අඩුම තරමේ garden එකේවත් කවුරුවත් හිටියේ නෑ.

"Doctor වාඩි වෙන්නකෝ. මන් බොන්න මොනවහරි ගේන්නම්"

"ඕහ් හරි"

Mr.Jeon වාඩි වෙන්න කිව්වට මට එහෙම වාඩි වෙලා ඉන්න පුළුවන් කමක් තිබ්බේ නෑ.

හිත කිව්වෙම ගේ පොඩ්ඩක් සෝදිසි කරන්න කියලා.

ඉතින් මන් බිත්තියේ එල්ලලා තිබ්බ පරණ තාලේ චිත්‍ර දිහා බල බල හිටියා.


ඒ ගෙදර කාමර 20කට වඩා තියනවා කියලා මට තේරුණා.

කාමර වලට ඔලුව දාන එක හරි නැති නිසා මන් වට පිටේ තිබ්බ බඩු මුට්ටු දිහා බල බල හිටියා.



එතකොට මම දැක්කා sofa එක ළඟ තියන ලොකු මල් පෝච්චිය.

ඒක දිහා බල බල ඉන්නකොට මන් දැක්කා sofa එකේ යට හරියේ තියන දුඹුරු පැල්ලමක්.


ඒක ටිකක් ලොකුවට තිබ්බ නිසා මට පෙනුනා. ඒත් එක්කම තවත් පොඩි පොඩි පැල්ලම් වගයක් ඒ ළඟම sofa එකේ තියනවා කියලා මන් දැක්කා.




ටිකක් නැවිලා ඒ ගැන බලන්න කියලයි මන් හිතාගත්තේ.

"Doctor Park!"

"ඕහ් Mr.Jeon......"

"මේ මල් පෝච්චිය මන් පැරිස් වලින් ගෙනාවේ doctor ඒකට වශී වෙලා වගේ ඉන්න එකට මම පුදුම වෙන්නේ නෑ. මේ ගෙදරට එන හැමෝම එහෙමයි. ඒකේ තියන සියුම් කැටයම් නිසා පුදුම ලස්සනක් තියෙන්නේ"




"ඔව් ඒක තමා. මේක ගොඩක් ගණන් වෙන්න ඇති නේද?"


"ඒක ඇත්ත දොක්ටර්. මේ වගේ වටිනා නිර්මාණ මේ ලෝකෙටම තියෙන්නේ අතළොස්සයි. ඉතින් ඒවගේ දේවල් එහෙම ආවට ගියාට මිල කරන්නේ නෑනේ"



"ඔබතුමා මොකද්ද කරන job එක? මන් එහෙම  ඇහුවට කමක් නැද්ද මන්දා"


"අහ් ඒකට කමක් නෑ doctor. මන් හිතුවෙ දොක්ටර් ආවේ මගේ job එක ගැන දන්න නිසා කියලා"



"අහ් මන් ආවේ reports ටික දෙන්න. Mr. Jeon ගැන මොකුත් දන්නේ නෑ මම"


"ඕහ් මෙහෙමයි Doctor මන් building plans අඳින කෙනෙක්. Specially hidden area එහෙම තියන plans."




RescuedWhere stories live. Discover now