Namjoon's PoV
මම ජින් හ්‍යුන්ග්ටත් බැනලා ඇවිල්ලා ආයේ මගේ වැඩේ කරන්න පටන් ගත්තා. මම කේන්තියෙන් ඉන්න හන්දද මන්දා මට මම කරන වැඩේ ආයේ ආයේ කරන්න උනේ මම කිහිප වතාවක්ම ඒක වරද්ද ගත්ත හන්දා. අන්තිමට ප්‍රැක්ටිස් යන්න වෙලාව ඔන්න මෙන්න තියනකොට මම අන්තිම ෆයිල් එක හදලා ඉවර කරත් මට ඒක චෙක් කරලා බලන්න වෙලාවක් ඉතුරු උනේ නෑ. සේජින් හ්‍යුන්ග් පරක්කු උන අයට කෑ ගහගා බැන බැන යනකොට මම ඉක්මනට ෆයිල් එකත් අරන් එලියට ආවේ හ්‍යුන්ග්ට ෆයිල් එක දීලා රිපෝර්ට් එකේ වැඩේ ඉවර කරා කියලා කියන්න..
"හ්‍යුන්ග්. මේක ඉවර කරා මම."
"දැන් වත් ඕක ඉවර කරගත්ත එක ලොකු දෙයක් නම්ජූන්. ඊලග පාර පොඩ්ඩක් වෙලාවට වැඩ කරන්න බලන්න. එක දෙයක් පරක්කු උනාට පස්සේ අනිත් හැමදෙම පරක්කු වෙනවා. "
"ආයේ එහෙම වෙන්නේ නෑ හ්‍යුන්ග්."
"ඔයා කලිනුත් කිව්වේ ඕකමයි. දැන් ගිහින් ඉක්මනට කාලා යන්න ලෑස්ති වෙන්න."
සේජින් හ්‍යුන්ග් යනකන් ඉදලා මම කන්න යන්න ගියත් එතන අනිත් අය හිනා වෙවී කෑම කන ගමන් හිටපු නිසා මට එතනට යන්න හිතුනේ නෑ. මම ආයේ මගේ රූම් එකට ගිහින් ප්‍රැක්ටිස් වලට යන්න බෑග් එක රෙඩි කරගන්න අතරේ මට ඇහුනා එකින් එක්කෙනා කෑම අරන් උඩට එනවා. ටික වෙලාවක් කාමරේම ඉදලා කවූරුත් නැතුව ඇති කියලා හිතාගෙන පහලට යනකොට ජන්ග්කුක් පඩිපෙල දිගේ මාවත් තල්ලු කරගෙන පහලට දිව්වා. සොරි කියන්නේවත් නැතුව දුවන ජන්ග්කුක් දිහා මම එහෙමම හිටගෙන බලන් ඉදලා ආයේ බැනලා වැඩක් නැති හන්දා කෑම මේසෙට ආවම එයා වාඩි වෙලා කෑම ගන්නවා මම දැක්කා.
ෆෝන් එකත් ඔබ ඔබ ජන්ග්කුක් හරි සද්දෙන් කෑම ගන්නකොට මට කේන්ති ගියා.ඒත් මම මොකුත් කියන්නේ නැතුව පුලුවන් තරම් මගේ කේන්තිය පාලනය කරගන්න හැදුවේ මට ආයේ කෙනෙක්ට කෑ ගහන්න හිතක් තිබ්බේ නැති හන්දා. ඒත් ජන්ග්කුක් ෆෝන් එක ඔබ ඔබම ප්ලේට් එකට කෑම ගන්නේ නැතුව තිබ්බ ඩිශ් වලින් කෑම ගන්නකොට මට මගේ කේන්තිය ඉවසන්න අමාරුයි කියලා තේරුනා.
ඔලුව දෙපැත්තට වනලා මම ආයෙමත් කන්න ගත්තේ මගේ කේන්තියට මගේ කෑම ටිකත් පිච්චෙනවා ඇති කියලා හිතාගෙන. එක පාරටම ලොකු හිනාවකුත් එක්ක ජන්ග්කුක් වතුර වීදුරුවේ අත වද්දලා ඒක වැටුනට පස්සේ වතුර මේසේ දිගේ ඇවිල්ලා මගේ ඇගට වැටුනම මට මගේ කේන්තිය තවත් පාලනය කරගන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.
'"මොනවද කරන්නේ? මොලයක් කියල නාමයක් වත් නැද්ද? කෑම මේසේ ෆෝන් එක ඔබ ඔබ ඉන්නේ මොන මෝඩයද ?කන එකවත් හරියට කන්න දෙන්නේ නෑ. මොන වදයක්ද මට දෙන්නේ කට්ටියම එකතු වෙලා.ෆෝන් එක ඔබාගන්න ඕනේ නම් වෙන වෙලාවක ඔබාගන්න. ඒකත් කෑම මේසේ නැතුව..මේකේ මොනවා කරත් කමක් නෑ මට වද නොදී ඉන්නවා. පින් වෙයි."
ජන්ග්කුක් මගේ දිහා ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන ඉන්න අතරේ මම අතේ තිබ්බ චොප්ස්ටික් මේසේට වීසි කරලා නැගිටලා එන්න ආවා. ඔක්කොම ලෑස්ති වෙලා ගියාට පස්සේ ඇගේ වතුර හලපු එකටද මට කේන්ති ගියේ නැත්තන් එයාල මට වඩා නිදහසේ ඉන්න එකටද මට කේන්ති ගියේ කියලා මම දන්නේ නෑ. මම දන්න එකම දේ මට කේන්ති ගියා කියන එක විතරයි.
![](https://img.wattpad.com/cover/296168798-288-k634730.jpg)
YOU ARE READING
Moonchild | Namjoon Centric | Completed
Fanfiction~ලීඩර් කියලා මම හැමදේම දරාගන්න ඕනෙද ? -මගේ හිතේ තිබ්බ ප්රශ්න ඔක්කොම අමතක වෙලා මම අන්තිමට එකම එක ප්රශ්නයක හිර උනා. ගග දිහා බලාගෙන මම කල්පනා කරේ අන්න ඒ ප්රශ්නය විතරයි. හැමදේටම උත්තර තිබ්බ මට ඒ ප්රශ්නනෙට උත්තරයක් නෑ කියලා මගේ හිත කියනකොට මම ආයේ...