04~

630 171 30
                                    


ඔයා මොකද හිතන්නෙ.. ඊට පස්සෙ මොකක් වෙන්න ඇති ද.. හැම ආදර කතාව වගේ ම ලස්සන අවසානයක් ද.. සුරංගනා කතාවල වගේ කුමාරයයි කුමාරියි සතුටින් ජීවත් උනා කියල ද..

නෑ කියන්න බෑ.. එකට ජීවත් උනේ නැතත් අපි සතුටින් උන්නා.. මං ඔයාට ඒක කිව්ව නෙහ්.. ඒත් ඒ මගේ කේන්දරේට හෙනහුරා එනකන් විතරයි..

ඔහොම බලන්න එපා.. මට හිනා යනවා.. ඔව් හිනා යනව.. මගේ මූසලකම ම මගේ ජීවිතෙන් මගේ සතුට ඈත් කරද්දි හිනා යන්නෙ නැද්ද..

හරි මං ආයෙත් කතාවට එන්නම්.. එදා හවස මාව බදා ගෙන ගොඩක් වෙලා හිටියා.. එයා අඩන්නෙ මොකට ද කියල මං අහන්න ගියේ නෑ.. ඒත් මට දැන් හිතෙන්නෙ නැති වෙලාවක් නෑ ඇයි මං එවෙලෙ එයා අඩන හේතුව ඇහැව්වෙ නැත්තෙ කියල.. එහෙම උනා මීට වඩා මගේ හිත හදා ගන්න තිබ්බ.. එයා මට කිව්ව එයාට සමාව දෙන්න කියල.. එයා මට ආදරෙයි කිව්ව.. මං එයාට එයාගෙ හිතේ තියාගෙන ඉන්න හැමදේම කියන්න දීල නිකන් හිටිය උනත් එයා කිව්වෙ ඒ තුන විතරක් වෙද්දි එයාට ටික වෙලාවක් මගේ උරහිස උඩම නින්ද ගියා..

එයා හම්බවෙලා පළවෙනි වතාවට මගේ හිතට හරි අමුතු හැගීමක් දැනුනා.. ඒක හරි මූසලයි වගේ.. ඉතින් මං ජීවිතේ පළවෙනි වතාවට ප්‍රාර්ථනා කලා මොකුත් හොද නැති දෙයක් වෙන්න එපා කියල..

එයා ඇහැරුණේ එයා ෆෝන් එක රින්ග් වුණු නිසා.. ඒකට උත්තර එඉදියට එයා දුන්නෙ එක වචනයයි..

"Okay.. "

හොදටම ඉංග්‍රීසි බැරි උනත් ඉස්කෝලෙ ගියපු පිහිටෙන් මට එයා කියපු එක තේරුම් ගන්න බැරි කමක් තිබ්බෙ නෑ..

ඒ ගමන් ම එයා මගේ මූණ දිහා බැලුවා.. ඒ බැල්ම කවදාවත් මං එයාගෙන් දැකල තිබ්බෙ නෑ.. ඒක කියාගන්න බැරි ආදරණීයක් හිනාවක්.. ලස්සනයි.. ම්හු නෑ.. සුන්දරයි..

දැන් ඉතින් පරණ තැටියමයි..

" මං යන්නම් ද.. "

" හරි චූටි.. "

" පරිස්සමෙන් ඉන්න සුදු අයියේ.. ගිහින් මං කෝල් එකක් දෙන්නම් හොදද.. "

" ඔයත් පරිස්සමෙන්.. නාන්න එපා අද.. මුහුදු හුළං වැදිල අඩල නෑවොත් ලෙඩ වෙයි.. "

...මෝසම්... [ Complete ]Where stories live. Discover now