තිස්තුන් වන පරිච්ඡේදය

Start from the beginning
                                    

හොඳින් විපරම් කරන්නෙකුට නම් මේ දෙදින තුළ ඔහුගේ දෑස සිය වතාවකටත් වඩා ආරණ්‍යවණ්නයේ ප්‍රධාන ද්වාරය දෙසට යොමු වූ වග නම් රහසක් විය නොහැක.ආරණයවණ්නයට ඇතුල් වන්නෙකු සඳහා ද්වාරය හැරෙන වාරයක් පාසා ඔහුගේ නෙත් විසල්ව එදෙසට යොමු වන බව මෙන්ම අසෙකුගේ කුර ගැටෙන වාරයක් පාසා ඔහුගේ ගෙල එදෙසට හැරවෙන බවද ඔහු අසලින්ම සිටි අයෙකුට නම්.ලෙහෙසියෙන්ම නිරීක්ෂණය වන්නට ඉඩ තිබිණ.නමුත් ඒ සෑම වරෙකම ඔහුගේ දෑස යම් බලාපොරොත්තුවකින් දිලිසුම් දුන්නද කිහිප මොහොතක් ඇවෑමෙන් ඒ දෑසම යළි මැලවී පොළවට බර වූ වගත් කිව යුතුමය.

කෙසේ වුවත් ඔහු සිටියේ සිය දිවියේ කිසිදිනෙක නොවිඳි අයුරක යම් සැනසුම් සහගත හැඟීමක් විඳිමින් බව කිව යුතුය.

වගකීම් පිළිබඳව වද වීමට ඔහුට තව පුරා පොහොයක්ම ඇත.සිතට සැහැල්ලුවක් දැනෙනුයේ එනිසා වන්නට ඇතැයි ඔහු සිතුවද ගියවරත් තවත් පොහොයක්ම ඇති බව සිතමින් සිත සැහැල්ලු කොට ගත්තද මේවර විඳින තරම් සැනසුමක් නොදැනුන බැවු ඔහුගේ සිහියට නොපැමිණ තිබිණ.

මෙතෙක්ම මුලු ගැන්වී සිටි ඔහු මුවින් පිටකරන වදන් ගණන මදින් මද වැඩි කිරීමට ආරම්භ කොට තිබිණ.ඔහු පසු පසින් නොවරදවා සිටින සරයුගේ පැනයන් වෙනදා කිහිපවරක්ම අසන තෙක් නිහඬව සිට ඇති රුද්‍රාර මේ වන විට මදින් මද නිහඬතාව අතහරිමින් තිබිණ.ඉතින් කිසිවිටෙකත් මුවට නිදහසක් දීමට අකමැති සරයුට එය රිළවුන්ට ඉණි බැන්දා හා සමාන වී තිබිණ.

මේ වන විට ආරණ්‍යවණ්නයේ සිසුන් කිහිප දෙනෙකුම ඔවුන් දෙදෙනා සමීපතයන් මෙන් හැසිරෙනු දැකීම විස්මයට පත්ව තිබිණ.සෑම විටෙකම මුවට නිදහසක් නොදෙන සරයු දැකීම විස්මයක් නොවූවද ඔහු පවසනා දැයට අවධනය දෙමින් හුන් වෙනදාට දේශන හෝරාවන්හීදී පමණක් දෑසට පෙනෙන්නට පැමිණෙන සෑම මොහොතකම රවා සිටින රුද්‍රාරගේ සාමකාමී හැසිරීම ඔවුන් හට විස්මයක් ගෙන දීමට සමත්ව තිබිණ.

"රුද්‍රාර අයියණ්ඩී......."

රුද්‍රාර සිටියේ වැවු කණ්ඩිය මත හිඳ දෙපා දියට ඔබාගෙනය.

"හ්ම්හ්?"

සිය පසුපසින් පැමිණි කටහඬ සරයුග්‍රෙ බැවු දැන සිටීමට තරම් රුද්‍රාර මේ වන විට ඔහුට හුරු වී සිටියේය.රුද්‍රාර අසලට පැමිණි සරයු එක් අතකින් රුද්‍රාරගේ උර මතට බර දී ඔහු අසළින්ම අසුන් ගත්තේය.

_🔥භවාන්තර🔥_ [Historical BL]Where stories live. Discover now