|02|

921 189 16
                                    

𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 •02•

මේ වෙනකොට මමයි ඒලියන් හියුනුයි අඳුරගෙන මාස ගානක් වෙනවා...එයා හැමදාම මන් එක්ක කතා කරනවා....මට ඇහිල තියෙනවා කොලේජ් එකේ හුඟක් අය මට බනිනවා...ඉඳල ඉඳල හොඳම අත්ත අල්ලගෙන කියලා....

එතකොටනම් මම හුඟාක් අඬනවා....

දවසක් ඒලියන් හියුන් කිව්වා එයා මාව බයික් එකේ ගෙනිහින් දාන්නම් අනාත නිවාසෙට කියලා....

දන්නවද !!? එදා තරම් සතුටු වුනු දවසක් මගේ ජීවිතේටම නැහැ...

වෝ...ඒකෙ යද්දි නිකන් පාවෙනවා වගේ...බස් එකේ යනවටත් වඩා හුලං ගොඩාරියක් ආවා...

ඒලියන් හියුන් කිව්වා එයාව තද කරලා අල්ලගන්න කියලා...මාත් හියුන්ව තද කරල අල්ලගත්තා...

වෙලාවට අල්ලගත්තේ..නැත්නම් මාව හුලඟට ගහං යනවා...හී🤭

හියුන් දන්නවා මම අනාතයෙක් කියලා...මගේ හැමදෙයක්ම හියුන් දන්නවා...

ඒත් මම තාම එක දෙයක් දන්නෙ නැහැ..ඒ එයාගෙ නම...හැමවෙලේම හම්බවෙලා හියුන් එක්ක කතා කරත් මම තාම හියුන්ගේ නම අහලා නෑ....

ම්...හැබෑ මට ඇහිල තියෙනවා එයාගේ යාලුවෝ එයාට ටේ කියලා කතා කරනවා...

එතකොට හියුන්ගෙ නම ටේද !?🙄

-"චිම් මොන ලෝකෙද හිටියෙ පැටියො"

අම්මෝ..මේ ඒලියන් හියුන්නම් මාව බයකරලමයි වෙලාවක මරන්නෙ...

-"අම්මෝ හියුන් බයවුනා මන්"

-"මොනාද කල්පනා කරේ..."

-"හියුන්ගෙ නම මොකක්ද හියුන්"

-"චිම් ඔයා වීලු කරනවද පැටියො"

-"ආනියා..ඇත්තටමයි ඇහුවෙ හියුන්..මට ඇහිල තියෙනවා හියුන්ට ටේ කියලා අනික් හියුන්ලා කතා කරනවා...ඒත් සම්පූර්ණ නම දන්නෙ නෑනි මන්"

මම එහෙම කිව්වම ඒලියන් හියුන් එයාගේ ලස්සනම ලස්සන පෙට්ටි හිනාව දාලා මගේ කොන්ඩේ ඇවිස්සුවා..හැබෑ ඕකට තමා හියුන් මම කැමතිම නැත්තේ...මේ කොන්ඩේ කොච්චර අමාරුවෙන්ද පීරන්නේ කියලා මමනේ දන්නේ...මම හියුන්ටත් ඔරෝ ඔරෝ කොන්ඩේ ආයේ හදාගත්තා...

WE [vminkook complete✔️]Where stories live. Discover now