කෙලින්ම කීවොත් ඇය ජොන් මන්දිරයේ සේවිකාවක් ජීවත් වෙනවටත් වඩා අන්ත අදුරු කාමරයක හිර කරලා දාලා තිබුනා.

" හොදයි. මගේ කවුරුත්ම මෙහෙ නැත්නම් මන් යන්නම්..!"

" මොකක්ද කිව්වෙ..!? උබ මේ ගෙදරින් එක අඩියක් එලියට තියන්නෑ. තමුන්ට මේ ගෙදරින් යනවා නම් යන්න පුලුවන් ඔය දරුවා දීලා. කොහොමත් ඔය දරුවා ලැබුනට පස්සෙ එක මොහොතක්වත් මේ ගෙදර ඉන්න තමුන්ට අවසර නෑ..!"

" හොදයි එහෙනම්.."

එහෙම කියපු සේහි එදා ආපහු කාමරය වෙත යන්න හැදුවත් මිසිස් ජොන් ඇගේ කොන්ඩෙන් ඇදලා ගත්තු විදිහට ඇගේ දෙනෙත් වලින් කදුලු වෑස්සුනා.

" උබට බෑ ආපහු මේ ගෙදර කොහෙවත් යන්න. ජන්කුක්ට කරපු දේට උඹට මේ ගෙදරින් වතුර එකක්වත් දෙන්න වටින්නෙ නෑ.. පලයන්.."

කොන්ඩෙන්ම ඇදගෙන ඒ පාලු කාමරය තුලට මිසිස් ජොන් තමන්ව තල්ලු කරපු විදිහ සේහිට අමතක කරන්න බැරිවුනා. එක මොහොතකට එදා ඒ තල්ලු කරපු වෙලාවෙ ඇගේ සමබරතාවය ගිලිහුනා නම් කුස ඒ වන විට විටත් මළ කදක් වෙන බවට මතක් වෙද්දි සේහි ඇග දස දාස් වතාවටත් කිලිපොලා ගියා.

ඇයට කාත් එක්කවත් බහින්බස් වෙන්නවත් රන්ඩු කරන්නවත් ඕනි වුනේ නෑ. ඒක හරියටම කීවොත් ඕනි වුනේ නෑ කීවට වඩා පුලුවන් වුනේ නෑ. දවසින් දවසට එක තත්පරයෙන් තත්පරයට ඇගේ ශරීර ශක්තිය හීන වුනා. පිරිලා තිබුන මාංශපේශි හැම එකම වගේ අශක්තිමත්ව වැහැරෙන්න පටන් ගත්තා.

ඒ වුනත් ඇගේ හිතේ ගැඹුරුව එක දෙයක් ලියවිලා තිබුනා. ඒ ජොන් ජන්කුක්ගෙ උරුමය රකිනවා කියලා..

ඇයට කෑම එක ලැබුනෙ කාමරේට. ඒ වගේම බොන වතුර එක ලැබුනෙත් කාමරේට. අලුත් වාතාශ්‍රය හොයා ගන්නවත් තිබුනෙ නැති ඒ කාමරයේ සේහිට අවශ්‍ය එක දෙයක්වත් තිබුනෙ නැතත් ඇය ජීවත් වෙන්න උත්සාහ කළා. කාමරයේ කොනකට වෙන්න තිබුන කුඩා නාන කාමරය අවුරුදු ගානකින් ශුද්ධ කරලා තිබුනෙ නැතත් සේහිට සිද්ධ වුනා ඒක පාවිච්චි කරන්න.

ඒ හැම දේකින්ම පේන්න තිබුනෙ ඇය කායිකව කෙසේ වෙතත් මානසිකව කෙතරම් ශක්තිමත් ද වග.

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now