එතකොට අර මන් මුලින් කිව්වෙ ඒ මගේ යාලුවෝ...අපි ෆැමිලි ෆ්‍රෙන්ස්ලා....

කිම් සොක්ජින්,කිම් ටේහ්‍යුන් අයියයි මල්ලි...ජින් හියුන් මට වඩා අවුරුදු 2ක් වැඩිමල්...එතකොට ටේ මගෙ වයසෙ...මගෙ සෝල්මේට්....

කිම් නම්ජුන්.....එයාට තමයි ජින් හියුන් ආදරෙ කරන්නෙ.එයාලගෙ ආදරේට අවුරුදු 5කටත් වැඩි..එයලා ලගදිම මැරි කරාවි...ජුන් හියුන් ජින් හියුන්ට ගොඩක් ආදරෙයි....

ජන්ග් හෝසොක්  අපේ හොබී හියුන්..එයා ජින් හියුන්ගෙ හොදම යාලුවා...ඒ වගේම එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් මින් යුන්ගී..අපේ පුස් හියුන්...එයාලත් එහෙමයි එයාලත් ගොඩක් ආදරෙන් ඉන්න දෙන්නෙක්...සුගා හියුන් කම්මැලියා උනත් එයා හොබී හියුන් වෙනුවෙන් ඕනම දෙයක් කරාවී...

එතකොට ජියොන් ජංකුක් කියන්නෙ යුන්ගි හියුන්ගෙ නැන්දගෙ පුතා...එයා ඉන්නෙත් යුන්ගි හියුන්ලා එක්ක...මගේ අවුරුදු 5ක ඒකපාර්ශ්වික ආදරෙ...මන් එයාව දැක්ක දවසෙ ඉදන් ඒ ඇස් වලට ඒ දගකාරකමට ආදරෙ කරා ගොඩාක්...ඒත් එයා......එයා මගෙ මූන දිහා බලලා කතාකරන්නෙවත් නැති තරම්..මන් එයාට දැනුවත්ව කිසිම වැරැද්දක් නම් කරල නැ..ඒත් මන්  එයාට පොඩ්ඩක් විශේශ උනාද මන්දා...කෝම හරි එයා මාව මග අරිනවා...එයා මාව මග අරින්න තෝර ගත්තෙ මගෙ සෝල්මේට් ටේව...

අන්තිමට මට මගෙ සෝල්මේට්වත් නැති උනා...ඒත් එයාලා දෙන්නා ගැලපෙනවා.එක වගේ මානසික මට්ටමක් තියෙන දෙන්නෙක්නේ...කොයි වෙලෙත් මොකක් හරි දග වැඩක් කරන්නමයි බලන් ඉන්නෙ..කූට ගැලපෙන්නෙ ටේ වගෙ කෙනෙක් මිසක් මන් වගේ බලාගත්තු අත බලාගෙන ඉන්න බෝරින් කෙනෙක් නෙමෙයි....

ඒත් ඇයි කාටවත් නොතෙරෙන්නෙ මාත් ආසයි හුරතල් වෙන්න දග වැඩ කරන්න..මාත් ආසයි ආදරේ විදින්න කියන එක...නිතරම මගේ වටෙ හය දෙනෙක් හිටියත් මන් තනිවෙලා ඉවරයි...

ඉස්සර අපි හතර දෙනා ඒ කියන්නෙ මන් ටෙ ජින් හියුන් ජුන් හියුන් හිටියෙ ගෙදරක් අරන් ඒකේ...ඒ කාලෙ නම් ටෙ මාත් එක්ක හිටියා..මන් ටිකක් හරි සතුටින් හිටිය කාලෙ ඒ...ඒත් පස්සෙ හොබි හියුන්ට පූස් හියුන් එක්ක ඉන්න ඕන කියල වෙනම ගෙදරක් අරන් යන්න හදද්දි ජින් හියුන් එයලා දෙන්නවත් අපේ ගෙදරට ගෙන්න ගත්තා..පස්සෙ ජංකුකත් ආවෙ තනියම ගෙදර ඉන්න බෑ කියලා....

change (Completed)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें