19 කොටස

1.4K 344 76
                                    

"ටේ.... මැණික... බබා... නැගිටින්නකො...."
තමන්ගෙ පපු තුරුලෙ උණුහුමෙ ගිලිලා ඉන්න ටේහ්‍යුන්ගෙ හිසකෙස් මත තමන්ගෙ තොල් තියන ගමන් ජන්කුක් මුමුණකට හීනි කෙදිරියක් නගන ගමන් ටේහ්‍යුන් ඇස් ඇරලා තමන්ගෙ මූණට එබිලා ආදරය උතුර බැල්මෙන් තමන් දිහා බලාගෙන ඉන්න ජන්කුක් දිහා බැලුවා.

"කුකී....?"

"එලිවෙලා මැණික...."
ජන්කුක් කිව්වෙ ජනේලෙන් වැටෙන හිරු කිරණ පෙන්වන ගමන්.

"ම්... මම කුකී ට නැගිටින්න උදව් කරන්නද?"
ටේහ්‍යුන් ඇදෙන් බිමට බහින ගමන් අහනකොට ජන්කුක් ටේහ්‍යුන් දිහා බලලා ගොඩක් ආදරයෙන් හිනා උනා.

"මම බ්‍රෂ් කරන්න ඕනෙ... ටේ ත් පහල බාත් රූම් එකෙන් දත් මැදන් එන්නකො.. වොෂ් දාන්න ඕනෙ වෙනකොට මම කියන්නම්..."
ජන්කුක් ටිකක් කෙලින් වෙලා ටේහ්‍යුන්ගෙ හිස කෙස් අතරට ඇගිලි තුඩු යවන ගමන් මුමුණනනොට ටේහ්‍යුන් එයාගෙ ටූත් බ්‍රෂ් එකත් අරගෙන ඔලුව වනලා කාමරයෙන් එලියට ගියා

මොහොමතකට පස්සෙ ආපහු ජන්කුක් ට වොෂ් කරන්න උදව් කරන්න හිතාගෙන ආයෙමත් කාමරයට ආවා ටේහ්‍යුන් දැක්කෙ බාත් රොබ් එකක් ඇදගෙන ඇඳ උඩ වාඩි වෙලා ඉන්න ජන්කුක්ව.

"මැණික?"
ජන්කුක් ටේහ්‍යුන් දිහාවට අත දිග් කරලා ගොඩක් ආදරෙන් කෙඳිරුවත් ජන්කුක් ගෙ එහෙ මෙහෙ උන බාත් රොබ් එක අස්සෙන් පේන තුවාල කැලැල් දැක්ක ටේහ්‍යුන් ට දැණුනෙ කියා ගන්න බැරි වේදනාවක්.

ටේහ්‍යුන් හැමදාමත් වගේ තමන්ටම දොස් පවරා ගන්න පටන් ගත්තෙ තමන්ගෙ ආදරය මේ කරන අපරාධ වලින් තමන්ට ඔහුව මුදවා ගන්න බැරි උනානෙ කියන වේදනාවට.

"මැණික ලගට එන්නකො..."
ජන්කුක් ආයෙමත් කතා කරනකොට දෙපාරක් නොසිතා ජන්කුක් ලගට ගියපු ටේහ්‍යුන් කකුල් දෙක දෙපැත්තට දාලා ජන්කුක් ගෙ ඔඩෙක්කුව උඩ වාඩි වෙලා උණුහුමට උරහිසින් ඔලුව තියාගෙන ඇස් දෙක වහ ගන්නකොට ජන්කුක් කියා ගන්න බැරි සෙනේහයකින් ටේහ්‍යන්ගෙ ඔලුව අත ගෑවා

"මැණික..."
ජන්කුක් හිමීට මුමුණකොට ටේහ්‍යුන්ගෙ ඇස් වලින් කදුලු කැට කඩාගෙන වැටුනා.

ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓Where stories live. Discover now