4th ⭐ Star

355 101 45
                                    

W 💚💜 W
( Wei Wuxian & Wang Yibo )

Wang Yibo Pov...💚

"අහ් මගේ ඔළුව..ටොන් ගාණක් බර වාහනයක් ඔළුව උඩ වගේ..."

මට කියවුනේ ඔළුව පැලෙන්න වගේ ආව නිසා...ඒ එක්ක ඇස් ඇරියම මට දෙක දෙක පේන්න ගත්ත හින්දා ආයෙත් ඇස් පියා ගත්තා..

.....යුමෙන්ග් නෙළුම් ඇට..ආ ගන්න ලාබයි..ලාබයි.....

......අළුත්ම සේද සාළු, අරුමෝසම් කොණ්ඩ කූරු, වළලු මාල පනා...පනා....

"යකෝව් මගේ ශ්‍රවණ වස්තුවට මොනාද මේ ඇහෙන්නෙ.මං නිකන් පොළක ඉන්න ෆීලින්ග් එකක්නෙ එන්නෙ...ඒත් ඇයි මේ මිනිස්සු මාංජමික බඩු විකුණන්නෙ..? යුමෙන්ග් නෙළුම් ඇට? සේද සාාළු.....?හරි මාංජමිකයි..වෙන විකුණන්න ඒවා නෑ වගේ.."

....යීලිං කුළ දෙටුවගෙ රූප ගන්න එන්න...ගෙදර දොරට,කාමරේට,සාලෙට,යන එන තැන් වලට අපල අනතුරු නැති කරන යීලිං කුළ දෙටු රූප...දෙකකට එකක් නොමිලේ.....

"අන්න ඒක නම් වටිනවා..යකෙක් වගේ වුනත් ඒ චන්ගානෙ..මටත් ඕනි..."

මට ඇස් පියාගෙනත් හිනා ගියෙ අන්ටමේඩ් මතක් වෙලා.. හෝව්..හෝව්....මේ මොකද්ද මේ වෙන්නෙ...

මගෙ ඇස් ක්ෂණිකව ඇරුණා.. කිසි ගැළපීමක් නැති ඒවා ඇහුනට දැනුයි හරියට මොළේට ගියේ.

"මං මේ කොහෙදෝයි ඉන්නෙ........??"

මං හතර වටේ ඇස් ඇරලා වඳුරෙක් වගේ බැලුවත් මං හිටිය තැන මං ම දන්නෙ නෑ..හරියට මෙතන අන්ටමේඩ් ගහද්දි අපි ගත්ත පොළක ලොකේෂන් එකක් වගේ..ඒත් මේ මිනිස්සු රඟපානවා වගේ පේන් නෑනෙ..දාගෙන විකුණනවා..

මෙතන අර අපි ජල භූතයො අල්ලන සීන් එක ගහද්දි පහු කරපු පොළ වගේනේ.... මං දුවන් ගිහින් හිට ගත්තෙ පාලමක් උඩ.වටේටම කැරකුණත් ඇරපු අතක් නෑ එතනම තමා..මිනිස්සු ඔරු පදිනවා..බඩු විකුණනවා..ළමයි දුවනවා..කිසි වෙනසක් නෑ අන්ටමේඩ් ම තමා..ඒ ඇඳුම්මයි එයාලා ඇඳන් ඉන්නෙ..මං විතරක් මොකාදෙකා වගේ වෙස්ටන් විදිහට ඇඳලා..

ආ........මං මේ හීනයක් දකින්නෙ...

මටම හිනා..මොනා වුනත් ෂෝක් හීනෙ..ඇත්තම වගේ..ටිකක් වෙලා ඇවිදලම ඇහැරෙනවා..ආයෙ මෙහෙම හීන කවදා දකින්නද..වෙයි යිං ඉන්නෝද දන් නෑ..

🌟 The Shooting Star 🌟 [ Completed ]Where stories live. Discover now