chapter 06

826 247 103
                                    

Still With You ( Fan Fiction Only )
_Chapter 06_

____________________________________

그게 또 익숙해 나지막이 들리는

Geuge tto iksukae Najimagi deullineun

But I'm used to it again..

නමුත් මම එයට නැවත ඇබ්බැහි වී ඇත..

____________________________________

සේහි අන්තිමට ඇයගෙ උත්සාහය ජය ගත්තා. විවාහය සිද්ද වෙන දවසෙ උදේ ඇයට සෑහෙන්න අමාරු වෙලයි තිබුනෙ තමන්ගෙ හිත හදා ගන්න. මොකද දේයන්.. ඔහු ඒ වෙනකොටත් මේ ලෝකෙ දාලා ගියත් ඒ ආදරේ සේහිට වෙනසක් වෙලා තිබුනෙ නැහැ. අන්න ඒ නිසාම ජොන් ජන්කුක් කියන චරිතෙට සම්බන්ද වෙන්න සේහිට කොහොමටවත් ඕනි කමක් තිබුනෙ නැහැ.

ඒ වගේම ඇය හොදටම දැන ගෙන හිටියා කවමදාවත් ඇයට මේ විවාහය හින්දා කිසිම සතුටක් ලැබෙන්නෑ කියලා සහ ජන්කුක් කවමදාවත් තමන්ව ඔහුගෙ බිරිද විදිහට පිලි ගන්නෙ නැහැ කියලත්.. ඇත්තටම ඇයට ජීවත් වෙන්න කිසිම උවමනාවක් තිබුනෙ නැහැ. මොකද දේයන්ගෙ මරනෙදි, ඒක කරපු කාගෙන්වත් පලි ගන්න අදහසක්වත් අඩුම තරමෙ සේහිගෙ හිතේ තිබුනෙ නැති නිසා. බැරි වෙලාවත් එහෙම අධිශ්ටානයක් තිබුනා නම් සේහි ඒ වෙනුවෙන් හරි ජීවත් වෙන්න ආසාවක් හදා ගන්න ඉඩ තියෙන්න තිබුනා. ඒ වුනත් ඇයට එහෙම ඕනිකමකුත් තිබුනෙ නැති නිසා මෙහෙම විවාහයක් එක්ක බැදීමත් ඇති වෙන්න දෙන්න කිසිම උවමනාවක් එයාට තිබුනෙ නෑ.

කොහොම වුනත් ඇය දේයන්ව විශ්වාස කලා. ඔහුගෙ ෆොටෝ එකක් පවා. නෑ.. ඔහු හීනෙන් ඇවිත් කතා කළත් ඒ කියන හැම වචනයක්ම සේහි පිලි ගත්තා. අන්න ඒ විදිහටයි ජොන් ජන්කුක් එක්ක විවාහ වෙන්න එහෙම නැත්නම් සේහි කියන නම ජොන් සේහි කර ගන්න සේහි හිත හදා ගත්තෙ. ඒ ඇරෙන්න ඒ සිද්දියට වෙන කිසිම බාහිර බලපෑමක් තිබුනෙ නැහැ. කොටින්ම කිවෝත් ජන්කුක් ගැන කිසිම හැගීමක් සේහිට තිබුනෙ නැහැ. ඒ දේයන්ට ආදරේ කරලා ඒ ආදරේ නැතිවෙලා ගිය නිසා නෙවේ. ජොන් ජන්කුක්ගෙ ප්‍රතිරූපයට පවා සේහි අකමැති වුන එක.

විවාහයක් ගිවිසුමක් වුනත්, විවාහයක් යෝජනාවක් වුනත්, විවාහයක් ආදරණීය වුනත් ඒක වගකීමක්. ඒ නැතුව විවාහය කියන්නෙ නිකන්ම අකුරු හතරකට සීමා වුන විහිලුවක් නෙවේ. සේහි ඒ දේ ගැන දැනන් හිටියත් දැන් කාලෙ කිසිම කෙනෙක්, නැහැ, අඩුම තරමෙ කෝටිපති ව්‍යාපාරික ජන්කුක්වත් ඒ වගකීම ගැන දැනන් ඉන්න නැතුව ඇති.. මෙහෙම දෙයක් වෙන්න ඉඩ දෙන්න තරම්..

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now