note

963 213 409
                                    

ඉල්ලන්නම් මුලින්ම එක දෙයක්.. මේ කතාවෙ වෝට් විතරක් කරපු අය.. එහෙමත් නැත්නම් වෝට්වත් නොකරපු අය අන්තිම වෙනකල් කියෙව්වා නම්.. ඔයාලට මේක නිකමට හරි හොදයි කියලා හිතුනා නම්.. මේ චැප්ටර් එක අවසානයේ මට හාට් එකක් කමෙන්ට් කරලා යන්න.. එතකොට මන් හිතාගන්නම් මන් මේක හොදට කලා කියලා ❤

~~~~~~~~~~

එහෙනම් ඉතින් ඔන්න නිල් පාට තීන්ත පෑනත් නතර වුනා ටික කාලෙකට.

ම්ම්..

ඇත්තෙන්ම මන් දන්නෑ මන් මොනවද මේ නෝට් එකේ කියන්න ඕනි කියලා.. කමක් නෑ.. මට ඔයාලත් එක්ක කතා නොකර යන්න ඕනි නෑ ඇත්තෙන්ම..

ඇත්තටම කිව්වොත් මට සෑහෙන්න මහන්සි දැන්. මගේ ජීවිතේ මන් ගොඩක්ම ආදරේ කරන කලාවක් විදිහට සලකන ලේඛන කලාව මට දැන් ටිකක් මහන්සියක් ගෙනත් දීලා වගේ හැගෙනවා.

මේ කතාව ඉවර කරාම මට නිදහසක් දැනෙයි කියලා හිතුවත් මගේ හිතේ මට වෙනදට වඩා හිස්තැනක් විතරයි දැනෙන්නෙ. මන් ඕනි තැනක දිවුරනවා මන් ගොඩක්ම ගරු කරන මගේ කතාව වින්ටර් බෙයා කියලා.. මොකද මන් අද මෙතන ඉන්නෙ ඒ කතාව නිසා මිසක් වෙන මොකවත්ම නිසා නෙවෙයි.

ඒත් "තවමත් ඔබ සමග"

දෙවියනේ ඇත්තෙන්ම.. ඒක මට ගෙනත් දුන්නෙ අමුතු අත්දැකීම් සහ විඩාබර මතක. මේක මුල ඉදන් කියවද්දි ඇත්තෙන්ම මන් පුදුම වෙනවා මේක මගේම නිර්මාණයක් ද කියලා.. ඒ කියන්නෙ කෙලින්ම කීවොත් මන් මේක ගැන සෑහීමකට පත් වෙනවා.

මල් භාශාව.. දන්න විදිහට කෙලින්ම කියලා දැම්මොත් ෆ්ලවර් ලැන්ග්වේජ් එක.. විශ්වාස කරනවද ලිලී කියන්නෙ මරනයේ මල කියලා..

ඊටත් වඩා ඔයාලා විශ්වාස කරනවද මන් මේ කතාවෙ දීම් එක ලිලී විදිහට අරගෙන ලියලා ඒකෙත් තිස්වෙනි එපිය ලියද්දියි ලිලී කියන්නෙ මරනයේ මල කියලා දැන ගත්තා කියලා කීවොත්..

ඔයාලට නෙවේ ඇත්තටම මටවත් හිතාගන්න බෑ. ඒත් ඒක අහම්බයක් වුනත් ඒ අහම්බය හොදම අහම්බයක් වෙලා වගේ. මන් හරිම මල තෝරලා තියනවා.

ඔයාල දන්නවද මන් මේක හිතද්දි මුලින්ම හිතුවෙ අන්තිමට සේහි කියන චරිතය මැරෙනවා කියන එක. ඒත් මන් ෆ්ලොට් එකේ ලියලා තිබුනෙ සේහි ඩිසේබල් චරිතයක් වෙලා ආපහු එනවා කියන එක. ඒ වුනත් මේ වුනේ ඇත්තෙන්ම වුන දේ.

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now