19 - කාලය

Start from the beginning
                                    

ඇත්තටම මට කියන්න බැරි අමාරු තිත්ත ඇත්තක් අපි අතර තිබුණා.. ඒ අපි දෙන්නගේ සෙක්ස් ලයිෆ් එක කොයිම වෙලාවකදීවත් සතුටක් උනේ නෑ කියන එක..
මගේ ඇග දුර්වල නැති උනත් මොකක් හරි කරුමෙකට මට දරුවෙක් හදන්න තිබ්බ ශක්තිය අහිමී කියලා අපි දැනගෙන මාස කීපයක් වෙනවා.. ඇත්තටම සෙක්ස් ලයිෆ් එකේ සතුටක් නැති උනත් අපි ට්‍රයි කරා දරුවෙක් හරි හදාගන්න.. ඒත් ඒ වෙනුවට අපිට ලැබුනේ එක්තරා දුකක් විතරයි .  ඇත්තටම නිරාෂා කියන්නේ දරුවන්ට ගොඩක් ආස කෙනෙක්... ඒත් මම නිසා ඒක එයාට නැතිවෙනවා කියන්නේ මම පව් කාරයෙක්...
ඩොක්ටර් අපි දෙන්නවම බලලා ඒක කිව්වට පස්සේ නිරාෂා මගෙන් කොහොමත් ඈත් උනා.. ඒත් එයා මට  ඇත්තටම ආදරෙයි නම් මම දරුවෙක් හදාගමු කිව්වම එයාට හා කියන්න තිබ්බා..
ඒ වෙනුවට එයා කලේ මට ගස්සලා ගිය එක..එයාට ඕනි එයාගේ කුසෙන් වදන්නලු. මම කිව්වා ඒකටත් වෛද්‍ය ක්‍රම තියනවා කියලා.. ඒත් ඒ වෙද්දිත් එයාගේ ජීවිතයට කෙනෙක් ඇවිත් කියලා මට ඉඟි ලැබිලා තිබුනා...
නිරාෂා ගියත් එක්කමයි මට අභී ( යුගී ) කෝල් කරේ...
මට සේරම අමතක උනේ එයා කිව්ව දේත් එක්ක...
එතකොට යුගීත් කියන්නේ අභිරු නෙවෙයි.....
අභිරු කියන්නේ යුගීත් නෙවෙයි... දෙන්නා සහෝදරයො ද?? එතකොට හිරුවා... මාව සිද්දිය එක්ක රත් උනේ නිරාෂා ගිය එකවත් මට නිනනව්වක් නැති වෙද්දියි...

" හරි මම දැන්ම එන්නම්.!"

මම ඉක්මනින් කා එක අරගෙන නැන්දටත් කියලා ගෙදරින් එලියට බැහැලා ලෑල්ලට පාගලා යුගී ලොකේෂන් දාපු පන්සලට ආවා..
මම යද්දී රෑ 7.30 ත් පහුවෙලා....
මම ඇතුලට යද්දී සෙනග හිටියා.. ගොඩක් අය පූජාවක් තියනවා...
හරියට චෙස් බෝඩ් එකක ඉත්තො වගේ පිළිවෙලට තැන් තැන්වල හිටියා..

ඈතින් මම දැක්කා මාරම ලස්සන දර්ශනයක් ගොඩක් කාලෙකට පස්සේ ලස්සනම ලස්ස ආදරවන්තයෝ දෙන්නෙක් එකට වැලි මළුවට වෙලා වාඩි වෙලා ඉන්නවා...
මට මතක් උනේ හිරූ අභී වෙනුවෙන් උන වැලපීම්.... කොල්ල දුක් වින්ද හැටි මතක් වෙද්දී ආපහු මගේ පපුව පත්තු වෙනවා..
ඇත්තටම මම නිරාෂාට ආදරේ කලේ නෑ ඒ තරම්.. උන් දෙන්නගේ තිබ්බේ ඒ තරම් බැඳීමක් ...
ඇත්තටම විෂම ලිංගික අයට වඩා සේම් අය ගොඩක් ආදරෙයි ලු.. ඉරිසියාකාරයිලු... 
මගේ හිතත් ආස ඉරිසියාකාර ආදරේකට...
මම දෙන්නා දිහා බලාගෙන ඉද්දී මගේ අතට දැනුනා හුරුපුරුදු උණුහුමක්....

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now