලුවන් කියලා..ඒත් පුලුවන් නම් මන් වෙනුවෙන් හිනා වෙයන්..මන් වෙනුවෙන් විතරක්ම! ' Mafia love Taekook Top kook Bottom tae Smut warning !! Abuse!! Read at your own ri...