මනොබාල්

666 81 84
                                    

එකල වැන්හන් රාජ්‍යයේ මහරජතුමාට දාව කුමරුන් පස් දෙනෙක් උපත ලැබූ නිසා සාධාරණව රාජ්‍ය පාලනය ලබා දීම උදෙසා මහරජු වැන්හන් රාජ්‍ය කොටස් පහකට බෙදා තම පුතුන් පස් දෙනා වෙත පැවරුවා.

ඒවා,
•කැමරන් රාජ්‍ය,
•කෝඩ්‍රන් රාජ්‍ය,
•සෙන්ජෙල් රාජ්‍ය,
•යිරිසන් රාජ්‍ය,
•යුහාන් රාජ්‍ය විය.

එම එම රාජ්‍යයට ආවේනික මැණික් ගලක් වැන්හන් රජු තම පුතනුවන්ට ලබා දුන්නේ තම තමන්ගේ රාජ්‍යයේ අනන්‍යතාවක්‌ ලෙසයි.

එම මානික්‍ය අයිති තැනැත්තා රාජ්‍යයේ පාලකයා ලෙස ජනතාව සැලකුවා.

දශක ගණනාවක් යන තුරු රාජ්‍යයන් පහ සාමකාමීව පැවතුනත් යුහාන් රාජ්‍යයේ කිරුළ හිමි ජෙන්සායි කුමරු, රජ කමට පත් වූ දින සිට ඔහුගේ අරමුණ වූයේ අනෙක් රාජ්‍යයන් හතරම යුවාන් යටතට ගැනීමයි.

එහි ප්‍රතිපලයක් වශයෙන් සෙන්ජෙල් හා යිරිසන් රාජ්‍යයන් ද්විත්වයේ මානික්‍ය අයිති කරගත් යුහාන්හි ජෙන්සායි රජු එම රාජ්‍යයන් දෙකේ පාලකයා බවට පත් වීමෙන් යුහාන්, රාජ්‍යයේ සිට අධිරාජ්‍යක් බවට පත් වුණි.

ඔහුට යටත් කරගැනීමට ඉතිරිව තිබුනේ කැමරන් හා කෝඩ්‍රන් මානික්‍යන් පමණක් විය.

සියළුම රාජ්‍යයන් අත් පත් කර ගැනීමට ජෙන්සායි හට උපකාර කලේ ඔහුගේ රහසිගත ඔත්තුකරුවෙකු වූ ඔහුගේ නැගණිය විය. රිදී මෙන් අළු පැහැති දරුණු ඇස් හා මුහුණ හඳුනාගත නොහැකි වන ලෙස මුව වටා බැඳ තිබූ රෙදි කඩ නිසා ඇය හට තිබුනේ බෙහෙවින් අභිරහස් හා බිහිසුණු පෙනුමක්. කිසිවෙක් හට ඇය දෙස හිස ඔසවා බැලීමටවත් ශක්තියක් තිබුනේ නෑ. ඇය නමින් 'මනොබාල්' විය.

*ජෙනී කිම්

කැමරන් රාජ්‍යයේ මහ රැජින වූ ජෙනී කිම් බොහොම බුද්ධිමත් හා රණශුර කාන්තාවක් විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කැමරන් රාජ්‍යයේ මහ රැජින වූ ජෙනී කිම් බොහොම බුද්ධිමත් හා රණශුර කාන්තාවක් විය. කිසිවෙකුට හිස නවන අයෙකු නොවූ ඇය කැමරන් රාජ්‍ය ඉතාමත් සශ්‍රික රාජ්‍යක් බවට පත් කළා.

*ලලීසා

කොඩ්‍රන් හි කුමරිය හට සේවය කරන ඇගේ පෞද්ගලික සේවිකාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කොඩ්‍රන් හි කුමරිය හට සේවය කරන ඇගේ පෞද්ගලික සේවිකාව. කිසිවෙක් සමග වැඩි කතාබහක් නොමැති චරිතයක්.

*ජිසූ කිම්

කැමරන් හි නයිට් පදවිය ලැබූ පළමු හා එකම කාන්තාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කැමරන් හි නයිට් පදවිය ලැබූ පළමු හා එකම කාන්තාව. ජෙනී ගේ ළගම මිතුරියක්.

*රොසානන්

කොඩ්‍රන් හි එකම කුමරිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොඩ්‍රන් හි එකම කුමරිය. සැහැල්ලු නමුත් බුද්ධිමත් චරිතයක්.
.

.

.

.

.

ප්‍රේමය ද? පක්ෂපාතිත්වයද?

ඔබ කුමක්ද තෝරාගන්නේ?

ජෙනී කිම් :- ආදරය...

ලීසා :- පක්ෂපාතිත්වය...

ඔවුන් අතර තිබුනේ වෙනස්ම බැඳීමක්...

සෑම කතාවකම වීරයෙක් හා හතුරෙක් කියා දෙදෙනෙක් සිටිනවා..
.
.
.
නමුත් දෙදෙනාම එක් අයෙක් වුවොත්.. කුමක් සිදු වෙයිද?


පළමු කොටසෙන් හමුවෙමු.....

හෙට ඉස්කෝලේ යන්න තියෙද්දී කතාවක් පබ්ලිෂ් කරන්න මට‍ පිස්සුද?

කොටස් පහක් විතර ලියල පලවෙනි කොටස දෙන්නම්.

මනොබාල් [GL](Slow Updates)Where stories live. Discover now