"බිස්නස් පාටි එකක් මෙලී....අටට තියෙන්නේ අපි මෙහෙන් 6.30ට විතර යමු"
යුන්ගි හිනාවෙලාම මට කියුවා....
මේ මනුස්සයට මොනා වෙලාද හරි අමුතුයි......

"මෙලී මට කෝෆි එකක් හදලා දෙනවද"
එයා සෝෆාවෙන් ඉදගන්න ගමන් කියුවා....
මගේ කටත් බාගෙට ඇරුණේ යුන්ගි මෙහෙම දෙයක් ඉල්ලපු වතාව මේක නිසා....

"ඔහොම බලන් ඉන්නේ ඇයි හදලා දෙන්න බැරිනම් කියනවා"
පරණ නපුරු පූසා විදියටම එයා මට කෑගහද්දී මන් ඔලුවත් වනලා කීචන් එකට දිව්වේ රසම රස කෝෆි එකක් හදන්න....

යුන්ගි කියන්නේ කාලගූණේ වගේ...
කොයි වෙලේ කොයි විදියට වෙනස් වෙයිද කියන්න බෑ...
ඒත් මන් ඒ වෙනස්වීමට කැමති උනා....

"යුන්ගි"
මන් කෝෆි එක ටේබල් එක උඩින් තියලා එයාට එහා පැත්තෙන් වාඩි උනා...

"කියන්න මෙලී මන් අහගෙන ඉන්නේ"
ෆෝන් එකේ තිබුන ඇස්දෙක අයින් නොකරම එයා කියුවා...

"ම් මුකුත් නෑ"
කියන්න දේවල් දාහක් තිබුනත් මගේ කටින් පිටවුනේ එච්චරයි....
යුන්ගිත් ඒකට ඔලුව වනලා සද්ද නොකර හිටියම මන් එයා දිහා බලලා නැගිට්ටේ කාමරේට යන්න....
ඒත්,
එයා මගේ අතින් අල්ලගත්තා....

"මන් එලියට ගිහින් එන්නම්....පරිස්සමට ඉන්න මෙලී"
එයා මට පරිස්සමට ඉන්නලු.....
පලවෙනි වතාවට මට පරිස්සමට ඉන්නලු.....
එයා ටිකක්වෙලා සද්ද නැතුව හිටියා.....
ටිකකින් මාව විසල් පපුවකට තුරුල් උනේ හිතන්නවත් වෙලාවක් නොතියා....

"මිආනේ මන් ඔයාව රිද්දුවා....මට සමාව දෙනවද"
එයා මාව පිටිපස්සෙන් තුරුල් කරගෙන මුමුණණවා...
මගේ උරහිසේ මූණ හංගන් හිටපු එයා නිසා මගේ උරහිස උණුම උණු කදුලු වලින් තෙමිලා ගියා.....
එයා අඩනවා ඒකත් මම වෙනුවෙන්....
මිආනේ යුන්ගියා....

"මන් ඔයාට සමාව දෙන්න තරම් ඔයා මට වැරැද්දක් කරලා නෑ යුන්ගියා....මිආනේ"
මන් ඒ තුරුලෙන්ම එයාගේ පැත්තට හැරෙන ගමන්ම කියුවා.....

"ඔයා ඇයි ම්ම්"
එයා මගෙන් මොනාහරි අහන්න හදද්දිම මන් එයාගේ තොල් මගේ තෙල්වලින් අල්ලගත්තේ ඒක මේ වෙලාවේ හොදම දේ කියලා දැනුන නිසා.....
මගේ ඇස් මටත් නොදැනීම කදුලු කැට බිමට වට්ටද්දී මන් යුන්ගිට අවනත වුනා....
එයා භාවනාවක්....
මටත් නොදැනීම මන් එයාට ආදරේ කරන්න පටන් අරගෙන ඒත්......?

||DEAR_MAFIA||Completed Where stories live. Discover now