![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
"ඔහ්..ලාන් චාාාන්...ඔයා ආවා...මං හිතුවා මාව අමතක ඇති කියලා..."ඔබ අමතක වෙන්න නම් මං මිය යා යුතුයි වෙයි යිං.ඒත් ඒ ඔබට නම් මාව මතක් වී නැහැ වගේ.මා තනියම ගෙවූ වසර මට මං ඔබට ආදරය කරන තරම වටහා දීලා.තව නම් බැහැ ඔබට මාව අතාරින්න.
"ලාන් චාන්...කතා කරන්නකො.ඇයි බලන් ඉන්නෙ?"
"වෙයි ඇයි මේ තරම් කල් ගත්තෙ..?"
"අයෝ..ඒ තරම් කාලයක් ගත වෙලා නෑ.ඔබව මතක් වුන නිසා බලලා යන්න ආවා.." වෙයි යිං හිනාවෙන්ම මං ළඟට ආවා.
"බලලා යන්න..?"
මං ඇහුවෙ මටවත් නෑසෙන ගානට.ආයෙ යන්න හිතන්නෙවත් කොහොමද ඔබ..?
"ඔව් ලාන් චාන්..මං කිව්වෙ එදා මාව ඕනි තැන..මට හිමි තැන හොයාන මං යනවා..."
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මං කිව්ව දේ ඇහුන නිසා එයා කිව්වෙ කන්ද පුරාම ඇස් යවන ගමන්.මගෙ ඇස් නම් එයාටම නතු වෙලා.මට තවත් ඉවසන්න බැරි වුනා.මගෙන් ඈතට යන්න දෙන්න බැහැ ඔබට. මං එයාගෙ අත අල්ල ගත්තෙ තද කරලා.එයා ඇස් දෙක ලොකු කරන් මං දිහා බැලුවා."එක පාරක් නෙවෙයි දෙපාරක් නෙවෙයි තුන් පාරක්ම මං ඔබව නැති කර ගත්තා.ඔබ අඳුරු වනයෙ සිටියදි මාස තුනක් මං බලන් හිටියා.ඔබ එදා රැයක් නැති නගරයෙදි මාව දාලා ගිහාම අවුරුදු දහසයක් මං බලාන හිටියා ඔබ වෙනුවෙන්..ඒක කොයි තරම් රිදුණත් 'ලාන් චාන්' නොවී 'හන්ග් ග්වංජූන්' වෙලා ආයෙත් මං ඔබට යන්න දුන්නා...අවුරුද්දක්..ඔව් අවුරුද්දක් මං මැරි මැරි ඉපදුනා..ආයෙ නම් බැහැ වෙයි යිං..මාව දාලා යන්න එපා..මං ඔබට ආදරෙයි වෙයි යිං..."
![](https://img.wattpad.com/cover/302294725-288-k8352.jpg)
2nd ⭐ Star
Start from the beginning