24 - සැලසුම

981 204 70
                                    

Black Eyes Season Two.....

" හිරූ......... මේක අරින්න.... ප්ලීස්.. අපි කතා කරමු... "

අභී ගිහින් නොනවත්වාම දොරට ගසද්දී හිරූ ඇතුලත අඟුල සෙමින් පන්නා දමන්නට විය.....
ඒත් එක්කම අභී තල්ලු කරගෙන කාමරයට ඇතුළු වූ අතර හිරූ ඉක්මනින් ගොස් ඇද මත වාඩි විය...
අභීත් හිමීට  හිරූ ලගින් වාඩි වුනා..

" මැණික..."

" හ්ම්ම්..."

" අපි ගිහින් අප්පච්චිව බලමු.."

"ඔයාට පිස්සුද රන් බබා..."

හිරූගේ ඇස් තිබුණේ රතුවෙලා.. ඒ ඇස් අස්සේ තිබ්බේ වේදනාවද නැත්නම් කේන්තිය ද කියලා අභීට හරියට තෝරගන්න පුළුවන්කමක් තිබුනේ නෑ...
අභී ඉක්මනින් හිරූව එයාගේ සිනිදු පපුව මතට ඇදලා ගත්තා..

" අපි ගිහින් අප්පච්චිව බලමු මැණික..  මොනදේ වුනත් ඒ ඔයාගේ අප්පච්චිනේ.. එයාලා එහෙම උනාට ඔයා එහෙම වෙන්න එපා මැණික... අනික මට මුකුත් උනේ නෑනෙ මේ මම හොඳට ඉන්නේ.."

එතකොටම හිරූ කේන්තියෙන් අභී දිහා බලල මැණික් කටුව ලඟින් අල්ල ගත්තා...

" උඹ උඹ දන්නවද උඹ මැරිලා කියලා මම අවුරුදු කීයක් දුක් වින්දද කියලා.. උඹේ අයියට පිං සිද්ද වෙන්න තමයි මම ගොඩ ආවේ....
මොකද උගෙ ඇස්වලින් මම දැක්කේ උඹ නිසා...
එහෙන් උඹ අසනීප උනාම මම කොයිතරම් පිච්චුනා ද බං...
ඒ හැමදේම උනේ උන් නිසා...
මට උන් දිහා බලන්න බෑ බන්.. මාව පිච්චෙනවා .....

හිරූ ඉකිගහලා අඩන්න පටන් ගද්දී අභී හිරූව ආපහු තදින් බදාගත්තා....

" මට සමාවෙන්න හිරූ......හරි අපි යන්නේ නෑ... මට ඔයා ඔහොම වෙනවා බලන්න බෑ..
ඇත්තටම මම අවුරුදු දෙකකට වඩා හිටියේ නිදාගෙන ඒ නිසා මට කාලය ගැන කිසිම අවබෝධයක් නෑ.. මම හිටියේ හීනවල හිර වෙලා ඒ හැම හීනෙකම හිටියෙත් ඔයා .. ඒත් පුදුමය කියන්නේ මගෙ හීනවල මේ ගෙදරත් තිබුණා...."

" මම යන්නෑ අභී.... මගේ ආදරේ පනපිටින් විනාස කරලා දාපු මිනිස්සු ලඟට මම කීයටවත් යන්නෑ... එයා මගේ අප්පච්චි තමයි..ඒත් ඒ ඉස්සර.. එයා අපිව අයින් කරපු දවසේ මගේ අප්පච්චි මට මැරුණා .
උඹ අතුරුදහන් උනාට පස්සේ මම ඒ ගේ සේරම ගිනිතියලා ආවේ සෑයට ගිනි ඇවිළුවා කියන හැඟීමෙන්.. ඒ නිසා මාව අසරණ කරන්න එපා වස්තූ....."

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now