" අම්මේ,... අහන්නකො, ඇයි නරක හීන පේන්නෙ? ම්ම්? " ඇගේ කුල්ලෙන් ම හාල් ටිකක් ගෙන කුකුල්ලුන්ට විසි කරන ගමන් ඔහු ඇසී ය.
" ආහ් ඒක ද මේ කල්පනා කරන්නෙ මයෙ කොල්ලා " ඈ ඔහුට ටොක්කක් අනිමින් සිනාසුනා ය. ඔහු ඇගේ කුල්ලෙන් ගෙන විසි කළේ හොද ම වර්ගයේ සහලක් වූ බැවිනි. " මේකයී. නරක හීන පේන්නේ සුබ දෙයක් වෙන්න තියැද්දිලු... අපෙ අම්මා මට කියලා තියනවා, උබලෑ ලොකු අප්පට ඉස්සර *හිරෙයක් හොයාගන්න ම බැරි උනාලු... ඔය දුකෙන් ඉන්දැද්දි උන්දැට හීනෙන් පෙනුනලු ලොකු අප්පා වැඩ කරන තැන තට්ටු ගනනාවක් උඩින් උන්දා බිමට වැටෙනවා. හනෙ අම්මේ ඉම්පස්සෙදාම ලොකු අප්පට හිරෙයක් හරි ගියාලු පුතේ. බලන්න නේද ඒවගෙත් හැටි." ඈ කුල්ල මත දෑගිලි ගෙන යන අතරේ පවසාගෙන ගියා ය.
*****
පොහොයක් ලග ලගම බැවින් පන්සලේ වැඩ එමට ය. ගමේ තරුණ සමිතියේ සබිකයෙකු වූ රන්දික මෙවෙලේ ගම වටේම කොඩි වැල් ඇදීම නම් වූ බරසාර කටයුත්තේ යෙදී සිටී. කොට කලිසමට බැනියමක් පමණක් හැද සිටින ඔහුගේ දහදියෙන් නැහැවුණු ගත දුටුවෙකුට බැබලෙන ඉර හෝ ඔහුව වෙන්කොට හදුනාගැනීමට වුව අපහසු විය හැක.
මෙවෙලෙහි ම සුන්දර රූමතිය, අනුත්තරා ඇගේ යෙහෙලිය ද සමගින් කඩයට ගොඩ වී සිටී. රන්දිකගේ නිවස අසල ම තිබූ කඩය වූ මෙහි අයිතිකාරිය හේමමාලා, කාටත් උදව් පදව් කරන කාන්තාවක් වුව ද රත්ගම සිරිතට අනුව ඉක්මන් කේන්තිකාරියක ද වූවා ය.
ඒ අතර විස්කෝතු කෑමට කඩේට පැමිණෙන රන්දිකගේ මලයා, බඩු ගෙන අවසන්ව කෙල්ලන් කඩයෙන් පිටව යන බව දැක ඔවුන් හා කතා කළේ ය.
" අක්කට මාව මතකද?
මන් අර රන්දිකගෙ මල්ලි " ලස්සනට දත් පෙන්නා ඈට සිනාවක් දෙමින් ඔහු කීය.
" ආහ්. එයාගෙ මල්ලි ද..." ඈත් සිනාසී කීවා ය.
" ඔව්ව්... එනව ද යන්න අපෙහා? අම්මා ඉන්නවා ගෙදර..." හුරතල් ලෙස වදන් ගැලපූ ඔහු අනුත්තරාට උත්තර දීමට කාලය නොදීම ඇගේ අතින් ඇදගෙන නිවස පැත්තට දිව ගියේ ය.
YOU ARE READING
එක්තරා දවසක
Non-Fictionඑය 1983 සැප්තම්බර් මස මුල් දිනක් විය... සියලු දෙනා ලහි ලහියේ පාරෙ දෙපැත්තේ සුදු ඉර දෙපසින් බැද ඇති කඹය අසලට යෑමට මහත් වූ වෑයමකි . මන්ද යත් එදින පෙරැහර දවසක් විය . සියල්ලන් ම පෙරහැර බැලීමට හොද තැන් සොයද්දී , එක් යොවුන...
හීන[4]
Start from the beginning