11th ⭐ Star

312 84 16
                                    

Zhan 💙❤ Zhan
(Lan Zhan & Xiao Zhan )

Lan Zhan pov...💙

"ඔහ්..හයිනා..ඇත්තටම ඒක හොයා ගන්න පුළුවන් වුනා නම් ලොකු දෙයක්..එතකොට ඔයා කියන්නෙ ඒක අර කඩන් වැටුන තරුව 'ඔරං ඔටං' හින්දා මෙහෙම වුනා කියලද? හෙටත් ඒකෙ බලපෑමක් තියේද..?"

"..........."

"හරි හරි ඒකෙ නම 'ඔරාටෙන්' හරි මොකක් හරි.මට වැඩක් නෑ..ඒ මගුල් තරුව...ෂිට්..එතකොට මොකද්ද වෙන්නෙ කියන්නකො...."

"..........."

"හ්ම්..හම්...ඔයා විස්තර හොයලා කියන්නකො එහෙනම්..විකාරයි මට නම් මේවා..මං අද බෝ බලන්න යනවා..මං මැරෙයි නොගියොත් හයිකුආන්....."

"............"

"හිනා වෙන්න එපා.ගහනවා දත් ඇන්ද බඩට සෙන්ඩ් වෙන්න.මං ආදරේ කරනවා....ඔව්..ගොඩක්.. හරි......එයාව අමතක කරන්‍න මට බැහැ.මං එයාගෙම වෙලා..මං තියනවා හයිනා..බායි."

".........."

.
.
.
.
.
.
.
.

එයා ෆෝන් එක කියන එක පැත්තකින් තිබ්බා.එයා කියන විදිහට ඒකෙන් තව කෙනෙක් එක්ක කතා කලහැකියි.ඒක පැතලි කොටුවක් වගේ දෙයක්.

දැන් කතා කලේ හයිකුආන්,එහෙමත් නැත්තම් මගෙ සහොදරයා එක්ක කියලා මට තේරුණෙ එයාලාගෙ කතාවෙන්.ඒ කතා කරපුවා මට ඇහෙද්දි මගෙ පපුව රිිදෙන්න ගත්තෙ ඇයි කියලා මට තේරෙනවා..එයාට ඕනි මාව යවන්න...එයලා කියන විදිහට මාව යැව්වොත් බෝ ආයෙ එයි..එයා ඇත්තෙ අතීතෙලු.ඒ කියන්නෙ ගූසුවල...

ඊයේ රෑ හිනාවෙවීම කාලා ටීවි බල බල හිටිය එයාට මගෙ ඔඩොක්කුවෙම නින්ද යද්දි මං එයාව අරන් ඇවිත් ඇඳෙන් තියලා එයා එක්කම නිදා ගත්තා..

පුරුද්දටම පාන්දර පහට ඇහැරුණත් මගෙ අත උඩ නිදා හිටිය එයාව ඇහැරවන්න නොහිතුන නිසා මං එහෙමම ඇස් පියන් ධ්‍යාන වඩද්දි හතට විතර හයිකුආන් කතා කලේ..

මං දිහා බලලා මං නිදි කියලා හිතුව එයා ඒ හිටිය විදිහටම ඉඳන් හයිකුඇන් කතා කරලා ඇඳෙන් බැහැලා මට පොරවනය පෙරෙව්වා.

මටත් කතා කරන්න හයියක් නැති තැන මං එහෙමම හිටියේ මං කතා කලොත් උදේම කඳුළු වැටෙයි කියලා..

🌟 The Shooting Star 🌟 [ Completed ]Where stories live. Discover now