Legend of the Secret Island 4

561 136 36
                                    

💖💚💖💚

වෙන් රාජ්‍යය තුල....

"උතුමානනි ඩ්‍රැගන් කිංග් දැන් ඉන්නෙ මිනිස් ලෝකේ. "

"එහෙනම් ඉතින් අපිත් වැඩ පටන් ගමු "   වෙන් රාජ්‍යයේ වත්මන් පාලක වෙන් මාඕ කිව්වෙ කට කොනකින් නගාගත් සිනහවක් එක්ක

"උතුමානනි ඔහු අපෙ උගුලට අසුවෙයිද "
"මොකෝ නැත්තේ ඒ අහිංසක රඟපෑමට කවුද බන් අහු නොවෙන්නෙ .ඩ්‍රැගන් කිංග්ට වුනත් එච්චරයි " එසේ කියූ මාඕගෙ සරදම් හිනාව වෙන් රාජසභාව තුල දෝංකාර දෙන්නට විය.

යීබෝ p.o.v

පිටිපස්සෙන් ඇහුන කටහඬ එක්ක  හැරෙද්දි දැක්කේ ආපහු අර රූපේ මගෙ ඉස්සරහ ඉන්නවා . ආපහු ඇස් අස්සෙ අතරමං වෙන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ . එයාගෙ හඩට ම මං හරි සිහියට ආවා .

"හායි මං හිතන්නෙ ඔයා තමයි අලුත් කෙනා"

"ඔව් මම තමයි " ඇත්තටම මං ඒක කිව්වෙ හිනාවෙලාද රවාගෙනද අනේ මන්දා මං හිටියේ ඒ දිලිසෙන ඇස් අස්සෙ මාවම හොයන ගමන් .

"යමු මාත් එක්ක සර් මට කිව්වා ඔයාව එක්කන් එන්න කියලා "

"හරි යමු අයියා එහෙනම් මං යනවා ඔයා පරිස්සමෙන් යන්න " අයියට සමුදීපු මං එයා එක්ක කොරිඩෝ එක දිගේ ගියා . යන ගමන් එයා කතා කරන්න ගත්තේ අපි අතරෙ නිහඩ බව බිදිමින්.

"ඉතින් ඔයාගෙ නම මොකක්ද මගේ නම ශියාඕ ශාන් "

"අහ් මම වන්ග් යීබෝ හමුවීම සතුටක්" ලගම අය එක්ක ඇරෙන්න මං වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි ඒත් එයා එක්ක දොඩමලු වෙන්න මං ආස වුනා .

"මටත් " එයා එහෙම කියලා හිනා වුනා .  දෙයියනේ ඒ හිනාව හැමදාම වුනත් බලන්න ඉන්න පුලුවන් හිත පිරෙනවා. හා දත් දෙකකුත් තියෙනවා හරියට බනියෙක් වගේ .ඔව් බනියෙක්ම තමයි 'මගෙ බනී' මටත් නොදැනිම මගෙ හිතින් කියවුනා .

ඒ එක්කම අපි ක්ලාස් එකක් ලග නවතිද්දි මං දැක්කෙ අපේ සර් ඒ ක්ලාස් එකේ ඉන්නවා . එහෙනම් මේක අපේ ක්ලාස් එක වෙන්න ඇති මං හිතුවා .ශාන් අවසර අරගෙන පන්තියට ඇතුල් වුනේ මාත් ඒ එක්ක යද්දි . මාව දැකපු ළමයි ඔක්කොම පුදුමෙන් ඇස් ලොකු කරන් හිටියේ ඇයි කියලා මංවත් දන්නෙ නෑ . ශාන් එයාගෙ මේසෙ ලගට  ගිහින් වාඩි වෙද්දි මං සර් ලගට ගිහින් හිටගත්තා.

Legend of the Secret Island [Yizhan Completed  ]Where stories live. Discover now