..
..
..
..
..
..
..
..
..
..
..
..
..
..
..
..
..
..

ඒත් එදා විතරයි එයා වචන කීපෙකට කොටු උනේ.. ඊට පස්සෙ ගොඩක් දවසට එයාව මට මගේ බංකුව ළග දි මුණ ගැහුනා..

එදායින් පස්සේ මගේ ජීවිතේ මං ඇසුරු කරන්න ආස කරා නම් කරපු එක ම මනුස්සයා උනේ ඉවීෂ්.. නැත්තං මගේ චූටි.. ඒත් කවදාවත් එයා මට එයාගෙ මුළු නම ම කිව්වෙ නෑ.. මං අහන්න ගියෙත් නෑ.. එයාගෙ හැමදේම එයා මට කිව්ව.. ඒක ඇරෙන්න.. මටත් වඩා මං එයා ව විශ්වාස වෙද්දි මං මොකට ද එයා මට කියන්නෙ නැති දෙයක් බලෙන් අහන්න යන්නෙ.. එයා කැමති නම් මට කියාවි.. ඔයා අහාවි නිකමටවත් අහ්න්න හිතුනෙ නැද්ද කියල.. නෑ මට අහන්න හිතුනා.. ඒත් ඇයි මොකට ද කියන්නෙ නැති දෙයක් මං අහන්න යන්නෙ.. එයාට ඒක හේතුවක් ඇති නේ ද.. මං එයාගෙ පැත්තෙන් බලල එයාව සදාධාරණීකරණය කරනව.. මොක ද මං වගේ ම එයත්.. එයා වගේ ම මමත්.. ආදරේ කරනවා.. හෙන ගොඩක්..!!

සම්මතය ගැන ද හිතන්නෙ.. අප්පිරිය කරන්න ද යන්නෙ.. ලැජ්ජාවක් නෑ කියල ද කියන්න යන්නෙ.. කමක් නෑ.. ඒ තේරීම ඔයාගෙ.. මට ඒක අදාළ නෑ.. මගේ හිත නැවතුනෙ එතන.. ඉතින් මං නැවතුනෙත් එතන.. මේ මගේ ජීවිතේ වෙද්දි මං කාටවත් අයිති නොවෙද්දි මගේ කියන දේ තෝර ගන්න විතරක ඇයි මං සමාජයක් කියන සම්මතයක් ගැන හිතන්න ඕන.. මං ඔයාගේ අදහස වැරදි කියන්නෙ නෑ.. මට ඒක අදාලත්වයක් නෑ.. ඒත් මේක මට කියල ඉන්න.. වදපු ළමයා කුණු කූඩෙට විසි කරල යන එක සම්මතයි ද.. ඒක හොදයි ද.. ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි ද.. ඒකට උත්තර දීල ඉන්න.. ප්ලීස්.. ඔයා ඔයාගෙ තීරණේ ඉන්න.. ඒත් අනිත් අයගෙ පැත්තෙනුත් හිතල බලන්න..

මොනව උනත් එයා හරි ම දග කොල්ලෙක්.. එයාට තිබ්බෙ එසේ මෙසේ විසයක් නෙවෙයි.. මං ඒ හුරතල් කමට ඒ දැගලිල්ලට ආස කලා හෙනට.. ඒ වගේ ම එයා එයාගෙ නිදහස උපරිමෙන් ම වින්ද.. මගෙන් බාදා උනේ නෑ ඒකට.. හැමවෙලේ ම මූණට මූණ බලාගෙන කතා කලේ නැත්තත් මගෙ බට්න් තිබ්බ නොකියා ෆෝන් එකෙන් කතා කරපු විනාඩි කීපය අපි දෙන්නට හොදට ම ඇති උනා.. මොක ද ඒ අස්සෙ මෙච්චරක් කියන්න බැරි තරං ආදරයක් තිබ්බ..

හැබැයි එයා මං වගේ නෙවෙයි.. එයාට හොදට සල්ලි තිබ්බ.. හැමදාම බැරි උනත් ගොඩක් දවසකට එයා මට මොනව ම හරි අරන් ආවා.. ඔයාට පේනව ද මේ දැන් මං දාගෙන ඉන්න වේව්ස් දෙක.. ඒකත් එයා දීපු දෙකක්.. එච්චර වටින සෙරෙප්පු දෙකක් දාන්න තරම් මං වටින කෙනෙක් නෙවෙයි කිව්ව ම එයාගෙන් මට ලැබුනේ

' ඔයාට වටින කෙනාට විතරක් ඔයා වටින කෙනෙක් උනා ම මදි ද..? '

කියන උත්තරයක්..

ඒකෙන් එයා කිව්වෙ මං එයාට වටින කෙනෙක් කියන එක වෙද්දි මං කොහොම ද ඒ තෑග්ග භාර නොගෙන ඉන්නෙ.. ගොඩක් කතා කිව්වෙ නැති උනත් කියපු ඒ වචන ටිකෙන් මාව ගොළු කරන්න එයාට පුලුවන් වෙද්දි මට අනිත් පැත්තට එයාට මුකුත් කියා ගන්න බැරි වුනා.. මට ඒ තරං වටින දෙයක් දෙන්න බැරි උනත් එයා ඒ කිසිම දෙයක් හිතුවෙ නැතුව මාව තේරුම් ගත්තා.. එයා එදා ඒ සෙරෙප්පු දෙක දුන්නම මගේ මුණේ තියන හැගීම් කියවන්න එයාට හොදට පුලුවන් උනා..

" ඒක තෑග්ගක් නෙවෙයි.. මං කැමති නෑ කවුරුත් ඔයාගෙ දිහා බලල හිනා වෙනවට.. මට ඕකට වෙන දෙයක් ඕන.. ණය ගෙවන්න වෙයි.. "

මං දන්නෙ නෑ එයා කොහොම ද මගේ සෙරෙප්පු දෙකට අනිත් අය හිනා වුණේ කියල දැන ගන්න ලැබුනෙ කියල.. එයා ඒකට අකැමති උනා වගේ ම මගෙන් අනිත් පැත්තට දෙයක් ඉල්ලුව.. අවංකව ම මං බය උනා.. මට දෙන්න බැරි දෙයක් එයා ඉල්ලුවොත්..

" එකාපාරක් මාව හග් කරන්න පුලුවන් ද.. "

ආදරේ කරාට කවදාවත් අතින් එහාට අල්ලල නැති එයා මගෙ ඇහැව්වෙ එයාව බදා ගන්න පුලුවන් ද කියල.. මං ටිකක් වෙලා එයා මූණ දිහා බලාගෙන හිටියා..

" ඔයා අකමැති නම් එපා.. මං නිකන් කිව්වෙ.. "

එයා හිතුවෙ මං එයාව බදා ගන්න කැමති නෑ කියල.. හිනා වෙලා කමක් නෑ කියල කිව්වත් එයාගෙ දුක ඇස්වල තිබ්බ කදුළු වලින් පෙනුනා.. එයා අකමැති වේවි කියල හිතල මෙච්චර කල් මං එයාව ඇල්ලුවෙ නැති උනාට එයා එකපාරක් හරි ඒක බලාපොරොත්තු වෙලා තිබ්බ..

ඉතින් ඇයි මං තවත් පරක්කු වෙන්නෙ.. එක පාරින් මං එයාව බදා ගත්තා.. කවුරුහරි එයාව අරන් යයි වගේ මං මගේ අත් දෙකෙන් ම එයාව වහගත්ත..

එයාගේ මූණ තිබ්බෙ මගේ බෙල්ල අස්ස වෙද්දි එයාගෙන් පිටවෙන හුස්ම වල රස්නෙ වැඩි වෙලා වගේ දැනුනා වගේ ම එයා ගැස්සෙන්න ගත්තා.. මං එයාගෙ මූණ මගේ අතරට ගත්තත් එයාගේ අත් තාමත් තිබ්බෙ මගේ ඇග වටේ එතිල.. මං එයාව බදාගෙන විනාඩියක් වගේ උනත් ඒ ටික වෙලාවට එයාගෙ සුදු මූණ පොඩ්ඩක් රතු වෙලා තිබ්බ..

අද විතරක් ඔයාට අඩන්න දෙන්නම්..





••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

තව දෙකයි..!!

...මෝසම්... [ Complete ]Where stories live. Discover now