4 - රන් බබා කවුද

Start from the beginning
                                    

" ඔහොම ඉන්න.......මට ඔයා එක්ක කතා කරන්න ඕනි.... !"

ඒත් හිරූ ඊලඟ තප්පරේ ආපහු එයාගේ හිත රිදවගෙන යන්න හැරුණම යූ ඇවිත් එයාගේ ඉස්සරහට පැන්නා...

" මොකද.???"

ආරූඪ කරගත් හිනාවක් ඇදගෙන හිරූ කේන්තියෙන් දත් මිටි කෑවම යූගේ ඇස් ගැස්සිලා ගියා...

" එහාට වෙනවා.....මට යන්න ඕනි..."

" එහෙනම් ඊට කලින් කියනවා මේ කලින් පිටුවල ඉන්න බෝයි කවුද කියලා....මට ඔයාගෙන් ඒකට උත්තරයක් ඕනි හිරූ......... ??"

හිරූගේ ඇස් කුතුහලයෙන් පිරෙද්දී යූගේ ඇස්වල තිබ්බේ හැඟීම් ගොඩක් මිශ්‍ර හැඟීමක්... ඒ අතරට කුතුහලය , පුදුමය , බය සේරම ගැබ්වෙලා තිබුනා...

' " ඒ මගේ පන...... මට ඒ පිටු ටික විතරක් ගලවලා දීලා ඔයා ඕනිනම් ඔයාගේ පිංතූර ටික ගන්න...  !"

හිරූ සන්සුන්.. වෙනදා වගේ ඒ ඇස්වල කඳුළු නොතිබුණත් තිබුණේ වේදනාව මුසු අමුතු සතුටක්.... හිනාවෙන්න ද අඩන්න ද කියලා එයාට හිතාගන්න බැරුව ගියා...

අඩනවන්න හේතුවක් විදියට තමන්ගේ ඇස් ඉස්සරහ ඉන්න කොල්ලා තමන්ගේ මුළු ලෝකයම උන කොල්ලා වගේ වෙද්දී හිනාවෙන්න හේතුවක් විදියට මේ අලුත් රූපේ නිසා හිරූ හේතුවක් රහිතවම සැනසුනා...

" ඒ ඔයාගේ කවුද හිරූ......??"

" හ්ම්ම්ම්ම්......... "
දිගු හුස්මක් අතෑරල හිතේ තිබ්බ බර දෙයක් හිරූ වචනවලට පෙරළුවා..

"ඒ  මගේ බෝයිෆ්‍රෙන්ඩ් "

ඒ වචනත් එක්ක යූ ගේ කලබලකාරී ඇස්වල කඳුළක් පිරිලා ඉතිරිලා කම්මුල් දිගේ රූරා වැටුණා...

" එයා දැන් කෝ හිරූ.......??"

"මෙන්න  මෙතන ... ! මෙතන පුරවලා ඉන්නේ එයා...."

හිරූ යූගේ අත අරගෙන එයාගේ පපුවේ වම් පැත්තට තියාගත්තේ යූ ව පුදුම කරමින්...
සිරුරේ දැවටිනු ඒ සිනිදු අත් නිසා හිරූගේ හදවත වේගයෙන් ගැහෙද්දී හිරූ ඉක්මනින් අඩියට දෙකට ආපහු හැරිලා යන්න ගියා...

" මේ අහන්නකෝ..............හිරූ...........................

යූ කෑ ගගහා උඩ පැන්නේ දැනටමත් ඈතට ගිය හිරූ දිහා අත උස්සලා වනන ගමන්.....
ඒත් හිරූනම් හැරුණේ නෑ.......

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now