chapter 17

911 256 111
                                    

Still With You ( Fan Fiction Only )
_Chapter 17_

____________________________________

밤하늘에 환하게 울고 있는 것 같아서

Bamhaneure hwanhage ulgo inneun geot gataseo

Feels like it's crying brightly in the night sky

හරියට දීප්තිමත්ව අහසෙ එය හඩනවා වගේ..

____________________________________

" හෙලෝව්.."

" ආ මැඩම්.. තමුන් මොකක්ද කරන්නෙ.."

" ජිමින්ශී.. මොකද මේ වෙලා තියන්නෙ..?"

" තමුසෙ ඔය ශී කෑල්ල කැපුවෙ නැතොත් මන් තමුසෙගෙ දිව කපනවා.. මතක තියා ගන්නවා.."

" හරි මනුස්සයෝ.. කෑ ගහන්නෙපා.."

" හුම්.."

" දැන් මොකටද කතා කලේ..? මැච් එක ගැන අහන්නද..?"

" නැහැ.. වෙන දේකට.."

" ඕකේ.. කියන්න.. මොකක්ද අවුල..?"

" හෙට ලෑස්ති වෙලා ඉන්නවා.. මන් තමුසෙව ගන්න එනවා.."

" වට්..!?" ජිමින් කිව්ව දේ තේරුම එකපාරටම සේහිට හිතා ගන්න බැරිවුනා.

" අනිද්දා මන් තමුසෙව මැරි කරනවා.. කතා දෙකක් නෑ.. හෙට හවස දෙක වෙද්දි ලෑස්ති වෙලා ඉන්නවා.."

" ඒ.."

සේහිට කියා ගන්න ඕනි වුන දේ කියලා ඉවර කරන්න කලින් ජිමින් ලයින් එක කට් කළා. සේහිට ඉබේම බැලුනෙ ඩොකියුමන්ට් එකක සයින් කර කර හිටපු ජන්කුක් දිහා. ඒත් ඔහු ඉක්මනින් ජනේලයෙන් පිට බලා ගත්තා.

පාක් ජිමින් කියන්නෙ සේහිව වටින කෙනෙක්. ඒත් ජොන් ජන්කුක් කියන්නෙ සේහිව වටින කෙනෙක්ද..? ඒක මගේ හිතේ නම් තාමත් ඉතුරු වෙලා තියන්නෙ ප්‍රශ්නාර්'ථයක් විතරයි.

A/N :) ඔයාට මන් දෙයක් කියන්නද..? ඔයාට වටින්නෙ නැති දාහක් මේ ලෝකෙ හිටියත් ඔයාව වටින එක්කෙනෙක් හරි මේ ලෝකෙ ඉන්නවා. ඔයා අන්න එයා වෙනුවෙන් බලාපොරොත්තුවක් තියා ගන්න ඕනි.. ( සාදු 😂)

මුලු සෝල් පරිසරයම සීතලයි වගේ. සේහි බලන් හිටපු ජනේලයෙන් ඇය දැක්කා හිරු මලානික වෙලා ඉන්නවා. ඒකෙ තේරුම බැරි වෙලාවක් හිරු ඉන්නෙත් ඒ වෙලාවෙ තනිවෙලා කියන එකද..?

STILL WITH YOU | JJK AU | ✔️Wo Geschichten leben. Entdecke jetzt