💚 Only Then 💜️

Start from the beginning
                                    

"මට කියන්න තියෙන්නෙ මෙච්චරයි..
PD-nim එක්ක මම කතා කළා..
ඔයාලට වටින්නෙ ඔයාලගෙ music career එකද එහෙමත් නැත්නම් යාලගෙ relationship එකද..?
ඔයාලාට දෙකෙන් එකක් තෝරගන්න වෙනවා.."

Manager nim කියද්දි ජන්කුක් ඔළුව උස්සලා බැලුවෙ ගොඩක් පුදුමෙන්..
ඊළඟට එයා බැලුවෙ මං දිහා..
ඒ කඳුළු නිසා දිලිසෙන ඇස්වල පිරිල තියෙන්නෙ අසරණකමක්..
මගේ හිත තවත් රිදෙන්නෙ ඒකයි..
හදවත පපුවෙන් එළියට පනින තරම් වේගයෙන් ගැහෙද්දි, උගුර හරහා පපුව මැදින් ලොකු රිදුමක් ගමන් කරද්දි මම බැලුවෙ නම්ජුන් හ්යොන්ග් දිහා..

"හ්යොන්ග්.. මේක..
මේක හරියට..
අපේ ඔම්මයි අප්පයි දෙන්නගෙන් කෙ⁣නෙක් තෝරගන්න කිව්වා වගේ දෙයක්නෙ.."

මම කිව්වෙ වේදනාව නිසා උගුර හිරවෙලා වගේ මට දැනෙද්දි..

"අපි මේ ගැන කතා කරලා උත්තරයක් දෙන්නම් මැනේජර් නිම්.."

නම්ජුන් හ්යොන්ග් මගේ උරහිසට තට්ටු කරන ගමන් කිව්වා..
හ්යොන්ග් එහෙම කරන්නෙ එයාට අපිව ශක්තිමත්ව දකින්න ඕනි වුණාම..
මම ඉක්මණට කඳුළු පිහදාගත්තෙ ඒකයි..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"ඇති......!!"

හැමෝමත් එක්ක එක එක දේවල් කියවද්දි මම කෑගැහුවෙ ඔළුවත් බදාගෙන..

"මොනවද මේ කියන්නෙ..?!
Disband වෙන්න..?!"

මම ඇහුවෙ ජින් හ්යොන්ගෙන්..

"ඔව්.. disband වෙමු..
මේක විතරක්ම නෙවෙයි තව හේතු ගොඩක් තියෙනවා..
කොහොමත් අපිට මේක කරන්න බැරිවෙන විදියට තමයි හැමදේම සිද්ධවෙන්නෙ..
Membersලව සම්පූර්ණ නැත්නම්, කවුරුහරි අසතුටින් නම්, BTS කියල දෙයක් තවදුරටත් ඕනි නෑ..
අපි disband වෙ_

🏳️‍🌈 LOVE IS not OVER 🏳️‍🌈Where stories live. Discover now