රැකවල්ලන් [2]

267 65 52
                                    

                        
                 හෝරා ගතවිය .  ඔහුගේ  ඇස  එක  තත්පරයකට  ඇය  කෙරෙන්  නොනික්මුනි  .  ඇය ද  සැරින්  සැරේ  හොරැහින්  බැලුවේ  ඔහු  කුමක්  කරමින් සිටින්නේ ද  යන්න  විය  හැකි ය .  නමුත්  ඇයට  ඒ  සෑම  අවස්තාවක  ම  නැවත  වෙනතක්  බලාගැනීමට  සිදුවූයේ  ලැජ්ජාවට  පත්වෙමිනි  . 

පෙරහැර  බැලීමට  පැමිනි  තරුන  ගැටිස්සියන්  පිරිස ගෙවල්වල  යෑමට  සූදානම්  වි ය .එකදාස් නමසිය බර ගනන් වල දිනයක් වූ මෙදින  සාමාන්‍ය  දිනයක්  වුනේ නම්  මේ  මහ රෑ  කනිසමේ  සීනිගම  සිට  රත්ගම  දක්වා  ඇදෙන  බස්  රථයක්  තිබීම  තැපැල්  කන්තෝරුවක  හිර  කූඩුවක්  තිබීම  වැනි ය . නමුත්  මෙදින  සීනිගම  දේවාලයේ  අවසාන  පෙරහැර  රාත්‍රිය  වි ය .

                 ගැහැණුන්  පිරිස  හික්කඩුව දක්වා ම  බසයක්  බලාපොරොත්තුවෙන්  පයින් ම  ගෑටුවත්  අවසාන  මොහොතේ  ඔවුන්  බස්නැවතුමට  ලගාවත් ම  තිබූ එකම  බස්  රිය ද  පණ  දල්වාගෙන  මහපාරේ  ඇදීයන්නට  වි ය .  ඒත්  සමග ම  ගැහැණුන්ගේ  දෑස් ද ඉදිරියෙන්  ඇදෙන්නා වූ  බස්  රියේ  වදුරන්  මෙන් එල්ලී  ගෙන  සිටින  මගීන්  සමගම  ඇදීයන්නට  වි ය .

බසයේ  සිහියෙන්  පැමිනියා වූ  ගෑනු  පිරිසේ  ගැටිස්සියන්ට  නම්  තම  පිටුපසින්  තමා  සමගම  ගාටනා  කොලු  රැල  ගැන  අවදානය  දීමට  අමතක  නොවී ය .

බසය ද  මගහැරී ගිය  හෙයින්  ගැහැනුන්  පිරිස  හික්කඩුවේ  සිට  රත්ගම  දක්වා කිලෝමීටර  අටක  පමණ වූ  ගමන පයින් ම  කෙලවර කිරීමට  පටන්ගතී ය  .  මේ අතරතුර  ගෑනු  පිරිසේ  ගැටිස්සියන්ගෙන් සමහරෙක්  වෙතින්  තම  පෙම්වතාට  රහසේ  කරන  ඉගිමැරීම් ද ,  කොල්ලන්  පිරිසෙන්  තනිකඩ  කෙල්ලන්ට  ලැබෙන  උසුලු  විසුලු ද  අඩුවක්  නොවිනි .

              සුද්දා  නොහොත්  රන්දික  අතට  ගල් කැටයක්  ගැනුනේ  නිරායාසයෙනි .  ගල්කැටය  ගෙන  මද  වෙලාවක්  හැඩ  බලමින්  සිටි  ඔහු  එය  ඇය  කෙරේ  විසිකලේ ය .  තමා ම  විසි කල ද , ගල් කැටය  කෙල්ලන්  ගොඩේ  මදක්  ඉදිරියෙන්  සිටි  ඇයට  නො වදිනු  ඇතැයි  ඔහු  නිවැරදිවම අනුමාන  කර  තිබනි .  සිතූ  ලෙසම  එය  ඇයට  නොව  ඇයගේ  පිටුපස  සිටි  කෙල්ලට  වැදිනි .  ඔහු  කෙරෙන්  යම්  පරීක්ශාකාරී  බැල්මක්  යොමා  සිටි  ගල  වැදුනු  කෙල්ල  ඔහුට  ඇසකින්  ඉගිමරා  ඈට  වැදුනු  ගල්  කැටය  ඉදිරියේ  සිටි  ඇයට  ලබා  දී  යමක්  කොදුරනු  පෙනිනි .  එය  වූ  කලී  කිසි විටකත්  ඔහු  අපේක්ශා  කළ  දෙයක්  නොවී ය .  ගල  වැදුනු  කෙල්ල  ඇයගේ  හොදම  මිතුරියක  වූවා ය .  ඈ  තම  සුන්දර  මිතුරය  කෙරේ  ඇස්  අලවාගෙන  සිටි  කොලු  ගැටයා  වෙත  ඇස  ගසාගෙන  සිටියේ  හොර  ඇල්ලීමට ය .

එක්තරා දවසකWhere stories live. Discover now