part 1

1.2K 156 31
                                    

හැමදාම වගෙ අදත් මන් තමයි අන්තිමටම බස් එක නැග්ගේ....මන් හිතුවා හරි වෙනදා වගේම අදත් කොච්චර දුර ගමනක් උනත් මට යන්න වෙන්නෙ තනියම....මට ජීවිත ගමනත් මේ වගේම තනියම යන්න වෙයි වගේ...

"යාහ් ජිමිනා බලපන් අදත් උබ නිසා අපිට පරක්කුයි"

"සොරි හියුන්.."

මන් පරක්කූනාට නෝක්කාඩු කියන හැමෝගෙන්ම සමාව අරන් මන්  වටපිට බැලුවෙ මන් කොහෙ වාඩි වෙන්නද කියලා...මට උදේ නැගිටින්න ඇහැරවන්න කවුරුවත් හිටයෙ නැති.නිසයි මට එන්න පරක්කු වෙන්නෙ...මන් කොච්චර ට්‍රයි කරත් එලාම් වලට ඇහැරෙන්නෙ නෑ..ඒක මගේ වැරැද්දක් නෙමෙයි..

වෙනදා වගෙම නම්ජින් හියුන්ලා දෙන්නා එක ශිට් එකේ වාඩි වෙලා...නම්ජුන් හියුන් ජින් හියුන්ගෙ ඉන වටෙ අත දාලා එයාව තුරුල් කරන්..ජින් හියුනුත් ජුන් හියුන්ගෙ පපුව උඩ ඔලුව තියාගෙන සනීපෙට ඇස් පියන් ඉන්නවා..

එතකොට සොප් හියුන්ලා දෙන්නත් එක ශීට් එකේ වාඩි වෙලා සුගා හියුන් නම් හොබී හියුන්ගෙ උරහිස උඩ ඔලුව තියන් නිදි...එතකොට හොබී හියුන්...එයා එයාගෙ කම්මුලක් සුගා හියුන්ගෙ ඔලුවට තියල තද කරගෙන ඉන්නවා...එයාලා ඉන්නෙ ගොඩක් ආදරෙන්..

ඊට පිටිපස්සෙන් මගෙ සෝල්මේට් ටේ එක්ක මගේ අවුරුදු ගානක එකම ආදරේ ජියොන් ජංකුක්..ජංකුක් ටේ උකුල උඩ ඔලිව තියාගෙන ගේම් ගහනවා.ටේත් පෝන් එකේ දෙන්නා තරගෙට හිනා වෙවී ගේම් ගහනවා...

හැමෝම සතුටින්.......ඒත් මන්.........

මාත් ආසයි ජින් හියුන් ජුන් හියුන්ගෙ පපුවට තුරුල් වෙලා ඉන්නවා වගේ කුකීගෙ පපුවට තුරුල් වෙලා එයාගෙ හාර්ට් බීට් එක අහන්න...මටත් ආසයි හොබී හියුන් වගේ කූට නින්ද ගියාම එයා වැටෙන්න නොදී තුරුල් කරන් ඉන්න....ඒත් මට එච්චර වාසනාවක් නෑ....මේ පාර්ක් ජිමින් ඉපදිලා ඉන්නෙ මැරෙනකන්ම තනිකඩව ඉන්නද කොහෙද...

මන් පාර්ක් ජිමින්...මගෙ ඔම්මා අප්පා මන් පොඩි කාලෙම ඇක්සිඩන්ට් එකකින් නැති උනා...එතකොට මන් දැන් ඉන්නෙ මගෙ හියුන් එක්ක..එයා ටේමින්...එයා තමා අප්පාගෙ බිසනස් බලාගන්නෙ දැන්...ඒත් එයාට මන් ගැන බලන්න තරම් වෙලාවක් නෑ....හැමතැනදිම වගෙ මන් ගෙදරදිත් තනියම...

change (Completed)Donde viven las historias. Descúbrelo ahora