💐Chapter 2💐

184 69 48
                                    

"ඉතින්.."

අර මේසේ උඩ ඉදන් හිටිය කොල්ලා මේසෙන් බැහැලා ලොලි පොප් එකත් කටෙන් එලියට අරන් කිව්වේ කට කොනකින් හිනා වෙන ගමන්..

ඒ කොල්ලා ඒ බිම වැටිලා හිටිය කොල්ලා ලගට ලන් වෙද්දි එයාව පාග ගෙන හිටපු කොල්ලායි වතුර හලපු කොල්ලායි දෙන්නා ඈත් උනේ එයාට බිම වැටිලා හිටපු කෙනා ලගට ලන් වෙන්න..

ඒ කොල්ලා එයාගේ එක දණ හිසක් බිමින් තියලා නැවිලා අර බිම වැටිලා හිටපු කොල්ලා ලගට ලන් වෙලා..

"පාර්ක් ජිමින්.."

ඒ කොල්ලා නම ජිමින්ගේ නම ඇදලා කිව්වේ තවත් හිනා වෙන ගමන්..

ඒ නම ඇහුනාම මගේ ඇස් පුදුමෙන් ලොකු උනේ ඇතුවුන පුදුමෙට..

"මොකක්.."

එයා කිව්වේ ජිමින්..ඇයි..ඒ ලමයට මෙයාලා මෙහෙම ගැහුවේ..එතකොට මෙච්චර වෙලා ගුටි කෑවේ ජිමින්ද??

මොකක්ද එයාලා ජිමින්ට මෙහෙම කරන්න හේතුව..

දන්න තරමින් ජිමින් කියන්නේ ගොඩාක්  නිශ්ශබ්ද කෙනෙක්..එයාට යාලුවෝ කවුරුත් නෑ..කා එක්කවත් එයා මූනක් බලලා කතා කරන්නේ නෑ..ක්ලාස් එකේත් එයා ඉන්නේ තනියම..එයා එක්ක එකම ලමයෙක්වත් කතා කරන්නේ නෑ..

ඒකට හේතුව තමා...

එයාගේ අප්පා මිනීමරුවෙක් උන එක..

ඔව්..එදා ඉදලා තමා ජිමින්ට මෙහෙම විදවන්න උනේ..

ජිමින්ගේ අප්පා කියන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන කෙනෙක්..දවසක් රෑ ගෙදර උන රණ්ඩුවකින් ජිමින්ගේ අප්පා ජිමින්ගේ ඔම්මාට පිහියකින් ඇණලා එයාව මැරුවේ ජිමින්ගේ ඇස් ඉස්සරහාමයි..එදා ජිමින්ගේ ඔම්මා ජිමින්ව දාලා යද්දී ජිමින්ගේ අප්පාට ජීවීතාන්තය දක්වා සිර දඩුවම් නියම උනේ ජිමින්ට කාත් කවුරුවත් නැති වෙද්දී..

ජිමින්ගේ අප්පා එහෙම උනාට ජිමින් කියන්නේ ගොඩාක් වෙනස් කෙනෙක්..කොච්චර වෙනස්ද කියනවා නම් ජිමින් එයාට ගහපු කෙනෙක්ගෙන් එයාට ගහපු අත රිදෙනවාද කියලා අහන්න තරම් අහිංසක කෙනෙක්..ඒ වගේම උණු වෙන හිතක් තිබ්බ කෙනෙක්..

💐𝑴𝒚 𝑮𝒍𝒂𝒅𝒊𝒐𝒖𝒔 𝑭𝒍𝒐𝒘𝒆𝒓 ||𝑷𝑱𝑴|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now