"එහෙනම්....!?"

"ඔ-ඔයාම නේද කිව්වෙ චිම් ඔයත් දැක්ක කියලා එයා කොල්ලෙක් එක්ක ඉන්නවා.....
ඉතින් එ-එයා මට මූණට කියන්න ඕන්නෑ....
ඒ දෙන්නගෙ වැඩවලටත් මාව කරදරයක්...
එයාගෙ දේවල් වලටත් බාධාවක්..."

"අනෙ මගෙ ටේ.....
කවදාවත් එහෙම හිතන්නෙපා...
ඔයාව අපිට ගොඩක් වටිනවා තේරුනාද...
            මං කියන්නේ ඔයා කැමති නම් ඔයාට එයා එක්ක ඉන්න තිබුනා ඉතින්...
මං ඔයාගෙන් කලින්ම ඇහුවනෙ ඒ ගැන...
ඔයා එහේ ඉන්න ඕන කිව්ව නම් මං බල කරන්නෑ...
ඒත් එතනින් ඔයා ආව එක හොඳයි...
කවුරුත් ඕන්නෑ මට පුලුවන් ඔයාව බලාගන්න...."

මගෙ අත්දෙක අල්ලන් ජිමින් කිව්වා...
මට එහේ ඉන්න ඕන තමයි...
ඒත් ඉන්න බැරි නම් මං මොකක්ද කරන්නේ...
මට එයා ගාවට යන්න ඕන...
කලින් වගෙ ඉන්න එයත් එක්ක...
හැමතිස්සෙම මතක් වෙන්නෙ එයාව...
ඒත් කවුද කැමති මං වගෙ එකෙක් එහෙම එයා එක්ක ඉන්නවට...
දොස්තරකාරයා එයාට කැමතියි....
එයුන්ට ගැලපෙන්නෙ එහෙම කෙනෙක්...
ඒ දෙන්නා ගැලපෙනවා...
මං මොකෙද්ද...
නිකන් හීන මවනවා...
ඒ හේතුව නිසාමයි මං අමාරුවෙන් හරි එයාව දාල ආවෙ...
මොකද කොච්චර හිතට කිව්වත් එයාව මට අයිති නෑ කියලා එහෙම ඉන්න බෑ....
ඉතින් රිදෙන්නෙ මටමයි...
ගොඩක් දේවල් දරගෙන ඇත්තටම කිව්වොත් දැන් මට හයියක් නෑ...
ඒකයි මං එන්න කැමති වුනෙ....

අනිත් එක මං හිටියොත් එයාගෙ හැමදේටම බාධාවක්...
එයා එච්චරට මං ගැන හිතනව...
එයාගෙ දේවල් අතපහු කරන්...
අනිත් අයගෙ බැනුම් මැද...
එයා මං ගැනම විතරක් හිතනවා...
එයා ගැනවත් නොහිතා...
මට එච්චර දේවල් කරන යුන්ව මං නිසා, ඒ තත්වෙට පත්කරන්න ඕන්නෑ මට...
ඉතින් ඒකයි මං ආවෙ...
මට වඩා ලස්සන ජීවිතයක් එයාට තියෙනවානෙ...
ඉතින් ඒක නැති කරන්න මට ඕන්නෑ...

"චි-චිම්, මට උ-උදව්වක් කරන්න පුලුවන්ද..."

" මොකක්ද ටේ....ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් තියෙනවද..."

"චි-චිම්, මට මෙහෙන් යන්න ඕන....."

"මො-මොකද්ද...කො-කොහෙ යන්නද ඔයා...."
ජිමින්ට ගොතත් ගැහෙනවා...එයා පුදුම වෙලා....වගේම අඩන්න වගේ.....

U Are My Crazy || KTH || Completed Where stories live. Discover now