Yoongi

379 130 13
                                    

Namjoon's POV

බ්‍රෝඩ්කාස්ටින් ස්ටේශ්න් එකට ආව ගමන්ම අපි හැමෝටම ආචාර කරලා කෙලින්ම ගියේ මේකප් කරගන්න. ජන්ග්කුක් එක්ක ටේයුන් ජිමින් විකාර කරන්න පටන් ගත්තම මම එයාලා ලගට ගිහින් අපි ඉන්නේ අපේ තැනක නෙවෙයි කියලා රහසින් මතක් කරලා දීලා එයාලව ශීට් වලින් වාඩි කෙරෙව්වා. ඒත් ඒ තුන් දෙනා කූඩැල්ලෝ මෙට්ටේ තියන්න බෑ  කියලා මට ආයේ ආයේ පෙන්නලා දෙනකොට මම ඕනේ දෙයක් එයාලට කරගන්න දීලා මගේ ශිට් එකෙන් වාඩි උනා.

මම මේකප් ආර්ටිස්ට් නූනා මේකප් කරන අතරේ කණ්ණාඩියෙන් පිටිපස්සේ සෝෆා එකේ වාඩි වෙලා ඉන්න යුන්ගි හ්‍යයුන්ග් දිහා බැලුවා. එයා නිදාගෙන ඉන්නකොට මේකප් ආර්ටිස් නූනා එයාගේ වටේ ඇවිදුවේ එයාව නැගිටුවන්න කියලා මට තේරුනා. ඒත් එයා බයටද කොහෙද යුන්ගිට කතා කරන්න නැතුව වටේ කැරකි කැරකි හිටියා.

මම මගේ ආර්ටිස්ට් නූනට එක්සියුස් කරලා නැගිටලා ගිහින් යුන්ගි හ්‍යුන්ග් ලගට ආවේ එයාව නැගිට්ටවනවා කියලා හිතාගෙන. ඒත් යුන්ගි හ්‍යුන්ග් බාගෙට කටත් ඇරගෙන නිදාගෙන ඉන්නකොට මට එයා ගැන කේන්තියක් ආවා

"යුන්ගි හ්‍යුන්ග්. "

"නැගිටින්න."

"හ්‍යුන්ග්."

මම යුන්ගි හ්‍යුන්ග්ව හොලවලා නැගිටුවට  පස්සේ එයා අහසින් කඩන් වැටුනා වගේ නැගිටුනා. වට පිට ටිකක් බලලා එයා හරි සිහියට එන්නත් ගොඩක් වෙලාව ගනියි වගේ පෙනුන හන්දා මම  එයාට අපි ඉන්නේ කේ.බී.එස් එකේ කියලා කිව්වා.

"ඇයි කේ.බී.එස්. "

"හ්‍යුන්ග් ප්ලීස්. නැගිටලා ඉන්න"

යුන්ගි හ්‍යුන්ග් මම කියන දේ ගනන් ගන්නේ වත් නැතුව ගිහින් එයාගේ ශීට් එකෙන් වාඩි උනා. මම ආයේ මගේ ශීට් එකට ඇවිල්ලා ආර්ටිස්ට් නූනට කියලා ෆයිනල් ටච් එකත් ගත්තට පස්සේ මම අනිත් අයවත් එක්කගෙන ස්ටූඩියෝ එකට ආවා.

"මිස්ටර් නම්ජූන්. ඔයාලගේ මයික් ඔයාලා අතරේ බෙදාගන්න. "

මම කේ.බී. එස් ස්ටාෆ් එකේ එක්කෙනෙක් දුන්න මයික් අරගෙන බෑන්ඩ් එකේ අයට කතා කරා. හොසෝක්, ජිමින් මගේ අතින් මයික් ටික ගන්නකොට ජන්ග්කුක් ඇවිල්ලා ජින්  හ්‍යුන්ග්ගේ මයික් එකත් අරගෙන යන්න ගියා. අන්තිමට අතේ මයික් එකක් තියනකොට මම ඒක කවුද ගත්තේ නැත්තේ කියලා බල බල ඉන්නකොට මම දැක්කා යුන්ගි හ්‍යුන්ග් ගිහින් ශීට් එකෙන් වාඩි වෙලා ඉන්නවා.

Moonchild  |  Namjoon Centric  |  CompletedWhere stories live. Discover now