Chapter 28 🍁

115 23 55
                                    


Tae's pov:

Academy එකට ඇතුල්වෙද්දිම මුණගැහුනු principal සර්ටත් ග්‍රීට් කරල සුපුරුදු මවාගත් සිනා මූණෙන් මං ආවෙ උගන්නන hall එකට....
මවාගත් සිනාව...
ඔව් ඒක තමයි මගෙ මූණෙ දැන් නිතරම තියෙන්නේ...
පිටින් දකින කෙනෙක්ට නම් පේන්නෙ මං හදවතින්ම හිනාවෙනවා වගේ...
කොහොමත් මිනිස්සු හරි දක්ෂයිනෙ පිටින් දේවල් මනින්න..

තාම ලමයි කිසි කෙනෙක් ඇවිත් නෑ හෝල් එකට...
තාම පටන් ගන්න බෙල් එක ගැහුවෙ නෑ...
ඉර එලිය වැටුනත් ලාවට අදුරු වෙලා තියන, ස්වභාවික සීතල තියෙද්දිත් ඒක පැත්තක දාල කෘතීමව සීතල කරපු මේ විශාල ශාලාව පුරාවටම හිටියෙ මං විතරයි...
මේ ඇමෙරිකාව ඇත්තටම හරි කෘතීමයි...
හැමදෙයක්ම...මිනිස්සු පවා...මට නම් දැනුනෙ එහෙම...
කොරියාව වගේ ස්වභාවිකත්වය හරි අඩුයි....
මට මුලින් මුලින් මෙහෙට පුරුදු වෙන්නත් එපා වුනා...
බලන බලන තැන අහස උසට ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, වාහන හඩ, දුම් පිරුනු පාරවල්, කෑම බීම වුනත්.....
දෙතුන් දෙනෙක් ඇරෙන්න මිනිස්සුත් එහෙමම තමයි ඉතින්...
මූනුවල හිනාවක් ගෑවිලාවත් නෑ...
ඇත්තටම ඒ මිනිස්සුන්ට හිනාවෙවී ඉන්නවට වඩා කරන්න වැඩ තියෙනවා...
එක අතකට ඒක හොඳයි...
කොරියාව සහ ඇමෙරිකාව කියන්නේ අහසයි, පොලවයි වගෙ..
හැමදේකින්ම එච්චරටම වෙනස්....
ඇත්තටම මුලින් මට මෙහෙ එපා වුනා...
නමුත් දැන් මෙහේට මං පුරුදු වෙලා...

හෝල් එක පුරාම නිහඩබව බිදල ඇහුනෙ මගෙ සපත්තු හඩ විතරයි....
මේක තමයි සාමාන්‍ය විදිය හැමදාම...
බෙල් එක ගහනකම් ලමයි කිසිකෙනෙක් එන්නෑ මෙතනට...
ඉවරවෙන බෙල් එක ගැහුවට පස්සෙත් ආයෙ නිකමටවත් එකෙක්වත් විනාඩියකටවත් ඉන්නෙත් නෑ මෙතන...
ඇත්තටම ඉගෙනගන්න එකට එයාල එච්චර අකමැති ද!?
විශේෂයෙන්ම මේ සංගීතය වගෙ විශයක්...
මට අනුව නම් හොඳම හිතවතා, හොඳම වේදනා නාශකය, මුලු හිතම සුවපත් කරන්න පුලුවන් දෙයක් සංගීතය කියන්නේ....

මං හෝල් එකේ උස වීදුරු වලින් පේන කලබලකාරී නිව්යෝර්ක් නගරය දිහා බලන් හිටියා....
රැයක්, දවාලක් කියලා වෙලාවක් නෑ...
මෙහෙ කොයිවෙලෙත් ඔහොමයි...
ඇත්තටම මං මෙහෙට කැමති නෑ...
මොකද මගෙ ලෝකෙ නිතරම හරි නිදහස්,සාමකාමී එකක් වුනා...
නමුත් මෙහේ හාත්පසින්ම ඒකෙ අනිත් පැත්ත...
ඒත් මං ටික ටික ඒ කෘතීමත්වයට,කලබලකාරීත්වයට, හැගීම් දැනීම් නැති වැඩ කරන මැශින් වගෙ ඉන්න එකට පුරුදු වෙන්න ගත්තා...
මාත් දැන් එහෙම කෙනෙක්..
හරියට හැගීම් දැනීම් නැති රොබෝ කෙනෙක් වගේ....
එහෙම ඉන්න පුරුදු වුනාම වේදනාව කියන දේට ඉඩක් නැතුව යනවා...

U Are My Crazy || KTH || Completed Where stories live. Discover now