10th ⭐ Star

Beginne am Anfang
                                    

ලාන් චාන් ඇස් දෙක්ත් ලොකු කරන් අහද්දි මට කට උත්තර නැහැ..

"නැතුව..ඒම කරන්න ඕනි.ඒක සම්ප්‍රදායක්..."

"ආ...හ්ම්.."

ඒක තමයි එයාගෙ හොඳේ..මං කියන හැම දේම එයාට ඇත්ත..මං කිව්වම ෆ්‍රිජ් එක මගෙ සුරතලා තමයි කියලා එයා හරි ආදරෙන් ෆ්‍රිජ් එක අත ගාලා ඉතුරු වෙන කෑම හොඳට භාජන වල දාලා ඒකට දානවා.

ගෑස් ලිප ගාවට යන්න එපා ඒක ඇතුලෙ භයානක අධ්‍යාත්මික සත්වයෙක් ඉන්නවා මට විතරයි පාලනේ කිව්වම එයා මගෙ පිටිපස්සට වෙලා උරහිස්සට උඩින් ඇස් දෙකත් ලොකු කරන් සතා එනකන් බලන් හිටියා..ඉලෙක්ට්‍රික් කෙට්ල් එකෙන්, අවන් එකේන්, අයන් එකෙන් එයාව ඈත් කරලා තියන්න මං කිව්වෙ එක එක කටට එන බොරු..

එයා ප්‍රශ්න ඇහුවත් මං කියන ඒවා පිළිගත්තා..මට ඕනි වුනේ එයාව ඒවගෙන් අයින් කරන්න..එයා ඒවා දන්නෙ නෑනෙ..මං පොඩි ළමෙක් ගැන වගේ එයා ගැන බය වුනා.

"කෝ මෙහෙ එන්න..මෙතන බිමට.."

මං ෂේප් එකේ වෙන චැනල් එකක් දාලා එයාගෙ අතින් ඇදලා මං ලඟ බිම ඉන්දව ගත්තා..එයාගෙ කොණ්ඩෙ සෑහෙන්න දිගයි..සිනිඳුයි..සුවඳයි..ලස්සනයි...

මං එයාගෙ කොණ්ඩෙ පීරලා උඩින් අල්ලලා පෝනි ටේල් එකක් දාලා එයාගෙ නළලෙ තියන රිබන් එකට හෙමීට අත තිබ්බාම එයා ඔළුව උස්සලා මගෙ මූණ දිහා බැලුවා..මං ලාවට හිනා වෙලා අත අයින් කර ගෙන ටීවි එක දිහා බැලුවා.

'හ්ම්...ඒක අයිති වෙයි යිංට..මං කවුද..'

මට එහෙම හිතෙද්‍දි නම් දුක හිතුනා..

එයා බිමින් නැගිටින් නැතුවම මගෙ අතින් ඇද්දෙ මටත් බිමට එන්න කියලා..මාත් හිනා වෙලා එයා ලඟ බිම ඉඳ ගත්තාමත් එයා මගෙ අත අතැරලා දැම්මා.

ඒත් ඊළඟට එයා කලේ මං හිතපුවත් නැති දෙයක්..එයා එයාගෙ නළල් පටිය ගලවලා මගෙ අත අරන් ඒක මගෙ මැණික් කටුවෙ බැන්දා..ලස්සනයි..ඒත්..ඇයි ඒ...?

"ලාන් චාන්..ඇයි ඒ..?"

"මොකද්ද..?"

"මේක මට දෙන්නෙ..?"

"ඒක ඔයාට අයිති දෙයක් නිසා.."

"......ඒතෝට වෙයි...යිං...?"

🌟 The Shooting Star 🌟 [ Completed ]Wo Geschichten leben. Entdecke jetzt