පළමු හමුවීම[3]

279 56 55
                                    


                  නැගෙනහිරින් පෑයූ  හිරු  මුදුන්  වීමටත්  ලග ය.  රන්දික  උදය  පිපුනු   මලක්  සේ  ප්‍රබෝධමත්ව  පැමිනිය ද  ඔහු   ගේ  දෑස  දැන් දැන්  ඔහුටත්  නො දැනිම   පියවෙන්නට  ගෙන  ඇත.  ඊයෙ  රාත්‍රියේ  දී  ඔහු  තම  ගමන්  මහන්සිය  පසෙකලා  හෙට  උදේ ම  ඇය  බැලීමට  යාමට, ඔහුට ම පමණක්  අති විශේශ  කමිසය  ගෙන  සුවද වත්  රානි  කැටයෙන්  සෝදා,  ඔහු ද  පිරිසිදු  වී, කලිසම ද  මැද  තබා  ඇදට  ගියේ ය.‍ රාත්‍රියේ  නින්ද  අහලකවත්  නොතිබූ  නිසා  නිදාගැනීමේ  ආශාව  පසෙකලා  ඔහු  ඔහුට  දැනෙනා  හැගීම්  සමග  තනිවන්නට  විය;  පාලනයක්  නැති  ඒ  හැගීම්  ගනින්නට ද,  ගැන  හෝ  ඒවා  වෙන්  කර  හදුනාගැනීමට ද, වෙර  දැරුවේ ය.

ඒ සියල්ලකට ම  සෑහෙන්න  නිදි  දෙවුදුව  දැන් නම්  ඔහු  වටා  කැරකෙමින්  නැලවිලි  ගී  කියමින්  සිටියි.

තාලෙට  පැද්දෙන  මල්  ගවුම්  මහා  ගොඩක්  ඔහු  ඉදිරියෙන්  මේ  හෝරා  ගණනට  එහා මෙහා  වන්නට  ඇත.   නමුත්  තවමත්  ඔහු  බලාපොරොත්තු  වූ  ඒ  ගවුම්කාරිය  ඔහුගේ  නෙත ගැටුනේ නැත.

" මේ  වැඩේ  හරියන්නෑ.  ගේ  පැත්තෙ   වටෙයක්වත් ගහලා  ආවනම්  හරි "  තම සගයාවත් නොමැතිව  ඇගේ  නිවස දෙසට විහිදෙන  පාරේ  මග  රකිමින්  සිටි  රැන්දික ඔහුට ඇතිවී ඇති දෑසේ පිපාසාව නිවා දැමීමට ආශාවෙන් පාරේ ඉදිරියට ගමන්  ගන්නට  විය .

                                 ***

                 ඇනෙක් පසින් ඇය තවත්   ගැහැනුන්  පිරිසකුත් සමඟ කොහු ලණු     අඹරමින්  සිටී. එකදාස් නමසිය මේ කාලයේ දී  සෑම  ගෙදරක ම පාහේ ගැහැනුන් කොහු ලණු   ඇඹරීම  සිදු  කල ද  ඔහුගේ  ගෙදර   එසේ  නොවුනේය.ඒ ඔහුගේ අය්යා ඔවුන්ට කන්න අදින්නට හරිහමන් මුදලක් පිටරට වැඩ කර එවන නිසාය. මේ බව සිහිවී ඔහුට ඔහුගැනම යම් කලකිරීමක් ඇති වුවත්, ඇඟෙහි එතී  ඇති  මල්  ගවුමේ  රැදි  කොහු කෙදි   හා  එම  ඇදුම්  වලට  නොගැලපෙන   සුන්දරත්වයකින්  හෙබි ඇගේ හුරතල් පෙනුම ඔහුව එම සිතිවිලි වලින් ඉක්මනින්ම ඈත් කලාය.

                       බයිසිකල් පැඩලය තුන් හතර පාරක් පාගා තම ගෙදරට යන්න හැරෙද්දී කොහෙදෝ තිබුනු හැගීමක්  අමුතු  රිදුමක්    දෙද්දී  එය  සිහින්  පිහි  තුඩකින්  ලියවෙනා  කුරුටු  ගීයක්  වැනි  යැයි  ඔහුට  සිතිනි.  එයට  හේතුව  ඔහුගේ   කල්මරණ  හැසිරීම  ගැන  ඔහුට ම  ඇති   වූ  කලකිරීම  යැයි  ඔහු  කියාගත්තේ ය.නමුත්  එහි  සැබෑ  හේතුව  දන්නේ ද   ඔහුගේ  හදවත ම  පමණකි.

                               ****

           හිත  හතරවටේ  කරක්  ගැසීමේ   ප්‍රථිපලයක්  ලෙස  මේ  මොහොතේ   රන්දික  සිටින්නේ  ඇයගේ  ගෙදර  ඉදිරියේ  ඇති  පාරේ  තම  සයිකලය   නවත්වාගෙන ය. ඔහු මෙවර  තනියට  මල්ලිව ද   කුදලා  ගෙන  පැමිණ  ඇත.  එසේ  තමා   හා  එක්කාසු  වීමට  මල්ලිට  ඔහුගෙන්   අයිස්පලමක්  වැනි  කප්පමක්  ගෙවීමට   සිදු  වී  තිබීමට ද  පුලුවන.

                මේ අස්සේ ඇහෙන දෙමලිච්චන්ගේ  අඩුවක්  නොවෙන   ගී  රාව  දැන්නම්  දෙසවන්  බිහරි  කරදමා   ඇති  සෙයකි.

              මනදොල  සිදිමින් රන්දිකට ඈව ඇස ගැටුනේ ඈ අසල තිබූ කඩයට යමින් සියියදී ය. දෑස්   එකිනෙක  හමුවූ  වෙලේ  දෑසෙහි   කලබලකාරී බව  පරයා  අමුතුම  වූ   නාදුනන  හැගීමක්  සිත වටා  සිනිදු  වූල්   රෙද්දකින්  ගෙත්තම්  දමනවා  මෙන්   රන්දිකට  දැනිනි.  හදේ  රාවය  ඇසෙන   තරමට  ලගට  ගෙන  වැලදගන්නට  ඇති   ඔහුගේ  ආශාව  මැඩවා  ගැනිමින් ඔහු ප්‍රශ්නයක් ඇසුවේ ය.

" අපෙ  ගෙදර  දිහෑ  එනව ද  වෙලාවක? " රන්දික  අසයි. 
ඒ  වචන  හමුවේ  දියයුතු  පිලිතුරක්   නොදත්  ඈ  මුවින්  මුකුත්  නොකියා  මද   සිනාවක්  නගා  එතනින්  මෑත්  වී ය.

              සිනහවින්  පමනක්   බලාපොරොත්තු දහසක්  හද  බැදි  ඔහු   ගෙදර  යන  මගදීත්  මන දොලවල්  වල ඈ  හා  නිහඩ  පිලිසරනයන් හි  යෙදෙමින්    ඔහුගේ  නිවස  අසලට ම  පැමිණ  තිබිණි. එ තැනම පිහිටි  කඩය  තුල  සිටි  තම   මලනුවන්ගේ  හඩගෑම  සිදු  නොවුනේ   නම්,  ඔහු  ගෙදර  යන  තුරාමත්  මනසෙහි ම  නිහඩ  ගීතිකා  කියමින්   ගමන්  කරන්නට  තිබිණි.

                              මේ ගමේ මිනිසුන් ඔහේලාගේ ගමේ මිනිසුන් මෙන් නොවේ.සෑම දෙනාම සහෝදරත්වයෙන් සිටින මේ ගමේ කෙනෙකු අයෙකුට ගෙදරකට ආරධනා කරන්නේ තේකක් බී දැන හදුනා ගැනීමට ත් නෑ මිතුරු කම් වැඩි කර ගැනීමටත් ය.

                                 ***

✔️ රන්දිකගෙ හිත රිදුනු හරිම හේතුව ගෙස් කරන්න පුලුවන්ද?

✖️ මන් ස්පේස් තියන්නෙ ඇස් වලට පහසු වෙන්න.මොකද මන් වගේ ජීවිනුත් ඇති නෙව.

_SaSha_

එක්තරා දවසකWhere stories live. Discover now