Legend of the Secret Island 3

Start from the beginning
                                    

දොරටුව ලගට ආපු අපි දෙන්නා  අපේ බලයෙන් අර්ධ මකර ස්වරූපයට වෙනස් වුනා . එතකොට අපේ ඇග මනුස්ස ස්වරූපයෙන් තිබුණත් අපේ අත්තටු විහිදිලා තියෙනවා වගේම ඇස්වල පාට වෙනස් වෙනස් වෙනවා . සාමන්‍යයෙන් මගෙ ඇස් කලු පාට වුනත් මකර රූපය හරි අර්ධ මකර රූපයෙදි හරි ඇස් කොල පාට වෙනවා අයියගෙ ඇස් නිල් පාට වෙනවා.ඉතින් අර්ධ මකර රූපයේ හිටපු අපි දෙන්නා එක පාර පියාපත් දෙක විහිදලා ඇස් පියාගත්තා. එතනින් අතුරුදහන් වුන අපි මතු වුනේ අයියගෙ එපාර්ට්මන්ට් එකෙන් ඒක හරිම ලස්සනයි තැනක්  . මට ඉතින් මගේ ගේ වගේ තමයි .

ආපු හැටිය මං පැන්නේ සෝපා එකට හරියට නිකන් එහෙ ඉදන් මෙහෙට පයින් ආවා වගේ මං දැන් ඉන්නෙ

"ඉතින් දැන් මොකද කරන්නෙ කොහෙන්ද අපි දැන් ඔය කියන කෙනා හොයාගන්නෙ " මගේ ඔළුවේ වද දිදි තිබුන ප්‍රශ්නෙ මන් ඇහුවා .

"එයා ඔයාගෙ මේට් ඒ නිසා මේ මාස දෙක ඇතුලත එයාව ඔයාට අනිවාර්යයෙන් මුන ගැහෙනවා කොහෙ හිටියත් හැබැයි එයාව අදුරගන්න එක ඔයාගෙ වැඩක් . එතකන් ඔයාට කරන්න වැඩක් තියෙන්න එපැයි ඒ නිසා අපි කොලේජ් යමු "

"මොකක් කොලේජ් යන්න ඇයි එ "

"එයා ඉපදිලා තියෙන්නේ ඔයාගෙම අවුරුද්දේ කියලා තමයි හොයාගෙන තියෙන්නේ ඒ නිසා කොලේජ් එකකින් පටන් ගන්න එක හොදයි කියලා හිතනවා "

"හා කවදද ඉතින් යන්නෙ "

"හෙට "

"හෙට? "

"ඔව් මං ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ ඔයාට තියෙන්නේ හෙට යන්න එන්න "

"බලන් ගියාම ඔක්කොම එකතු වෙලා ප්ලෑන් ගහලා මං විතරයි මුකුත් නොදන්නෙ " මං කිව්වේ බොරු අමනාපයකින්

"එහෙම තමයි ඉතින් "

එදා දවසම අයියා එක්ක විකාර කර කර ඉදලා මං ඇදට ගියා . හෙට මොනා වෙයිද කොච්චර මෙහෙ ඇවිත් තිබුණත් මං මිනිස්සුන්ව ළඟින් ආශ්‍රය කරලා නෑ . මොකද අපේ රහස අපි රැකගන්න ඕනි. ඒත් හෙට මං යන්නෙ මිනිස්සු පිරුණු තැනකට අනේ මන්දා.  තව මාස දෙකයි මට පුලුවන් වෙයිද එයාව හොයාගන්න එයා මොන වගේ කෙනෙක් වෙයිද ඔය දේවල් හිත හිතම මං නින්දට වැටුණා ..........................................................................................................

Legend of the Secret Island [Yizhan Completed  ]Where stories live. Discover now