ලීයා කටට එන බොරුවක් කියලා ඇහුවා....

ඔව් කෙල්ලේ... මේ මැසේජ් එකකුත් එවලා වැඩේ හරිද කියලා... එහෙනම් මන් ගිහින් එන්නම්... හවස් වෙලා ෆන්ක්ශන් එකට මං කොහොමත් එනවනේ.... අවුලක් උනොත් කෝල් කරන්න....

සැලුන් එකේ අක්කා පෝන් එකේ ස්ක්‍රීන් එකේ දිස් වෙන මැසේජ් එකත් පෙන්නන ගමන් එහෙම කියාගෙන කාමරෙන් එලියට ගියා....
තව ටිකක් වෙලා කෙල්ල කාමරේ ඇතුලේ එහාට මෙහාට යන ගමන් කල්පනා කර කර ඉන්නකොට දොරට ගහන් සද්දෙත් එක්ක ලීයා ගැස්සිලා ගියා...

එයාද?

තනියම කියෝගන්න ගමන් කෙල්ල දොර දිහාට අඩිය තියලා ටිකක් වෙලා සද්ද නැතුව හිටියට දොරට ගහන සද්දේ විතරයි ඇහෙන්නේ...

ක...වුද ?

වචන පැටලි පැටලි කතා කරත් එහා පසින් නම් ම්ම් හුම් ... කිසි සද්දයක් නෑ... එන්න එන්නම දොරට ගහන පාර සැර වැඩි වෙද්දී ඕන මගුලක් වෙද්දෙන් කියලා කෙල්ල දොර ඇරියා..

මොන රෙද්දක්ද අයිසෙ... ඇතුලට වෙලා කරන්නේ... කී පාරක් දොරට ගැහුවද.. උඹ මොන සිහියෙන්ද හිටියේ...

මං... මේ....

දොර ඇරපු ගමන් පුදපි යකා කියලා කුකි කෙල්ලගෙ ඇගට කඩා පැනලා එහෙම්මම කෙල්ලවත් පාස් කරන් බැල්කනී එකට ගිහින් ජිමින්ට කෝල් එකක් ගත්තා....

හලො... මචන් ම මේ එන ගමන් ඉන්නෙ උබලව ගන්න...

කුකි මොකුත් කියන්නත් කලින් කෝල් එක ආන්සර් කරපු ගමන් ජිමින් කියන් ගියා...

බන් මං තාම ඩ්‍රෙස් කරෙ නෑ...

මොකක්...

වහනෙත් බ්‍රේක් කරන ගමන් ජිමින්  ඇහුවෙ පුහුමයෙන්...

මොන හු## යකෝ තෝ මෙච්චරවෙලා කරෙ... දැන් වෙලාව බලපන් ඇස් ඇරලා... හොටෙල් එකට කට්ටියම ඇවිත් ඉන්නේ... උඹ විහිළු කරනවද ?

අයියෝ බන් විහිළු නෙවෙයි... මං මේ මට.. මෙහ්... මට ඊයේ රෑ පොඩ්ඩක් වැඩි උනා යකෝ..

ඕ...හෝ... කෙල්ල යහතින් ඉන්නවද බන්... ලැජ්ජා නැද්ද හිපාටුවෝ ඕවා මට කියන්න...

𝓞𝓾𝓻 𝓗𝓪𝓷𝓮𝔂𝓶𝓸𝓸𝓷Tempat cerita menjadi hidup. Temukan sekarang