" යුගියා.....!"

" නෙතුම් ආවද..? "

" හ්ම්ම්.ආන් අරුන් දෙන්නා ආයෙම කාන්දම් වෙලා.."

මගේ ඇස්වල කඳුළු පිරුනේ ඒ අතීතය මතක් වෙලයි.

" එයාලා ඉස්සරත් එහෙම ද නෙතූ...?"

" අහ්.. !"

එයා මට කිව්ව ශෝට් නමට මාව ගැස්සුනත් එයා ඒක දැක්කෙ නැත්තේ එයාගේ ඇස් තිබ්බේ හිරූලා ලඟ නිසයි...

" හ්ම්ම්. ඉස්කෝලේ කාලේ ඉදලම එහෙමයි... "

" අවුලක් හිතන්නේ නැත්නම් මට උදව්වක් කරන්න පුළුවන් ද..?"

" අඩේ උඹට පිස්සුද .. මොනවට අවුල් ගන්නද..කියපං ඔනි දෙයක්..!"

" අපි පොඩ්ඩක් පන්සලෙන් යමුද.. මේ ලග ටවුන් එකක් තියනවා... "

" හ්ම්... හරී.."

මම කිසිම දෙයක් කිව්වේ නෑ... ඒකත් එක හදවතක් වෙන්නැති.. මොන දේ උනත් ඒ පපුව ඇතුලෙත් තියෙන්නේ ගලක් නෙවෙයිනේ...
මම හා කිව්වම එයා ගිහින් එයාගේ පපාට මාව ඇගිල්ල දික් කරලා පෙන්නලා මං ලගටම ආයේ ආවා...

" යමු..!

ඇත්තටම යුගීත්ට මමත් රැවටුනා අභී කියලා.. මුලින් මට යුගීත්ව පේන්න බෑ.. ඇත්තටම අභී කියලා රැවටුනේ නැත්නම් යුගීත්ට තාමත් මම අකමැති වෙන්න ඉඩ තිබ්බා...
හේතුවක් දන්නෑ.. මම මුල ඉදලම යුගීත් හිරූට ලං වෙනවට කැමති උනේ නෑ...
ඒත් දැන් මට දුකයි..ඒත් තාමත් මට ඕනි නෑ හිරූ එයාගේ වෙන්න.. හිරූ අයිති අභීට.....

මම කා එකට නැග්ගම එයත් ඇවිත් නැග්ගා.... මම මුකුත්ම ඇහුවේ නෑ... එයා දිහා සැරෙන් සැරේ බැලුවා විතරයි.. නිරාෂා ගියත් මට දුකක් ඇති නොවුන එකේ යුගී එහෙම කල්පනා කරලා මූඩ් අවුල් ගහන් ඉන්න එකට මට දුක හිතුනා...

ටික දුරක් අපි ආවා.. දෙපැත්තේ තිබ්බ රූස්ස ගස් නිසා වටේම තිබ්බේ කළුවරක්.. හරියට  රූස්ස ගස් විසින් හඳ එළිය හොරකන් කරලා වගේ..

" නෙ..තු...ම්...!!ඉක්...!"

එයා අඩනවා.. මම වාහනය අයිනට කරලා නැවැත්තුවා... ඒත් එක්කම එයා එයාගේ සීට් බෙල්ට් එක ගලෝලා එක පාරටම මගේ ඇගට පැනලා මගේ පපුව අස්සේ මූන ගහ ගත්තා... හරියට පොඩි බබෙක් වගේ....
එයා හයියෙන් අඩන්න ගත්තම මගේ පපුවට ඒ කඳුළුවල බර දැනුනා...

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now