Mister CEO 💌❣️- 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 𝟶𝟽

1.2K 262 11
                                    

Mister CEO ❣️💌❣️

❣️💌 .. Life Plays a
    Sweet Melody
And
    He Dances
To Its Tune .. 💌❣️

[07]

____________❣️____________

🦁 [WANG YIBO]

නින්දෙන්ම YiBo ⁣ට දැණුනේ පපුව උඩ මොකක් හරි තියනවා වගේ. කොල්ලා අතින් අයින් කරන්න හැදුවත් ඒක හරි ගියේ නැත්තේ බරට දැණුන දේ එහෙට මෙහෙට වෙනවා දැනෙද්දි. කොල්ලගේ ඇස් දෙක ලාවට ඇරුණේ මේ මොන මගුලක්ද මේ කියලා බලන්න. වෙනදට YiBo ඇහැරවන්නේ ශීලා. ඒත් අද ශීලාගේ මෙලෝ සද්දයක් නැති නිසා කොල්ලා හිමින් හිමින් ඇස්දෙක ඇරියේ ඇස් දෙක ඇරිය ක්ෂණිකයෙන් ආපහු වහගෙන.
'මේ මොන මඟුලක්ද මේ..?'

බ්ලොන්ඩ් කලර් කොණ්ඩයක් තමන්ගේ පපුව උඩ එහෙ මෙහෙ විසිරිලා තියනවා දැක්ක YiBo පපුව උඩ නිදාගෙන හිටිය රූපේ අතින් අහකට තල්ලු කරේ තමන්ගේ නිරුවත් සිරුර බෙඩ්ශීට් එකෙන් ⁣වහගන්න ගමන්.
'Who the fuck is this..?'

කොල්ලා එතන නිදා⁣ගෙන හිටිය ගර්ල්ගේ මූණට වැටිලා තිබ්බ කොණ්⁣ඩේ අයින් කරේ ඊටපස්සේ දැක්ක රූපේට කොල්ලගේ කට ඇරෙද්දි.

"..ඔහ් ශිට්!"

YiBo ට කියවුනේ හයියෙන්. කලින් දවසේ රෑ ස්ටේසි ආවා නේද කියලා මතකෙට ආවේ කොල්ලගේ කට ඇදවෙද්දි. එහෙම්ම ඇඳෙන් නැගිටපු YiBo බෙඩ්ශීට් එකත් පටලන් ගෙස්ට් රූම් එකෙන් එළියට ආවේ ඇතුළේ නිදාගෙන ඉන්න ස්ටේසි ගැන ගාණක්වත් නැතුව. ඒත් එක්කම කොල්ලට මතක් වුනේ කී එක. කොල්ලා දඩබඩ ගාලා ආපහු රූම් එකට ගිහින් ස්ටේසිගේ හෑන්ඩ් බෑග් එක අදින්න ගත්තේ කී එක හොයන්න. අස්සක තිබිලා කී එක හොයාගත්ත YiBo රූම් එකෙන් එළියට ආව ගමන් ඇහුණේ ශීලාගේ කටහඬ.

"..Good morning Mr. Wang.."

කොල්ලා මුකුත් කියන්නේ නැතුව අත උස්සලා පෙන්නුවේ මාස්ටර් බෙඩ්රූම් එක. ලාවට ඔළුව නමපු ශීලා කෙලින්ම කිචන් එකට ගියේ YiBo මාස්ටර් බෙඩ් රූම් එකට යද්දි.

බෙඩ් රූම් එක ඇතුලට යන්න කලින් පටලන් හිටිය බෙඩ් ශීට් එක එළියට විසි කරලා ඊටපස්සේ දොරත් ලොක් කරගෙන YiBo රූම් එක ඇතුළට ආවේ සම්පූර්ණ නිරුවතින්.

"..ශිට්! ශිට්!! ශිට්!!!.."

YiBo නිරුවතින්ම කාමරේ එහෙටයි මෙහෙටයි ඇවිදින්න ගත්තේ කොණ්ඩේ ඇද ගන්න ගමන්.

Mister CEO 💌❣️Where stories live. Discover now