" අපිට ඩෝල් සී ඉන්නවා..!"

" ඒ කෝච් ඩෝල් සීට සමාන කෙනෙක්.."

" ඒත් අපිට ඩෝල්ව විශ්වාසයි.."

" එක සමාන දෙන්නෙක් ප්‍රතිවාදීව තරග කරන තැන කා ගැනවත් විශ්වාස කරන්න බෑ ඕරා. මොකද මේ ලෝකෙ සමානකම කියන්නෙ ලොකුම ප්‍රතිවිරුද්ධත්වයක්.."

ඩෝල්ගෙ ප්‍රතාපවත් වචන වලට වෙනසක් එකතු වෙලා තිබුනා කියලා තේරුම් නොගන්න තරම් මෝඩ කමක් දකුනු කොරියානු කාන්තා අත් පන්දු කන්ඩායමට තිබුනෙ නෑ. ඒ අතරින් ඩෝල්ට වඩාත්ම සමීප චරිතය ඕරා.. ඩෝල්ගෙ නැවත ආගමනයත් එක්ක ගොඩක්ම සතුටට පත් වුනත් ඇගේ කටහඩේ ප්‍රතාපවත් බවට එකතු වෙලා තිබුන ඒ මලානික බවට ඇය කැමති වුන බවක් පේන්න තිබුනෙ නැහැ.

කොහොම වුනත් ඇය මුහුන දීලා තිබුන බොහෝ සිදුවීම් පිලිබඳව නිවැරදි අවබෝධයක් තිබුන ඕරාට ඩෝල් වෙනුවෙන් කිසිම දෙයක් කරන්න ඉතුරු වෙලා නෑ වගේම ඩෝල් කියන්නෙ තමන් හිතන් හිටියටත් වඩා බොහෝ ශක්තිමත් චරිතයක් වග තේරුම් අරන් තිබුනා. ඕරාට විශ්වාසයක් තිබුනා ඩෝල් කියන චරිතය ක්‍රීඩාවෙදි වගේම ඇගේ සත්‍ය ප්‍රතිරූපය ඇගේ පවුද්ගලික ජීවිතයේදි පවා කවමදාවත් නොමැකෙන මතකයක් වෙයි කියලා.

" මගේ සර්'ව් එක හොදටම අවුල් වෙලා.." ඩෝල් ඕරාට එහෙම කියන ගමන් ක්‍රීඩා පිටිය මැදට ගියා.

" ප්‍රැක්ටිස්..! පැය කීයක්ද..?"

" පැය තුනක් එකදිගට.."

" ඔයාට විශ්වාසයිද ඩෝල්.."

" සමහර විට.."

තමන්ගෙ ශරීරයෙන් තමන්ටත් හොරා නැගෙන වේදනාව මග අරිමින් ඩෝල් සී ඇගේ පුහුනුවීම් වලට සම්පූර්'ණ අවධානය යොමු කරන්න උත්සාහ කළත් වෙලාවකට ඒ උත්සාහය අසාර්ථක වෙනවා කියලා මාස්ක් එකකින් වැහිලා තිබුන ඒ මූන සාක්ශි දැරුවා. අත් පන්දුව ගුවනට විසි කරලා ඊට පහර දෙන්න ගුවනට පනින හැම වාරයක් ගානෙම තමන්ගෙ පහළ උදරයෙන් දැනෙන වේදනාව ඇයට ගෙන ආවෙ බියකරු අත්දැකීමක් වුනත්, එයින් නොනවත්වාම ඇගෙන් වේදනාත්මක කෙදිරිලි පිට වුනත්.. ඇයට ඕනි වුනේ නෑ ඒ වේදනාව නිසා තමන්ගෙ උත්සාහය අත් අරින්න.

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now