Hoseok

304 112 12
                                    

Namjoon's POV

මම කාමරේට වෙලා ඇද ඇද ඉන්නකොට හෝසොක් ඇවිල්ලා දොරට ගහලා යන්න ගියා. මම ඉක්මනට එන්නම් කියල ගලවලා දැම්ම ඇදුම් ටික ලොන්ඩ්‍රි බකට් එකට දාලා ට්‍රවුස එක ඇදගන්න හදනකොටම හෝසෝක් ඇවිත් ආයේ දොරට තට්ටු කරා.

"ජූන්.පරක්කු වෙනවා."

" පොඩ්ඩක් ඉන්න, මම එනවා. "

ට්‍රවුස එක ඉක්මනට දාගෙන මම ටීශර්ට් එකත් දාගෙන එලියට ආවේ හෝසොක් ආයේ පාරක් මට කෑ ගහනකොට. කට්ටියම ඉන්න තැනට ලගටම ගියාට පස්සේ මම ජන්ග්කුක්ගේ මූණ දැක්කත් නොදැක්කා වගේ ඉන්න ගමන් මගේ බෑග් එක කොහෙද කියලා බලනකොට මට මතක් උනා මම බෑග් එක අරන් ආවේ නෑ කියලා.

"මගේ බෑග් එක. මම ඉක්මනට එන්නම්.."

මම බෑග් එක ගන්න ආයේ කාමරේට ආවම කාමරේ ඇතුලේ බෑග් එක තිබ්බේ නෑ කියලා මම දැක්කා. ඒක දාපු තැන මතක් කරනකොට පහල කෑම මේසේ ලගට බෑග් එක කලින් අරන් ගියා කියලා මට මතක් උනාම මම ඉක්මනට පහලට ඇවිල්ලා බෑග් එක ගත්තා. ආයේ කට්ටිය ලගට යනකොට හෝසොක් කිව්ව දේත් එක්ක මගේ කේන්තිය වැඩි උනත් මම පුලුවන් තරම් ඒක  ඉවසගෙන හිටියා.

"මොකක්ද ජූන් පොඩ්ඩක් හොයලා බලලා වැඩක් කරන්නකෝ.!"

කට්ටියම ස්ටූඩියෝ එකට ආවට පස්සේ  වෝම් අප් කරලා අපි සති දෙකකින් තියන අවෝඩ් සෙරමනි එකේ පෆෝමන්ස් වලට ලෑස්ති උනා. මියුසික් වීඩීයෝ එකට කරපු කොරියෝ එකට අමතරව ස්ටේජ් පර්ෆෝමන්ස් වලට මේ සෝන්ග් එක එක පාරක් වත් පුරුදු වෙලා තිබ්බේ නැති හන්දා අතර මැද ගොඩක් ඩාන්සින් ස්ටෙප්ස් වෙනස් කරන්න උනේ එකකට එකක් ගැලපෙන තත්වයට මුලු සෝන්ග් එකම හදාගන්න ඕනේ උන හන්දා.

"වූබින්-ශී අපි ඔය ස්ටෙප් එක ජින් හ්‍යුන්ග්ට කරන්න කියලා ජූන්ට ජින් හ්‍යුන්ග්ව උස්සන්න කියලා කිව්වොත් මොකද ?"

'ඒකත් හොදයි හෝසෝක්. නම්ජූන් ඒක කරනවද එහෙනම්."

මම හා කිව්වට පස්සේ ජින් හ්‍යුන්ග් හෝසෝක් කිව්ව විදිහට එකින් එක එකින එක ස්ටෙප් එක පුරුදු වෙලා මගේ ලගට ආවට පස්සේ එයා පැත්තට පනින්න පටන් ගන්නවත් එක්කම මම එයාගේ අතින් ඇදලා ඒකට සපෝර්ට් කරා. අපි ඒක දෙතුන් පාරක් යනකන් කරාට පස්සේ වූබින්-ශී ඒක හොදයි කියලා පෙන්නන්න තම්බ් අප්  කරා.

"ඒක නියමයි.වෙල් ඩන්."

ඊලග පැය කිහිපය අපි ඒ විදිහට ප්‍රැක්ටිස් කරගෙන ගියා. වූබින්-ශී ඊලගට අපිට ප්‍රැක්ටිස් කරන්න කියලා හෝසෝක් ට අපිට සපෝට් කරන්න කියලා යන්න ගියේ අද එයාගේ වයිෆ්ගේ ඩිලිවරි එකට ඩියු තියන හන්දා. වූබින්-ශී ගියාට පස්සේ හැමෝම ආයේ පුරුදු විදිහට ප්‍රැක්ටිස් කරන්න ගත්තා. ඒත් මගක හෝසොක් ප්‍රැක්ටිස් කරන එක නවත්තලා ආයේ අපි කරන ස්ටෙප් එකක් වෙනස් කරාම මට තේරුනා ඒක කලින්ට වඩා අමාරුයි කියලා. මට ජින් හ්‍යුන්ග්ට විතරක් නෙවෙයි අනිත් අයටත් ඒ ස්ටෙප් එක අමාරු වෙනකොට අපි පැයක් විතර ඒක කරන්න පුරුදු උනා.

යන්තම් ස්ටෙප් එකට කකුල් දෙන හුරු කරගෙන තව තුන් හතර පාරක් ප්‍රැක්ටිස් කරනකොට හෝසෝක් ආයේ අතර මැද නවත්තලා තව ස්ටෙප් එකක් වෙනස් කරා. ඔක්කොම එක දිගට පලවෙනි දවසේ මෙහෙම මතක තියාගන්න අමාරු උනත් පුලු පුලුවන් විදිහට මම ඒ ඔක්කොම හරියට කරන්න ට්‍රයි කරා. ඒත් එක තැනක  මම වෙනස් කරපු ස්ටෙප් එක වෙනුවට කලින් තිබ්බ ස්ටෙප්ස් කරාට පස්සේ හෝසොක් නැවතිලා මට කෑ ගැහුවම මගේ කේන්තියත් දෝරේ ගලා ගියා.

"මොකක්ද ජූන් දැන් කී පාරක් ඕක කරාද?"

"මටත් අහන්න තියෙන්නේ මොකක්ද කියලා තමයි ජන්ග් හෝසෝක්.වූබින්-ශී ෆයිනලයිස් කරපු කොරියෝ කරන්නේ නැතුව ආයේ ආයේ මේක කර කර මොන විකාරයක්ද කරන්නේ? එක පාරක් දෙපාරක් කියලද. දැන් කී පාරක් වෙනස් කරාද. ඔයාට මෙතන නටන්න පුලුවන් කියලා අනිත් හැමෝටම එහෙම කරන්න පුලුවන් කියලද හිතන් ඉන්නේ? අද දවසේ තව ප්‍රැක්ටිස් කරොත් තව කි පාරක් ඔයා වෙනස් කරන්න හිතන් ඉන්නවද?මට මේක ඇති වෙලා දැන්.ඕනේ දෙයක් කරගන්න එකයි ඇත්තේ!"

එක දිගට හෝසොක්ට බැනගෙන ගියපු මම අපේ ෆ්ලෝ එකට ඇවිල්ලා මගේ කාමරේම නැවතුනේ මගේ කේන්තිය එන්න එන්න මාව මරාගෙන කනවා කියලා තේරුනාම.හයිබ් එක ඇතුලේ උනත් හත් දෙනා එකටම ප්‍රැක්ටිස් වලට යනවා කියලා අපේ නෝර්ම් එකක් තිබ්බත් මම එයාලව දාලා ආයේ අපේ ෆ්ලෝ එකට ආවේ කේන්තිය තව තවත් වැඩි උන හන්දා.

දොර කැඩෙන්න වගේ හයියෙන් වහලා මම එහෙමම වොශ් ගන්නෙවත් නැතුව ඇදට පැනලා ඇස් වහගත්තේ මම මාවම පාලනය කරගන්න හදන ගමන්...

Moonchild  |  Namjoon Centric  |  CompletedTempat cerita menjadi hidup. Temukan sekarang