💐 Chapter 1💐

Start from the beginning
                                    

පලවෙනි පීරීයඩ් එකට බෙල් කරද්දි බින් මාවත් ඇදන් ඉක්මනට ක්ලාස් එකට ඇදන් ගියේ මම මගේ හිතත් එක්කම තර්ක කරද්දී..

හරියටම මට මීට අවුරුද්දකට කලින් ඉදන් හැමදාම උදේට මගේ ලොකර් එක අරිද්දී මොනවාම හරි දෙයක් තිබ්බා..

මුලින්ම දවසේ තිබ්බේ පොඩි චිට් එකක්..ඔහොම කාලයත් එක්ක යද්දී ඒ චිට් එකත් එක්ක පොඩි චොක්ලට් , මලක් ඔය වගේ එක එක දේවල් තියන්නත් ඒ කෙනා පුරුදු වෙලා හිටියා..

මුලින් මුලින් මම ඒ තියෙන චිට් එක ගත්තේ බයෙන් බයෙන්..මොකද කවුරු හරි ජෝක් එකක් කරනවාද දන්නේ නෑනේ..ඒ නිසා..

ඒත් ඒකේ අන්තිමට ලියලා තියෙන නමයි ඒ කෙනා ලියලා තියන දේවලුත් එක්ක ජෝක් එකක් කියලා හිතන්න මට තව දුරටත් බැරි උනා..

ඉන්ටවල් වලට කලින් පීරීයඩ් ටික ගෙවුන විදිහ මට ඇත්තටම ලොකු මතකයක් නැ...ක්ලාස් එකේ යේරී කියලා කෙනෙක් හිටියට මගේ හිත තිබ්බේ වෙන තැනක..ඒක සිතුවිලි ගොඩක අතරමන් වෙලා..කොච්චරද කියනවා නම් මැත්ස් උගන්නන සොන්සෙන්ග්නිම් අද මට දෙපාරක්ම බැන්නත් එක්ක..

"යුන් යේරී.."

සෙන් මගේ නම කිව්වත් මට මුලින්ම ඒක ඇහුනේ නෑ..ඒත් මට එහා පැත්තේ හිටපු බින් මට වැලමිටෙන් ඇන්නාම තමා මම කලබල වෙලා වටපිට බැලුවේ..පන්තියෙ හැම ලමයාම මන් දිහා බලද්දී උන ලැජ්ජාවත් එක්ක මම සොන්සෙන්ග්නිම් දිහා බැලුවේ ඇයි වගේ අහන්න..

"නේ සෙන්.."

"මොකක්ද ආන්සර් එක?"

සෙන් මගෙන් ඇහුවේ එයා දාගෙන හිටපු ස්පෙක් දෙකෙ යටින් මන් දිහා බලන ගමන්..

"මොන එකේද සෙන්??"

මම බයෙන් වගේ ආපහු සෙන්ගෙන් අහද්දී සෙන් එයාගේ ස්පෙක්ස් දෙක ගලවලා ඒක ටේබල් එක උඩින් තියලා මන් දිහා තරහෙන් වගේ බැලුවා..

"Excercise 2.1 එකේ 2 nd එකට answer එක මොකක්ද??"

එවෙලේ මම මගේ පොත දිහා බැලුවත් මම ඒ වෙද්දිත් ඒවාට උත්තර ලියලා තිබ්බේ නෑ..ලැජ්ජාවත් බයත් මුසු වෙච්චි කට හඩින් මම බිමත් බලන්..

"චොසොන්හම්නිද සෙන්..මම..ඒක දන්නේ නෑ.."

"ආන්සර්ස් ලියලාත් නෑ..උගන්න එක අහන් ඉන්නෙත් නෑ..වෙන වෙන මනස්ගාත ඔලුවට දාගත්තාම ඕක තමා තියෙන ප්‍රශ්නේ..කිසිම අවධානයකින් නෙමෙයි ඉන්නේ..පුළුවන් නම් මේ පාරත් රෑන්ක් එක බස්ස ගන්න..එතකොට හොදයි..සල්ලි තියෙන නිසා හිතන් ඉන්නේ හැමදේම හරි කියලා.."

💐𝑴𝒚 𝑮𝒍𝒂𝒅𝒊𝒐𝒖𝒔 𝑭𝒍𝒐𝒘𝒆𝒓 ||𝑷𝑱𝑴|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now