~~~~~~~~~~

වෛද්‍ය මින් යුන්ගි ජොන් සේහිට කරපු සම්පූර්'න ශරීර පරීකශනයේ බහුතරයක්ම වාර්'තා හොද වුනත් එකම එක වාර්'තාවක් තිබුනා ඕනිවටත් වඩා නරක. සේහිගෙ ගර්'භාශෙ පලවෙනි කළලය නැති වුන වෙලාවෙ ගර්'භාශ පටල වල ඇති වුන දුර්'වල වර්'ධනය නිසා සේහිට තව දුරටත් ඇගේ කුස තුල දරුවෙක් හදා ගන්න හැකියාවක් තිබුනෙ නෑ. බැරිම වෙලාවත් එහෙම දෙයක් වුනොත් සීයට අනූ නවයකම ප්‍රතිශතයකින් සේහිට ජීවිතය අහිමි වෙනවා කියලා මින් යුන්ගි සේහිට අවධාරනයෙන් පැහැදිලි කළා. සේහි පවා ඒක පිළිගත්තා..

ඒ දේ නිසා සේහි රෝහලෙන් පිට වෙන වෙලාවෙ හිටියෙ හොදින් නෙවෙයි. සමහර විට ඒ වග ඔයාලට හදුන ගන්න බැරි වෙන්න ඇති. ඇය ඒ ගැන තමන්ගෙ සැමියට කියන්න කාර්'යාලයට එන වෙලාවෙ යේරා.. එනම් ජන්කුක්ගෙ කලින් අනියම් බිරිද කාර්'යාලයෙන් පිට වෙලා යනවා දැකපු නිසා ඒ ගැන කියන්න සේහිට උවමනාවක් තිබුනෙ නෑ. ඒත් සේහි හිතන්න ඇති ජන්කුක් තමන්ගෙ වෛද්‍ය වාර්'තා පිළිබඳව තමන්ටත් වඩා උනන්දු වෙයි කියලා.

නරක දෙයක් වෙන්න යනවා කියලා ඉවෙන් වගේ ඇයට දැනෙන කොටත් ජන්කුක් හිටියෙ ඇයට ඈතින් වගේම ඇය අම්මා කෙනෙක් වෙන්න සුදුසුකම් ලබලා තිබුනා. සේහිට ඒ වෙලාවෙ සතුටු වෙන්න කිසිම උවමනාවක් තිබුනෙ නෑ. ඒ වගේම ඇය දුක් වුන බවක් පේන්න තිබුනෙ නෑ කියලා මට මතකයි.

අන්තිමට සිද්ධ වුන හැම දෙයක්ම අබියස සේහි හිතා ගත්තා ඒ වුනේ වෙන්න තිබුන හොදම දේ කියලා. ඇයට කවමදාවත් ජන්කුක් ළග බලෙන් රැදෙන්නවත්, ඒ වගේම ඔහුට පාඩමක් උගන්නන්නවත් ඕනි වුනේ නෑ. ඒත් වෙන්න තියෙන දේවල් ඒ විදිහටම වෙන්න පටන් අරන් තිබුනා.

සේහිගෙ හිතේ ඒ වෙලාවෙ එකම දෙයයි තිබුනෙ. ඒ තමන්ගෙ දරුවව යේරට බාර දීලා ඇය දේයන් සහ ඇගේ දරුවා ළගින් නිදනවා කියලා.

සදාකාලිකවම..

~~~~~~~~~

ලිලී මල්..

මමත් කවමදාවත් හිතුවෙ නෑ ඇත්තෙන්ම ලිලී මල් වල අවසානෙ මේ වගේ වෙයි කියලා. මන් විශ්වාසයෙන්ම කියන්නම් මන් මෙහෙම වෙන්න කියලා කවමදාවත් පැතුවෙ නෑ කියලා. ඒත් දෛවයට අදාළ වුනේ නෑ මන් ඒක පැතුවද නැද්ද කියන එක. එයා එයාට ඕනි විදිහට දෛවය ලිව්වා.

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now