26 - මනරම් රැය

1K 190 38
                                    

Black Eyes Season Two - 26

" හිරූ.......එන්න අපි ගමනක් යන්න ඕනි."

" ම්ම්ම්ම්හ්ම්..."

" බෑ කියලා බෑ කෝ......"

හිරූගේ නින්දට අභී බාධාකලේ දවස් නිදගතගමන තවමත් නිදි නිසයි....

" කෝ...... බඩුවක් පෙන්වන්න ඕනි මැණික... නැඟිටිනවකො මගේ නපුරු වලහා..."

" ආශ්........අයියලා මල්ලිලා ඔක්කොටම මාව පේන්නේ වලහෙක් වගේ නේද..? හිටපන්කෝ මම පෙන්වන්නම් දවසක වලස් ප්‍රහාරයක සැර... මට තාම ඒක බැරි උනා..."

" බලන්න හිරූ දැන් වෙලාව කීයද කියලා.. කෝ එළියට එන්න මට දෙයක් පෙන්වන්න ඕනි..."

අභී හිරූව නැඟිටවගෙන සාක්කුවේ දාගෙන හිටපු රෙදි පටියක් අරගෙන හිරූගේ ඇස් දෙක  බැන්දා..

" ඒයි රන් බබා.........මේ මොකක්ද කරන්නේ..??

" යමුකෝ......එන්නකෝ...?"

අභී හිරූගේ අතකින් අල්ලගෙන එළියට එක්කන් ගියා...

" අභී........මොකක්ද කරන්න හදන්නේ..??"

" දැන් මම කටත් ගැට ගහනවා තව කියෙව්වොත් එහෙම දුෂ්ටයා..."

" හපෝ හා හා... "

අභී හිරූව එයාට ලං කරගෙනම වගේ ගෙදරින් එලියට බැස්සා.. හිරූගේ කකුල්වලට සීතල තණකොළ ගෑවෙද්දී හිරූ එයා එලියේ ඉන්නේ කියලා හිතාගත්තා ...

"රන් බබා අපි එළියේ මොකක්ද කරන්නේ..? උඹ මාව එලියට දාලා දොරවහලා අතරමං කරන්න එහෙම නෙවෙයිනේ හදන්නේ..?"

" හපෝ කෑ නොගහා එනවකෝ වලස් කොල්ලෝ..."

අභී හිරූගේ දෙතොල් එකට තියලා ඇඟිලි දෙකකින්  තද කරා...

" ආයි........!"

අභී හිමීට හිරූව එක්කන් ගිහින් එක තැනකින් නැවැත්තුවා.. ඊට පස්සේ එයා හිරූගේ ඇස් දෙක හිමීට ලෙහලා දැමම හිරූ පුදුමයෙන් වශීවෙල් ඉස්සරහා බලාගෙන හිටියා...

මනරම් රාත්‍රියේ මුතු පින්න වැටෙන නිසංසල සොඳුරු වෙලාවක එයාගේ ඇස් ඉස්සරහා තිබුණු දර්ශනය ඒ හිත තවත් අභී වෙනුවෙන් පිරුණු ආදරේ උතුරලා දෝරේ ගැලුවා...

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now