part 2

702 165 18
                                    

හායි බබා...ඇයි ඔයා විතරක් තනියම"
ජිමින් තනියම සින්දු අහන් ඉන්නකොට එතනට ආව කායි ඇහුවෙ ජිමින්ගෙ හෙඩ්සෙට් එක ගලවල එයාගෙ අතට ගන්න ගමන්

කායි කියන්නෙ නම්ජුන්ලගෙ ක්ලාස් එකෙ ඉන්න ටිකක් සෙල්ලක්කාර චරිතයක්...ඒත් ගති ගුන එහෙම හරි හොදයි...

ඒත් ජිමින් කායිට නම් පොඩ්ඩක්වත් කැමති උනෙ නැ...කායි ලගින් වාඩි උනාම ජිමින් පොඩ්ඩක්.ඉස්සරහට වෙලා ජංකුක්ලා දිහා බැලුවෙ අඩුම තරෙම් මේ වෙලාවෙවත් එයාලා තමන්ව බේර ගනීවි කියල හිතලා...ඒත් ඒ පැත්ත බැලුවම ජිමින්ට හිතුනා අපරාදෙ බැලුවෙ කියලා...ජංකුක් හිටියෙ ටේගෙ බඩ අස්සෙ මූන ඔබාගෙන සනීපෙට නිදාගෙන...ටේත් කුකීව තද කරල අල්ලගෙන ශිට් එකේ පස්සර හේත්තු වෙලා නිදි...

"එයාලට ඔයාව හැමතිස්සෙම මග ඇරෙනව නේද?"

එක පාරටම කායි ඇහුවම ජංකුක්ලා දිහා බලාගෙන හිටපු ජිමින් ඒ ලෝකෙන් එලියට ආවා..

"අහ්...මොකද්ද?"

"ඔයා එයාලා එක්ක හිටියට එයාලට ඔයාව මගෙ ඇරෙනවා නේද හැම වෙලාවෙම...මන් දැන් ගොඩක් කල් ඉදන් බලන් ඉන්නෙ..අනිත් අය නැත්තත් ටේ,ජංකුක් දෙන්නා කපල් උනාම එයාලා ඔයාව හැලුවා නේද?"

"අහ්...අනියා..එයාලා එහෙම කරෙ  නෑ..
මමයි එයාලගෙන් අයින් උනේ...කපල් වල මැදට පනින එක එච්චර හොද දෙයක් නෙමෙයිනේ හි හි"
ජිමින් හිනා වෙලා කිව්වම කායි ටිකක් වෙලා ජිමින් දිහාම බලන් හිටියා..

"ඔයාට කැමති නම් මේ ට්‍රිප් එක ඉවර වෙනකන් මන් ඉන්නම් ඔයා එක්ක...ඔයා නොදැකපු නොවිදපු ගොඩක් දෙවල් මට පුලුවන් ඔයාට පෙන්නන්න...මට පුලුවන් වෙයි ඔයාගෙ මූනට හිනාවක් ගේන්න"

"ඒක කරන්න බැරි වැඩක් කායි හියුන්...ඔයා ගිහින් ඔයාගෙ යාලුවො එක්ක ට්‍රිප් එක එන්ජෝයි කරන්න..

"එයාලා එන්ජෝයි කරාවි ට්‍රිප් එක..මට එක චාන්ස් එකක් දෙන්න...ඔහොම තනි වෙල ඉන්නද හදන්නෙ හැමදාම"

"තනිකම තමා මට උරුම"

"මට එක චාන්ස් එකක් දෙනවද? අපි මේ ගමන ඉවර වෙනකන් එකට ඉමු හොද යාලුවො වගේ...මේ ගමනින් ඔයා හිනා උනෙ නැත්තන් ආයි මන් ඔයාගෙ මූනවත් බලන්න එන් නෑ..හාද?"
කායි එහෙම අහලා අත දික් කරාම ටිකක් වෙලා ඒ අත දිහා බලාගෙන හිටිය ජිමින් කායිගෙ අත අල්ල ගත්තෙ කායිගෙ මුන හිනාවකින් පිරිලා යද්දි..

කායි කොච්චර සෙල්ලක්කාරයෙක් උනත් කවදාවත් ආදරෙ සෙල්ලමට ගත්ත කෙනෙක් නෙමෙයි...එයාගෙ පස්සෙ එන කෙල්ලොන්‍ව ඩේට් කරල උන්ගෙන් ආතල් ගත්තට කවදාවත් අහිංසක කෙල්ලොන්ට කරදර කරපු කෙනෙක් නෙමෙයි කායි කියන්නේ......කායිගෙ හිතට වැදුන කෙනෙක් හිටියා නම් ඒ ජිමින් විතරමයි...නම්ජුන් එක්ක ඉන්න අය අතරෙ නිතරම තනි වෙලා වගෙ පැත්තකට වෙලා ඉන්න අහිංසක හුරුබුහුටි කොල්ලට හිත ගිය එක ගැන කායිටත් පුදුමයි...එයාට ඕනෙ උනේ ජිමින්ගෙ මූනෙ පෙන ව්‍යාජ හිනාව වෙනුවට ජිමින්ගෙ හිත ඇතුලෙන්ම එන හිනාව එලියට ගන්න...ජිමින්ගෙ ඇග ඇතුලෙ හිර වෙලා ඉන්න මනුස්සයාව එලියට ගන්නයි කායිට ඕනෙ උනේ

කායිගෙ උත්සහය හරියාවිද?
හැම කතාවකම කායිව නපුරු කෙනෙක් කරද්දි මෙකෙ හොද කෙනෙක් කරා මන්

change (Completed)Wo Geschichten leben. Entdecke jetzt